1948 ඩි.එස්.ගේ සිට මහින්ද රජය දක්වා ගත් සියලු ණය බිලියන 7,341යි.. රනිල්-මෛත්‍රී යුගයේ අද වනවිට බිලියන 10,269යි… 40% වැඩි කරයි..

January 23, 2018 at 11:20 am | lanka C news
1948 ඩි.එස්.ගේ සිට මහින්ද රජය දක්වා ගත් සියලු ණය බිලියන 7,341යි.. රනිල්-මෛත්‍රී යුගයේ අද වනවිට බිලියන 10,269යි… 40% වැඩි කරයි..

1950 දි ශ්‍රීලංකාවේ දල දේශිය නිශ්පාදනයෙන් (GDP) 17% වූ ණය ප්‍රමාණය 1960 වනවිට 34% දක්වාත් 1970 දි 64% දක්වාත 1980 දි 77% දක්වාත් 1990දි 97% දක්වාත් වැඩි විය. නිදහස් ශ්‍රී ලංකාවේ පලමු වරට රටේ දල දේශිය නිශ්පාදනය අභිබවා එනම් 106% දක්වා ණය ප්‍රමණය ඉහල ගොස් රටේ සමස්ථ ආර්ථිකයේ රිනාත්මක තත්ත්වයකට පත්වූයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේය.

1948 නිදහසෙන් පසුව ශ්‍රීලංකාවේ මෙතෙක් තිබූ සෑම රජයක්ම රටේ වියදම් පියවාගැනිම සඳහා වාර්ෂිකව දෙශියවත් විදේශීයවත් ණය ලබාගෙන ඇත. ජාත්‍යන්තරව ණය දෙන ආයතනයන් වන ලෝක මූල්‍ය අරමුදල, ලෝක බැoකුව, අසියානු සoවර්ධන බැoකුව මෙන්ම වීදේශිය ණය ලබා දෙන ආයතන හරහා ණය ලබාගන්නා අතර දේශීයව මහාභාන්ඩාගාර බිල්පත් මෙන්ම රාජ්‍ය සම්පත් විකිණීමෙන් මුදල් ලබාගැනිම කරයි.

2005 මහින්ද රාජපක්ෂ යුගය ඇරැඹූ අතර රටේ ත්‍රස්තවාදී යුද්ධයේ බිහිසුනුම අවස්ථාවට මුහුණ දෙමින් කොටි ත්‍රස්තවාදීත් ශ්‍රීලංකාවෙන් තුරන් කිරීම 2008 වන විට අවසන් කොට ශ්‍රීලංකාවේ සාමය දීර්ඝකාලීන ස්ථාපිත කරන ලදි. ඒ අනුව ණය ප්‍රමාණය එම වසරේ 82% ක්ද ඉන් පසුව වාර්ෂිකව අඩු කරමින් 2014 වර්ෂය වන විට ශ්‍රීලංකාවේ දල දේශිය නිශ්පාදනයෙන් GDP න් 71% දක්වා ණය ප්‍රමාණයකට අඩු කර ගන්නා ලදි මෙය ශ්‍රීලංකාව 1977 ට පෙර තිබු තත්ත්වයයි.

මේ අවදියේ ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය, කෙරවලපිටිය තාප විදුලි බලාගාරය සහ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය, දකුණු අධිවේගය, කටුණායක එක්ස්ප්‍රස් වේ, හම්බන්තොට වරාය මත්තල දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, දකුණු කොළඹ වාරය සoවර්ධනය නිම කොට තිබූ අතර කොළඹ පෝර්ට් සිටි ව්‍යාප්තිය උතුරු අධිවේගය හා සාම්පුර් ගල් අඟුරු විදුලි බලාගාර සඳහා මූලික කටයුතු ආරම්භ කොට තිබුනි.

