20 පරාජයෙන් පළාත් සභා ලොක්කෝ ජනාධිපතිගේ සාකච්චාව මග අරී.. මහින්දම සොයා යති..

September 16, 2017 at 10:00 am | lanka C news
20 පරාජයෙන් පළාත් සභා ලොක්කෝ ජනාධිපතිගේ සාකච්චාව මග අරී.. මහින්දම සොයා යති..

20 වන සංශෝධණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප වී ඇත්තේ යයි වාර්තා වීමත් මේ මාසයේදී නිල කාලය අවසන් වන පළාත් සභාවන්හි මැති ඇමතිවරුන්ට ජනාධිපතිවරයා විසින් අද පෙරවරුවේ කැදවා ඇති සාකක්ච්චා සදහා සහභාගී නොවී මග ඇරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

එක් පළාත් සභාවක ප‍්‍රධානියෙකුට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී ඇති අමතුමටකට පිලිතුරු දෙමින් පවසා ඇත්තේ තමන් බොහෝ දුර පැහැර සිටින බැවින් අද පැමිණිය නොහැකි බවත්. එම පළාත් සභාවේම තවත් ඉහල නිලදයක් දරන්නෙකුද දන්වා ඇත්තේ තමන්ටද යෙදී ඇති විශේෂ හේතුවක් මත සහභාගී විය නොහැකි බවයි.

කෙසේ වෙතත් ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම පිරිස මේ වන විටත් හිටපු ජනාධිපතිවරයා සමග සාකච්චා සදහා කඩිසර වී කටයුතු කරමින් සිටින බවත් කිසිදු දුර බැහැර සංචාරයක හෝ ඉහෙන් බහින රෝගයක් නැති බවත්ය.

18,266 Viewers

2 Comments to “20 පරාජයෙන් පළාත් සභා ලොක්කෝ ජනාධිපතිගේ සාකච්චාව මග අරී.. මහින්දම සොයා යති..”

  1. ඇත්ත says:

    ජනතාවට නීතිය සඟවාගෙන විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය ඉබාගාතේ යයි.

Main News