‘20’ ගෙනා ජවිපෙ අමාරුවේ.. ජනමත විචාරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝජ… ජනාධිපතිවරණයටත් තරග වදින්න වෙයි..

September 18, 2018 at 4:40 pm | lanka C news
‘20’ ගෙනා ජවිපෙ අමාරුවේ.. ජනමත විචාරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝජ… ජනාධිපතිවරණයටත් තරග වදින්න වෙයි..

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණෙන් ජවිපෙ ගෙනා විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අපි ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කළ විභාගය ඊයේ දිනයේ දී අවසන් වුණා.  ජවිපෙ රටට කිව්වේ  විස්ස පිළිබඳ ජනමත විමසුමකට මුහුණ දෙන්න ලැහැස්තියි කියලා.  නමුත් ජවිපෙ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම් මහතා විස්ස සඳහා ජනමත විමසුමක් අවශ්‍ය නෑ කියලායි තර්ක කලේ.  විසි වන සංශෝධනය සම්මත කරන්න ජනමත විමසුමක් අවශ්‍ය බව පෙත්සම්කරුවන්ගේ නීතිඥයින් වගේම නීතිපතිත් කිව්වා.  නමුත් ජවිපෙ තමයි ඒකට විරුද්ධ වුණේ.

තමන් කරන්නේ හරි දේ බව ජවිපෙ දන්නවා නම් ජනතාව ඉදිරියට යන්න මෙතරම් බියක් දක්වන්නේ ඇයි?  ජවිපෙ හරි දේ කරනවා නම් ජනතාව ඉහලින්ම අනුමත කරාවිනෙ.  නමුත් විස්ස ගෙනැවිත් රට බෙදන පාප කර්මයට තමන් අත ගහලා තිබෙන්නේ කියන එක ජවිපෙ දන්නවා.  ඒ නිසා තමයි ජනතාව ඉදිරියට යන්න ජවිපෙ බිය වන්නේ.

විස්ස රකින්න උසාවියට ආවේ කවුද?  ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන්, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න වගේම නීතිඥ සුරේන් ප්‍රනාන්දු.  මේ අයම තමයි විස්ස ඕනෑ කියන ජවිපෙ සම්මන්ත්‍රණ අමතන්න යන්නෙත්.  මේ අය කවුද?  රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාවේ නිර්මාතෘවරු.  ඉතිහාසය පුරා පෙඩරල්වාදය වෙනුවෙන් පෙනී සිටි අය.  සමහරු නම් දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි අය.  “හානා හීය පානා අඬහැරෙන් දැනේ“ කිව්වා වගේ මේ අය එකතු වීමෙන් විස්සේ ඇති භයානක කම පේනවා.

ජවිපෙ මේ පාප කර්මයට අත ගහලා තිබෙන්නේ ජනපතිවරණයට තිබෙන බය නිසා. ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමයට වෛර කරන්නේ සිය දේශපාලන ඉදිරි ගමනට ඇති දැවැන්තම බාධාව ඒක නිසා.  අනෙකුත් මැතිවරණ මෙන් නොව ජනපතිවරණය කියන්නේ ප්‍රධාන පක්ෂ දෙක අතර තරගයක්.  විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවැති පළමු ජනපතිවරණයට ජවිපෙ ඉදිරිපත් වුණේ ඡන්ද දශ ලක්ෂයක ඉලක්කයක් සමගයි.  නමුත් ජවිපෙට ලැබුණේ ඡන්ද 273,428ක් පමණයි.  අපේක්ෂා භංගත්වය පත් ජවිපෙ 1988 ජනපතිවරණය වර්ජනය කළා.  ජවිපෙ නැවතත් 1999 දී ජනපතිවරණයට ඉදිරිපත් වුණා.  එවර ජවිපෙට ලැබුණේ 344,173ක් හෙවත් 4%ක් පමණයි.  ඒ ජවිපෙ ජනපතිවරණයක දී ලැබූ ඉහළම ඡන්ද ගණන සහ ප්‍රතිශතයයි.

