2015 ජනවාරි 08 වූ වරදට විමල් සමාව ඉල්ලයි..

July 15, 2017 at 6:48 pm | lanka C news
2015 ජනවාරි 08 වූ වරදට විමල් සමාව ඉල්ලයි..

මුළුමහත් ජාතියකට අභයදානය ලබා දුන් රණවිරුවන් සිටිය යුත්තේ රජගෙදර වුවත් අද රජගෙදර සිටිනවුත් එම රණවිරුවන්ට සිරගෙදර උරුම කර දී ඇති බවත් ඒ වරද කඩිනමින් නිවැරදි කිරීමට කළ හැකි සියල්ල සිදු කරන බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

කොමදෝරු ඩී. කේ. පී දසනායක රණවිරුවා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉතා ඉහළ මට්ටමේ වගකීම් හොබවපු මේ රට වෙනුවෙන් සුවිශේෂ කැපවීමක් සහ දායකත්වයක් සපයපු අනභිභවනීය රණවිරුවකු වූ කොමදෝරු ඩී. කේ. පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාරගත කළ ප්‍රවෘත්තිය ඇසීමෙන් අප ඉමහත් කම්පනයට පත් වූවා. මේ ප්‍රවෘත්තිය, මාතෘභූමියට අබමල් රොනක හෝ ආදරයක් ඇති සෑම අයකුම දේශපාලන බේදයකින්, ජාති ආගම්, කුල, මල බේදයකින් තොරව සංවේගයට පත් විය යුතු ප්‍රවෘත්තියක්.

ඩී. ජී. කේ. දසනායක කියන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසය තුළ අනන්‍ය සලකුණක් තැබූ විරුවෙක්. ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඉපිද, හැදී වැඩී පාසල් අධ්‍යාපනය නිමා කොට නාවික හමුදාවට එක් වූ දසනායක මහතා රණවික්‍රම පදක්කම හතර වතාවක්, රණශූර පදක්කම දෙවතාවක් දිනා ගෙන ඉමහත් සේවාවක් මේ රට වෙනුවෙන් ඉටුකොට තිබෙනවා. ඔහු ලුතිනන් ධුරයේ සිට ලුතිනන් කමාන්ඩර් ධුරය දක්වා ක්‍ෂේත්‍ර උසස්වීමක් ලබා තිබෙනවා. එසේම දෙවන වරටත් ක්‍ෂේත්‍ර උසස්වීමක් සඳහා නිර්දේශ වී තිබෙනවා. නාවික හමුදා ඉතිහාසය තුළ ක්‍ෂේත්‍ර උසස්වීම් ලැබූ නිලධාරීන් 08 දෙනයි සිටින්නේ. ඒ වගේම දෙවන වරටත් ක්‍ෂේත්‍ර උසස්වීමක් සඳහා නිර්දේශ ලැබූ අය දෙදෙනයි සිටින්නේ. මේ ඩී. ජී. කේ. දසනායක රණවිරුවා ඒ දෙදෙනාගෙන් එක් අයෙක්.

ඩී. පී. කේ. දසනායක රණවිරුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදහන් කිරීම යන චෝදනාව යටතේයි. මේ පිළිබඳ පරීක්‍ෂණ ගෙවී ගිය වසර පුරාම සිදුව තිබෙනවා. ඊට අදාළව දැනටමත් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් 04 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද සමයේදී ත්‍රිකුණාමලයේ සිට මාළු ලොරියක, අධිශීතකරණයක බෝම්බ පුරවා ගෙනවිත් කොළඹදී පුපුරුවා හැරීමේ සැලසුමක් නාවික හමුදා බුද්ධි අංශයට දැන ගැනීමට ලැබුණා. ඒ අනුව එම ලොරියත්, රියදුරු හා සහායකයත් අත්අඩංගුවට ගැනුණා. පසුව කළ විමර්ශනවලදී ඊට කොටි ත්‍රස්තවාදීන් 10 දෙනෙකු සම්බන්ධ බව අනාවරණය වුණා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ කොටි ත්‍රස්තවාදීන් 10 දෙනා තමයි මෙහිදී අතුරුදහන් වූ පුද්ගලයන් 10 දෙනා ලෙස සලකන්නේ.

