20 සම්මත වුණොත් අර්ජුන් අලෝසියස් මහා හොරා ජනාධිපති ධුරයට..

June 5, 2018 at 3:26 am | lanka C news
20 සම්මත වුණොත් අර්ජුන් අලෝසියස් මහා හොරා ජනාධිපති ධුරයට..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ජවිපෙ ගෙනා විසි වන සංශෝධනය අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන  බලය බෙදීම සම්බන්ධයෙන් කටයුතු කරන මහ බල සම්පන්න ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර කැමැත්තෙන්. වර්තමාන අගමැතිට ඉන්නේ මන්ත්‍රිවරුන් 107යි.  නමුත් දයාසිරි මන්ත්‍රිතුමාගේ හෙලිදරව්ව අනුව අර්ජුන් ඇලෝසියස්ට නම් මන්ත්‍රිවරුන් 118 කගේ කැමැත්ත සහයෝගය තිබෙනවා.  එහෙම නම් විස්ස සම්මත වුණොත් ඒ යටතේ පළමු ජනාධිපති වන්නේ ඉතිහාසයේ ලොකුම හොරා වන අර්ජුන් ඇලෝසියස්ය කියන එක ඉතාම කණගාටුවෙන් වුණත් රටට දැනුම් දෙන්න කැමතියි.

මේ දවස් වල ආණ්ඩුවේ බෝල පාස් කිරීමේ ක්‍රීඩාවක් යනවා.  කතානායක ජනපති ලේකම්ගෙන් මුදල් ලබා ගත් මන්ත්‍රිවරුන් 118 දෙනාගේ නම් හෙලි කරන්න කියා දැනුම් දෙනවා.  එතකොට ජනපති ලේකම් කියන්නේ ඒ තොරතුරු තිබෙන්නේ ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ කියලා.  ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියාම “අපට වසර තිහක් යන තුරු මෙම තොරතුරු රහසිගතව තබා ගන්න ජනපති ලේකම් උපදෙස් දුන්නා“ කියලා එතැන ඉන්න නිළධාරින් කියනවා.  නැවතත් ඔන්න බෝලේ යනවා ජනපති ලේකම්ට.  එතකොට මේවා හෙලි කළාට කමක් නැද්ද කියා ජනපති ලේකම් නීතිපතිගෙන් උපදෙස් ගන්නවා.

නීතිපති ගැන අපි නොදන්නවද?  ලඟදීම වාර්තාව ලබා නොදෙන්න, එම වාර්තාව ලබා දීම නීතියට පටහැනිය, පවතින විමර්ශන වලට බාධාවක් ය කියලා එතුමන්ගේ උපදෙස් ලැබෙන්නට බොහෝදුරට ඉඩ තිබෙන බව මගේ මතයයි.

මේක කෙලින්ම බෝලය පාස් කිරිල්ලක්.  ජනාධිපති කොමිසමකින් ජනාධිපතිට නිර්දේශයක් මිස නියෝගයක් දෙන්න බලයක් නෑ.  ඒ නිසා කොමිසම රහසිගතව නම් තබා ගන්න නිර්දේශ කළත් එම නම් හෙලි කරන්න ජනපතිට බලය තිබෙනවා.  ඒ නිසා බෝලය පාස් කරමින් ඉන්නේ නැතුව ඒ නම් හෙලි කරලා අවංක මන්ත්‍රිවරුන්ගේ ගෞරවය රැක දෙන්න කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

7,326 Viewers

8 Comments to “20 සම්මත වුණොත් අර්ජුන් අලෝසියස් මහා හොරා ජනාධිපති ධුරයට..”

  1. උදයටත් පැටලිලා says:

    ඇලෝසියෙස් ගෙයි පලිසේනගෙයි කැමැත්තන් එක්සත් ජාතක පක්ෂයේ ඊ ලග පොදු අපේක්ෂකයා සින්ගප්පුරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන්ලු. මිනිහට චන්ද 121 තියෙනවලු. ජනාධිපති තුමත් මනාපයි කියල. පස්සේ කිව්වලු වේදිකාවල් වලදී බැන්නට ගණන් ගන්න එපා කියල කලින්ම කියලා. එහෙම උනාම උදයට ඉඩ නෑ. ආණ්ඩු පක්සේත් නෑ. විරුද්ද පක්සේත් නෑ. එකබද්දේ විතරයි. මේ කක්කා නායක කියන හැටියට මේක සදා කලිකයි..

  2. දීගල පියදස්සි මේධංකරරාමය says:

    ඉතින් මෙයාගෙන් සල්ලි ගත්ත අයට පාර්ලිමේන්තු එන්න පුළුවන් නම් මෙතුමා ජනාදිපති වුනහම තියෙන වැරැද්ද මොකක්ද. අනේ මෙතුමාට හරිම නිවිච්ච පෙනුමක් තියෙන්නේ.මට හිතෙනවා මෙතුමා ගැන කවි බන කැසට් එකක් ගහන්න

  3. kith says:

    I think the President and the Speaker are among 118 who received money from Arjun Allosius. So how can they reveal the list of names.

  4. බබා says:

    අනේ මේ අවංක මන්ත්‍රීතුමා. අහිංසක මිනිස්සු දීපු රුපියල් 100ත් ගසාකෑව. අරහෙ සුද්දෙකුට වංචාකරල නඩුවක් විභාග වෙනව. හැබැයි කතාව මම හරි සුදනා ගානට.

  5. daminda says:

    BOLA PASS KIREEMA SAHA RATA WALA PALLATA YAAMA

  6. ඉතිහාසයේ ලොකුම හොරා says:

    ඉතිහාසයේ ලොකුම හොරා ඔහු නොව ලොකුම දානපතියා ඔහුය. වෙළදාමෙන් හම්බ කරගත් දෙය සමස්ත පර්ලිමෙන්තුවට්ම මහින්ද රජය පෙරලන්නට සල්ලි දුන්නේ. ඒ පින්ම එක්සත් ජාතික පක්ෂයට නිවන් ලබන්නට හේතු වන්නේය. සාදු…සාදු…සාදු. මහා බැංකුව විනාශ වේවා. ස්න්හිදියව සංවේදී පුවත් අවුරුදු 30 මගේ ජිවිත කාලය තුල හෙළි නොවේවා කියා පතමු. නේද හුටන්.

  7. kuma says:

    Alosyus may be best man for president ship

  8. lion says:

    රතු අලි අනුරගේ බලාපොරොත්තුව

Main News