එමෙන්ම පොහොර සහනාධාරය, පාසැල් නිල ඇදුම්, ග්‍රාමීය සoවර්ධනය, පාරවල් කාපට් කිරිම්, ගම නැගුම, පුර නැගුම, එක ගමකට එක වැඩක් මෙන්ම කෘෂිකර්මය හරහා අපි වවමු රට නගමු වැනි වැඩසටහන් රාශියක් මෙයට සමගාමීව ක්‍රියාත්මක කරන ලදි.

එහෙත් නව රජය 2015 ජනවාරි 8 වෙනිදා පැමිණිමෙන් පසුව නැවතත් අපේ රටේ දල දේශිය නිශ්පාදනයෙන් ණය ප්‍රමාණය ඉහළ යෑමට පටන් ගෙන ඇත. 2015 වසරේ ආරම්භය වනවිට ශ්‍රීලංකාව නිදහසින් පසුව ලබා ගෙන තිබු සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,341 කි.

එහෙත් එම ප්‍රමාණය 2017 සැප්තැම්බර් 30 වෙනිදා වනවිට රුපියල් බිලියන 10269 දක්වා වැඩි වී ඇත. එය දල වශයෙන් රනිල්-මෛත්‍රී ආණ්ඩුව රුපියල් බිලියන 3000 කින් වැඩි කොට ඇත. මෙ බැව් පසුගිය ඉරිදා “සන්ඩේ ටෛම්ස්” පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය පාඨය ලෙස ගෙන හැර දක්වා ඇත. එනම් 2014 දක්වා මෙරටේ තිබු සියලුම ආණ්ඩු ලබා ගත් සමස්ථ ණය ප්‍රමාණයට වඩා සීයයට 40% වැඩි වීමකි. මහින්ද රාජපක්ෂ ගත් ණය ගෙවීමට යයි කියා පැමිණි ආණ්ඩුව එදා තිබු ණය ප්‍රමාණය සතයකින්වත් අඩු නොකොට හම්බන්තොට වාරය විකුණා ගන්නා මුදල මෙන් 25 ගුණයකට වඩා ලබා ගෙන ඇහැට පෙනෙන කල කිසි දෙයක් නොමැත.

9,177 Viewers

5 Comments to “1948 ඩි.එස්.ගේ සිට මහින්ද රජය දක්වා ගත් සියලු ණය බිලියන 7,341යි.. රනිල්-මෛත්‍රී යුගයේ අද වනවිට බිලියන 10,269යි… 40% වැඩි කරයි..”

  1. කමක් නෑ අවුරුදු 20 ක් වේලිච්ච එකේ අලුතින් වාහන තව ඉඩකඩම් මේ අවුරුදු 5 ඇතුලත තව අවුරුදු 20 ට ගාන හොයාගන්න එපාය මෙන්න මේකට තමයි කියන්නේ යහපාලනය කියා???????????

  2. Nandasoma Suriyaarachchi says:

    රනිල් කෑ ගහන්නෙ ණය බර අඩු කලා කියල….!

  3. samuvel says:

    අන්න බන් මාර වැඩක් , ලොකු තැන පත්තරේ බලනවා. ඕකේ නැද්ද දන්නේ නෑ එක රටක පලවෙනි ලොක්ක වැරදි කරපූ උන්ට දඬුවම් දෙන්න පොඩි ලොක්කගෙන් ශක්තිය ඉල්ලනවා කියලා.

  4. Raawana says:

    1948 indala me rata hema ekaama kewa. Sudda hadapu rail track ekak dik karaganna puluwan unaada? Opanaayakata duwapu Train eka gelewwa.Udu pussellaawata train giya bawa dannawada? me rate wathu tika winaasha kalaa. minisunge Tax mudal horaa kewa.

  5. Gracian says:

    බලයට ආපු රජයන් මොකුත්ම කලේ නැද්ද
    රනවක
    71 ඉදළ නේද මේ රටට සාපෙ වැදුනේ
    තාමත් ඔය හොල්මන් රට විනාස කරනවා නේද

Main News