‘කොටි නායකයන් මුහුදෙන් පලායාම වැළැක්වීමට නායකත්වය දුන්නා’

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන ඇතුළු සෙසු නායකයෝ මුහුදු යාත්‍රා මගින් පලා යෑමේ අවදානමක් යුද සමයේ අවසාන මාස තුන තුළ තිබුණා. ඒ නිසා නාවික හමුදාව සමුද්‍රාරක්‍ෂක වලල්ලක් සකසා තිබුණා. මාස තුනක් තිස්සේ කුඩා නාවික යාත්‍රාවකට වී බොහෝ දුක් ගැහැට විඳිමින් සෙසු කුඩා යාත්‍රා 100ක් සමඟ එම සමුද්‍රාරක්‍ෂක වලල්ලට නායකත්වය දුන්නේ කවුද? මේ දසනායක රණවිරුවා. මේ රට වෙනුවෙන් එසේ අපමණ සේවයක් කළ කොමදෝරු ඩී. පී. කේ. දසනායක විරුවා ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් කොටි ත්‍රස්තවාදීන් 10 දෙනෙකු අතුරුදහන් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන හිරේ දමන්නේ මේ ආණ්ඩුවට අමු කැවිලාද, කියා මා අහන්න කැමතියි.

එදා ඒ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ත්‍රිකුණාමලයේදී බෝම්බ පිරවූ මාළු ලොරිය අත්අඩංගුවට නොගත්තා නම්, එය කොළඹට ගෙන ඒමට කොටි ත්‍රස්තවාදීන්ට හැකි වුණා නම් ඒ බෝම්බවලට එදා, මේ රණවිරුවන් අත්අඩංගුවට ගත් සී. අයි. ඩී. නිලධාරීන් වගේම ඊට නියෝගය දුන් අගමැතිවරයාත් හසු වෙන්න තිබුණා. එහෙම අනතුරකින් ජාතිය ගලවා ගන්න අමිල මෙහෙවරක් කරපු කොමදෝරු ඩී. පි. කේ. දසනායක වැනි රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට ඉඩ දී අපට නිහඬව සිටිය හැකිද? එසේ නිහඬව බලා සිටිනවා නම් මේ ජාතිය මොන තරම් නිවට ජාතියක්ද? තමන්ගේ ජීවිතයට අභයදානය ලබා දුන්නු මිනිසුන්ව මේ විදියට කුදලාගෙන ගිහිල්ලා හිරේ දමනතුරු මේ රටේ මිනිස්සු නිහඬව බලා සිටිනවා නම් මේ රට පණ ඇති මිනිසුන්ගෙන් සමන්විත ජාතියක් වෙන්න බැහැ.

අපි මේ ද්‍රෝහී ආණ්ඩුවට බලකර කියා සිටිනවා ‘කරුණාකරලා කොමදෝරු ඩී. කේ. පී දසනායක ඇතුළු සියලුම බුද්ධි අංශ රණවිරුවන් නිදහස් කරන්න. මේ රණවිරු දඩයම වහා නවත්වන්න’ කියා. තවදුරටත් මේ ද්‍රෝහී ක්‍රියාව දෙස නිහඬව බලා සිටින මේ රටේ ජනතාවගෙන් අපි අහනවා ‘අද කොමදෝරු දසනායක අත්අඩංගුවට ගනී. යුද්ධයේදී නාවික හමුදාවට නායකත්වය දුන් රණවිරුවන්, මේ රට බේරාගැනීමට කැප වූ නායකයන් අත්අඩංගුවට ගන්නා තුරු ද, බලා සිටින්නේ’ කියා.

