20 ට එරෙහිව සංග සම්මේලනයක් කැදවති.. අස්ගිරි-මත්වතු නායක හිමිවරුනුත් වඩිති..

May 1, 2018 at 5:30 pm | lanka C news
20 ට එරෙහිව සංග සම්මේලනයක් කැදවති.. අස්ගිරි-මත්වතු නායක හිමිවරුනුත් වඩිති..

ජාතික සංවිධාන සම්මේලනය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ‍්‍රී ලංකාද්වීපය තුළ වර්තමානයේ පවත්නා වාතාවරණය අනුව නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මහාසංඝ රත්නය විසින් ආණ්ඩුවට අනුශාසනා කොට තිබිය දී 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැයි මස 08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අදහස් පළ වෙමින් පවතී.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සංයුතිය සහ ක‍්‍රියාකාරීත්වය පිළිබද ව රජයට එරෙහිව ගොඩනැගුණු මහජන විරෝධය නිසා එමගින් ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ අරමුණ වන බෙදුම්වාදී සංශෝධන ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සදහා දැන් මහජනයා නොමග යවමින් වෙනත් පාර්ශ්වයක් හරහා එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග කැස කවමින් සිටී.

වර්තමාන ආණ්ඩුව විසින් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුඵ අණපනත් සම්මත කරගැනීමේ දී මෙතෙක් අනුගමනය කළ කූඨ පිළිවෙළ ඒ ආකාරයට ම අනුගමනය කරමින් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවාගෙන කෙටුම්පතේ ඇතුලත් නොවන බෙදුම්වාදී සංශෝධනය කාරකසභා අවස්ථාවේ දී ඇතුල් කිරීමට බෙදුම්වාදී බලවේග කටයුතු කරනු ඇත.

රට අරාජිකත්වයට පත් කොට එහි ඉතිහාසය අවසානය කරා ගෙන යන බෙදුම්වාදී අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිසක් මෙම ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිති. විධායක ජනාධිපති ක‍්‍රමය අහොසි කිරීම වැනි විචිත‍්‍රවත් දවටනයක ඔතා ජනතාව ඉදිරියට ගෙනඑනු ලබන 20 වැනි සංශෝධනය යනු වෙනත් කිසිවක් නොව මධ්‍යම පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටු වාර්තාවේ අන්තර්ගත කරුණු ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට ගන්නා ලද උත්සාහයක් වන බැවින් එය රටේ භෞමික අඛණ්ඩතාව විනාශ කරන මර උගුලකි.

එබැවින් ගෙන ඒමට නියමිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැලැක්විය යුතු ව ඇත. ඒ සඳහා අවශ්‍ය බලපෑම් කිරීමේ බලය ඇත්තේ මේ රටේත් ජාතියේත් මුරදේවතාවුන් වහන්සේලා වන මහාසංඝ රත්නයට යි. රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් අනතුරට හෙළන මෙම ව්‍යවස්ථා සංශෝධන නවත්වා රටේ භෞමික අඛණ්ඩතාවත් ජනතා පරමාධිපත්‍යයත් සුරක්ෂිත කිරීම සඳහා එක් ස්ථානයකට වැඩම කොට අවශ්‍ය සාකච්ඡ පවත්වා ආණ්ඩුවටත් ජනතාවටත් අවශ්‍ය අනුශාසනා ලබාදෙන මෙන් මහාසංඝ රත්නයෙන් ඉල්ලා සිටීමට ජාතික සංවිධාන සම්මේලනය ඒකමතික ව තීරණය කොට ඇත.

ඒ අනුව 2018.05.03 වැනි දින පෙ.ව. 9.00ට කොළඹ, තුම්මුල්ල හන්දිය සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට වැඩම කරන ලෙසට මහාසංඝ රත්නය වෙත ජාතික සංවිධාන සම්මේලනය ආරාධනය කර ඇත. මෙම නියෝජිත සග සමුඵව පිළිබඳ ව අස්ගිරි-මල්වතු දෙපාර්ශ්වයේ ම අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැනුවත් කර ඇති අතර සමුඵවේ සාර්ථකත්වය සඳහා උන්වහන්සේලාගේ ආශීර්වාදය ලැබී ඇත.

ඒ අනුව මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිගරු අනුනායක පූජ්‍යපාද නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අතිගරු අනුනායක පූජ්‍යපාද වේඩරුවේ උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුඵ දිවයිනේ සම්භාවනීය මහාසංඝ රත්නයේ ප‍්‍රධානත්වයෙන් මෙම නියෝජිත සග සමුඵව පැවැත්වෙන බව ජාතික සංවිධාන සම්මේලනය දන්වා සිටී.

රියර් අද්මිරාල් සරත් වීරසේකර
ජාතික සංවිධාන සම්මේලනය වෙනුවෙන්

24,055 Viewers

19 Comments to “20 ට එරෙහිව සංග සම්මේලනයක් කැදවති.. අස්ගිරි-මත්වතු නායක හිමිවරුනුත් වඩිති..”

  1. Amaraweera says:

    Govt cannot promulgate a Gazzett properly, cannot inact a local government amendment. Too dangerous to touch constitution.!!!

