19 හිල සනාතයි.. මහින්ද මීලග ජනාධිපතිවරණයට.. සදුදා විශේෂ මාධ්‍ය හමුවක්.. බටහිර තානාපතිලා කැළඹෙති..

August 18, 2018 at 9:20 am | lanka C news
19 හිල සනාතයි.. මහින්ද මීලග ජනාධිපතිවරණයට.. සදුදා විශේෂ මාධ්‍ය හමුවක්.. බටහිර තානාපතිලා කැළඹෙති..

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට තරග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොහැකියාවක් නොමැති බවට ඉදිරිපත්ව ඇති නීති විශාරද මතයන් අනුව ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා නීති විශාරදයන් කළ පුළුල් අධ්‍යයනයන්ට අනුව මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය හැකි බව, බැලූ බැල්මට පෙනී ගොස් ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

අදාළ කරුණු සම්බන්ධයෙන් 20 දින මාධ්‍ය හමුවක් පවත්වා දීර්ඝ ලෙස මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට බලා‍පොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

යම් හෙයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වර තරග කිරීමට හැකියාව ඇති වන්නේ නම් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද තෙවැනි වරටත් තරග කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

මේ වන විට නීති විශාරදයින්ගේ මතය වී ඇත්තේ එළැඹෙන ජනාධිපතිවරණය 2019 අගභාගයේදී කැඳවිය යුතු බවයි.

මේ අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ ගමන අඩාළ කිරීමට ගත යුතු පියවර පිළිබඳව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයකම තානාපති නියෝජිතයන් මෙරට රජයේ බලධාරීන් සමග පසුගිය සතියේ නැවත වරක් සාකච්ඡා පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වේ.

මහින්ද පිලට අවාසියක් සිදුවන ආකාරයට පළාත් සභා මැතිවරණය ප්‍රමාද කළ යුතු බවටද බටහිර තානාපති නියෝජිතවරුන් රජයට යෝජනා කර ඇත බව වාර්තා වේ.

– rivira

38,404 Viewers

10 Comments to “19 හිල සනාතයි.. මහින්ද මීලග ජනාධිපතිවරණයට.. සදුදා විශේෂ මාධ්‍ය හමුවක්.. බටහිර තානාපතිලා කැළඹෙති..”

  1. මාල රෝහිත says:

    ජි.එල් මහත්තයාගේ නීති තර්කයක් නම් ඉතින් අපිට බඩුම තමයි. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න….

    • මහරගම බන්දුල says:

      නාමල් නීති විශාරද තුමාගෙන් උපදෙස් ගත්ත නම් හරිනෙ.

    • Wijebahu says:

      Do we seriously need this guy back to run the country? People should not think from their hearts and should use their brains. Even with setbacks and weaknesses yahapalanaya is taking the country at right direction. So people should let them run the country at least for a another term. Otherwise back to the same old story where gangs like blue brigade runing the country as they wish.

  2. Ranjan says:

    UNP/SLFP should not fear they have Ranil or Chandrika as candidates. One horse race. Have elections for the Provincial Councils. Be brave. Show your strength Kaiwaru one neha.

  3. Saradiyel says:

    If it is so, Ranjan you are correct. One horse race .
    .

  4. Tikiri says:

    මහින්ද රාජපක්ෂ මහතාට නැවත තරග කිරීමට අවස්ථාව ලැබේ වායි ඉත සිතින් ජය පතමු.

  5. LION voice says:

    Mother Lankawata jayama wewa….with a MR, GR, Rajapaksha government to put Sri Lanka right back on TOP of the WORLD…..counting the minutes for that GREAT BIG DAY..……jayen jayama wewaaaaaaaaaaaa!!!!!!!!!!!!

  6. ප්‍රභූ says:

    නිතිය ගැන මුකුත් නොදන්නා GL පප්පා අලුත්ම නීති තර්කයක් ගෙනල්ලා; මහින්ද මහතාණෙනි අහු නොවන්න

    • Jagath says:

      He is a qualified genuine professor and has a sound knowledge in law, are you a professor in law ! ?

  7. Raawanaa says:

    Seat belt neethiya genna kalin waahana gaththa evuntayi me kiyanne,…….Belt eka nodamaa dhaawanaya karapallaaaaa. polisiyen elluwoth kiyapalla, mama me waahanaya gaththe , oya neethiya gena enna kalin. oya neethiya balapaanne anaagathye waahana ganna ayata witharayi kiyala. ohoma yamu. makaa aawath Nil,Kola Rathu natapu naadagam ethi awurudu 70 k thisse. theeranaya ape athe.

Main News