ජවිපෙ පුංචි ඡන්දයක දී සැලකිය යුතු ඡන්දයක් ලබා ගන්නවා. පළාත් සභා මැතිවරණයේ දී ඒක තවදුරටත් වර්ධනය කර ගන්නවා.  ජවිපෙ දැන් මහත් ආශාවෙන් බලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිය ඡන්ද තව දුරටත් වර්ධනය කර ගෙන පාර්ලිමේන්තුවේ  දුරස්ථ පාලකය අතට ගැනීමටයි.  නමුත් පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ අතරට ජනපතිවරණය එනවා.  එය ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් අතර තරගයක් නිසා ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළොත් ලැබෙන්නේ පළාත් සභා ඡන්දයේ දී ලැබූ ඡන්දයෙන් භාගයයි.  ඒ නිසා ජවිපෙ විසින් 1994, 2005, 2010 සහ 2015 දී ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුට සහය දැක්වුවා.  ජනපතිවරණයේ දී සිය ඡන්ද කුට්ටිය ප්‍රධාන පක්ෂයකට පූජා කළොත් ඒ සමගම එන පාර්ලිමේන්තු මැතිවරණයේ දී නැවත එම ඡන්ද තමන් වෙත ආකර්ෂණය කර ගැනීම දුෂ්කර බව ජවිපෙට දැන් අවබෝධ වෙලා තිබෙනවා.

ජවිපෙට දැන් විකල්ප ඉතිරි වෙලා නෑ.  අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම, ජනපතිවරණය වර්ජනය කිරීම සහ ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුට සහය දැක්වීම යන සෑම විකල්පයක්ම ජවිපෙ දැන් අත්හදා බලා අසාර්ථක වෙලා තිබෙන්නේ.  ජවිපෙට දැන් ඉතිරි වී ඇත්තේ තමන්ට හිසරදයක් වී ඇති ජනපතිවරණය අහෝසි කර ගැනීම පමණයි.

– අරවින්ද අතුකෝරල

29,471 Viewers

13 Comments to “‘20’ ගෙනා ජවිපෙ අමාරුවේ.. ජනමත විචාරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝජ… ජනාධිපතිවරණයටත් තරග වදින්න වෙයි..”

  1. Climax says:

    Very true story! That’s the reality of the situation

    • Heshan says:

      නීතිඥ වරුන්ගෙ වෘත්තිය ආචාරධර්ම නොදන්න ගොම්මන්පිලය රටේ ආචාරධර්ම රකීවිද?

  2. Aurora says:

    ස්ථාවර රජයන් ගොඩනැගීමට නොහැකි වන ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කිරීම JVP අරමුණයි. එය පරාජයකර ජනපති තේරීමේ බලය ජනතාව අතේ තබාගැනීමට කැපවූ සියලුම දේශප්‍රේමීන්ට ස්තුතියි. එමෙන්ම ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකර ද්වි පක්ෂ ක්‍රමය රැකගැනීමට අවශ්‍ය කරන මන්ත්‍රීවරයකු තෝරාගැනීමට අවශ්‍ය චන්ද ප්‍රතිශතය 12.5% වන මුල් තත්වයට පත්කරගැනීම ප්‍රධාන පක්ෂවල වගකීමයි. වර්තමාන 5% අවම ප්‍රතිශතය කුඩා කුඩා කොටස් වලට ජනතාව බෙදා අව්ලක් සාදාගැනීමට නම් ඉතාම සුදුසුයි.

  3. Nimal Gunasekara says:

    Executive Presidency = Insurance Policy to Majority Sinhala Buddhists

    • Kalan says:

      Denata hondayi, namuth bari welaawath hamba janagahanaya wedi karagena un athata gaththoth, mokada wenne? Mahindala idiriya baluwe nee

  4. david milibanda says:

    Nimal Gunasekera do not look at matters with a squint eye.