    • ජයමල් says:

      ජෙප්පන්ගෙ පුද්ගලික මන්ත්‍රී යෝජනාවකට මෙච්චර බය වෙන්නෙ ඇයි? ඒකාබද්දෙ අයවත් සුවර් නැද්ද?

      • Christopher says:

        Read the news item in full before making idiotic comments.

      • sayumi says:

        මේකෙ කොටන්න එන්න කලින් තමන්ට කියලා මොකක් හරි නමක් හොයා ගන්නවා. අනුන්ගෙ නම් හොරකම් නොකර.

        • jayamal says:

          ඒක නම් ඇත්ත සයුමි. මගෙ නමින් ලියන කෙනා කවුද කියලා මම දැන් දන්නවා. එයා අපි හැමෝම දන්න කෙනෙක්. ලැජ්ජා නැති කමයි බියගුලු කමයි නිසා තමයි අනුන්ගෙ නම් වලින් ලියන්නෙ.

  2. SIRIMAL says:

    This 20 amendment is proposed by a gang of criminals who killed innocent sinhala buddhist young and old, they are still haunting under the same banner with BLOOD STAINS, it is known as JVP.

    Once again our National Hero Rear Admiral Sarath Weerasekera is providing the Leadership. It is Maha Sanga who will always protect the Nation, not politicians or constitutions.

    The Power of Bhikkus will win always. Jayawewa.

  3. sanidu sooriarachchi says:

    we are with you. good luck

  4. Love nature says:

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත.

  5. SUNIMAL says:

    රටේ ජනතාව ගරු කරන්නේ ජාතියේ මුර දේවතාවුන්ට මිස පක්ෂවල මුර දේවතාවුන්ට නොවේ, අතීතයේ වාරියපොළ සුමංගල හිමි, කුඩාපොළ හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ නාහිමි වගේ සගරුවන මෙන්ම මෑත යුගයේ යක්කඩුවේ හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, ගංගොඩවිල සෝම හිමි, බෙල්ලන්විල විමලරතන හිමි වැනි ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන්ගේ නාමය අමරණීය ලෙස ජනතාවගේ හදවත්වල රැදුණේ මන්ත්‍රී පදවි ලැබිල නෙවෙයි. අස්ගිරි අනුනාහිමි

  6. Tissa Panwila says:

    Good job Dr. Rear Admiral Sarath Weerasekera.
    The patriotic people of this country are with you!

  7. Saradiel says:

    අත්සන් තබයි ගිවිසුම මඟුල් මඩුවේ
    එකවර නැගුණි ඉංග්‍රීසි කොඩිය ගුවනේ
    ගත වෙවුලා යයි එක හිමි නමකගේ
    නොබියව යයි ඉදිරියට සිංහයකු වගේ

    ඔසවා නැවත උදාර සිංහල කොඩිය
    බිමට දමා පාගා ඉංග්‍රීසි කොඩිය
    වාරියපොළ ශ්‍රී සුමංගල හිමි පෙන්වූ එඩිය
    සිංහල ජාතියේ එඩිතර අභිමානය

    දළදා වහන්සේ රුකුමට කැප වූ හිමි
    උදාර අරමුණින් කටයුතු කළා හිමි
    අයුක්තියට එරෙහිව නැගී සිටි හිමි
    රට වෙනුවෙන් කළ මෙහෙවර නිම නොවුණි

    • jayamal says:

      රට වෙනුවෙන් කල මෙහෙවර නිම නොවුනි
      අප සඟරුවන පෙරමුන ගත් බව පෙනුනි
      බුදු දහමට අන වින බොහො ඇති බැවිනි
      රැක ගමු අපේ පින්බිම තිර අදිටනිනි..!

  8. Nim says:

    RATE BAHUTHARA MATHAYA AYAI
    BUDUSARANI N DEVI PIHITI N
    MAGE RATA RAKADEEWA. .

  9. ExUNPer says:

    Forget, ignore, reject 20 th amendment.
    What we need is to eliminate hate, anger, jealousy, etc….
    and unite every citizen to develop our country.
    That needs only one thing…
    True Leadership.

  10. David Milli-banda says:

    Malwatteyath saha baagi welaada ?
    Oththu balannada danne nehe…..

  11. siripala says:

    පගේ බොහෝ වැදගත් කාර්යන් සඳහා බාහිර බලවේගයන් අතපායි.මධ්‍යම රජයේ පාලනයෙන් තොර පළාත් සභා ඉන් එකකි.මෙය ස්වාදීන රජයන් බිකිරීමට මාර්ගයයි.අවුල් ගොඩකට මාර්ගයයි.

  12. pakshikaya says:

    ඔබ වැනි මිනිසුන් රටට අවැසි මොහොතකි මේ .ඔබ වැනි පුතනුවන් ජාතියේ වාසනාවකි. ජයවේවා.

  13. Open mind says:

    13 + කියන කොට………..හ්ම්……කමක් නැහැ චීවරය නේ……

  14. LION voice says:

    GREAT….. THANK YOU Maha Sangha….PLEASE save our motherland soon with our deshapremi leaders like Wimal &Gotabaya!!

Main News