  5. nuwan says:

    පසුගාමී සමාජය 20 න් ඔබ්බට යායුතුය
    පසුගාමී සමාජයක් නිතරම යොමුවන්නේ බලය කේන්දර පුද්ගල ප්රතිරුප වටාය. ඔව්න්ගේ යැපීම් මානසිකත්වය, හා නායකයන් දේව භක්තියෙන් ඇදහීම, ගොග්ත්රික වහල් භාවය බිද දැමීම ඉතා දුෂ්කර සාමජ ක්රියාවකි.
    දියුණු සමාජක් කරා ප්රවෙසවන්න අනිවාර්යෙන්ම ප්රතතවාදය හා නිදහස සමාජ ගත කලයුතුවේ
    තිරසර සමාජ සුරක්ෂිතාවය සදහා සහභාගිත්ව සංවර්දන උපායමාර්ග UN විසින් සැම රටකටම පිළිපැදීමට උපදෙස් දෙන්නේ ඔවුන්ගෙන් අනාගත සාමාජ අර්බුද අවමකරගැනීම මෙන්ම මානව නිදහස තහවුරු කිරිමටයි.
    ඒ බැවින් ඒකාධිපති මෘග නායකයන් බිහිවීම් වැලැක්විමට සමාජ ප්රතිසන්කරණ , ප්රතිපති, විවස්ථ සන්සොදන හදුන්වාදීම දියුණු සමාජයකට අත්තියාවශ්ය වේ.
    සහභාගිත්ව සංවර්දන කළමනාකරණය යනු තනි තීරණ බලය බැහැරකර පොදු තීරණ සමාජයකට වඩා ප්රජත්වාදී බැවිනී.
    එබැවින් විධායක ජනාධිපති ක්රමය යනු එහි අර්ථය ‘ප්රජාතන්ත්ර විරෝධී’ ය. විධායක ජනාධිපති ධුරයට පැවරී ඇති අතිවිශිෂ්ට බලතල, එයට අනුබද්ධ ප්රතිශක්තිය සමග ගත් විට, පරීක්ෂා කරනු ලබන්නේ, එම සංකල්පය ප්රජාතන්ත්රවාදයේ ප්රතිවෛචිය බව පැහැදිලි ය.

  6. buruputha says:

    Jeppo vadak kaloth hathpole gaagannava. Monava unath amathaka Karanna EPA UNP, JVP degollama minimaruvo . Meyala minimaruve tharageta. Meva apita jathi jathith amathaka venneth ne amathaka karanneth ne.

  7. Sadda says:

    ජවිපෙ ආයුද සන්නද්ධ අරගල මර්දනය කිරීමට හැකිවූයේ ඒ සෑම අවස්තාවල ම රටේ ස්තාවර පාලනයක් තිබුනු නිසයි. මුන් මුලින්ම කරන්න හදන්නේ රටේ පාලනය අස්තාවර කිරීමටයි. එවිට උතුරේ නැවත ආයුද ස්ංනද්ද අරගලයක් ඇති වුවහොත් සහ ද්කුනේ පෙර පරිදි අරගලයක් ඇතිවුවහොත් එය පාලනය කිරීමට රජය අපොහොසත් වනු ඇත.

  8. HODA PUTHA says:

    JVP’s are bunch of dogs who will do anything to stay in the politics… But they will only stay..never win the power to government.

    Thanks to Anura JVP is abnormal dog now.. They cannot bark or bite as teeth s are removed by rich people…They can do only fart….. They are allowed to do only fart…..

  9. Helaya says:

    JVP did great fight to reduce the fuel price….They won it… What they did was pasted the posters everywhere ….

    Ha ha ha

  10. RW says:

    20 වන සංශෝධන මල්ලෙන් බළලා එළියට ගැනීම
    ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය එම පක්ෂය දේශපාලන වශයෙන් ඇද වැටී තිබෙන ඛේදජනක හා අවාසනාවන්ත තත්ත්වයේ ගැඹුර පෙන්නුම් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජවිපෙ වුවද එය ඔවුන්ගේ දර්ශනය හෝ අදහස් අනුව සකස් කළ ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බව පහසුවෙන්ම තේරුම් ගත හැකිය. එම සංශෝධනයේ එන දර්ශනය සේ ම විධිවිධානද අගමැතිවරයාගේ දේවල් බව තේරුම් ගැනීමට අමාරු නැත. එයින් හමන අගමැති සුවඳ පහසුවෙන් හඳුනාගත හැකිය.
    September 17, 2018 / වික්ටර් අයිවන්

  11. Helaya says:

    Ape rate pahalauna Anthima kalakanni ballek meka Anura kumara

    Punchi amma palla…

Main News