ඒ නිසා අපි දේශපාලන බේදයකින් තොරව සාමය භූක්ති විඳින සැම මිනිසකුසේම හෘද සාක්‍ෂිය පිරි මැද කියනවා ‘කරුණාකර මේ අපරාධය සිදු වීමට ඉඩ දී නිහඬව ඉන්න එපා!’කියලා. ඊට එරෙහිව පාරට බහිමු!’මේ ද්‍රෝහී ආණ්ඩුවට දැනෙන විරෝධතාවකට යමු. ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණේ අපි අවශ්‍ය නායකත්වය ලබා දෙනවා. ඒ වගේම ජාතික නිදහස් පෙරමුණ ලෙස අපි මේ රටේ නාවික හමුදා නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමාව ඉල්ලනවා, මෙවැනි ඉරණමකට ඔවුන් පත්වීම සම්බන්ධයෙන්. ‘2015 ජනවාරි 08 වැනිදා මේ රටේ මිනිස්සු කළ වැරැද්දක් නිසයි ඔබලාට මෙවැනි ඉරණමක් අත් වුණේ. මල්මාලා දැමිය යුතු ඔබගේ ගෙලට අද තොණ්ඩුව වැටෙමින් තිබෙනවා. අපි ඒ වැරැද්දට 2015 ජනවාරි 08 දායක නොවුණත් ජාතිය වෙනුවෙන් අපි මෙසේ ඔබලාගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඔබලා තැබිය යුත්තේ සිරගෙදර නොවෙයි. රජගෙදර. නමුත් අද රජගෙදර ඉන්න එවුන් ඔබව අද ගෙන යන්නේ සිරගෙදරට. ඒ වැරැද්ද නිවැරදි කරන්න අපි කළ හැකි සියල්ල කරන බව මේ මොහොතේ සපථ කර සිටිනවා.”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, ජයන්ත සමරවීර, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

12,061 Viewers

10 Comments to “2015 ජනවාරි 08 වූ වරදට විමල් සමාව ඉල්ලයි..”

  1. Mohammadu says:

    Wimal weerawansa kiyana vidihata athadanguwata gath 10dena koti unath athadanguwata gath ayawa aturu dahan karanda puluwanda?ehema neetiya mahindage kale tibunada?

    • Hansaya says:

      එහෙම අතුරුදහන් කරන්ඩ පුළුවන්. ඔය ඇමෙරිකන් කාරයෝ ඉරාකයේ, ඇෆ්ගනිස්තාන්යේ, සිරියාවේ එහෙම දේවල් දහස් ගනනින් කරනවා. ඒවට වෙනම නීති ඕනේ නැහ කියලා තෙරේසා මේ නෝනත් කියල තිබ්බා.

    • සිංහල බන්ඩා says:

      බිරිතානි සෙබලුන් යුධ අපරාධ කලා කිියන චෝදනාවට බිරිතානි අගමැති ‘තෙරේසා මේ’ දුන් පිළිතුර ඔබ දන්නවාද? අැය කීවේ කිසිවෙකුට බිරිතානි සොල්දාදුවන්ට එවැනි චෝදනාවක් කරන්න ඉඩ දෙන්නේ නැති බවය්.

    • pala says:

      Could be. However it was much better than Ranil’s Batalanda brutal practice. You must be born after 90’s I believe.

    • nishantha says:

      ponna thambiyo,thopiwa ada yapanen ballo wage allewwe.thopita koti dekkama ada chu giya.thopi kelehe guna danna jathiyak nemei…………….ltte aka ada hitiyanam thopita negena hirath neha.thopi thamai loke enna balu jathiya….

    • Kepuwathkola says:

      Koran says that non believers should be killed!

    • raterala says:

      අනේ මොහොම්මධු කොටින්ට කිරිපොවල හුරතලේට ඇතිකරලා ලොකු උනාම නිදහස් කරලා කොලබට එව්වනම් හරි නේ තොපිට බෝම්බ කෙලල යන්න . අනේ යකෝ තොපි වගේ ගුණ මකු හැත්තක්. කරුමෙට මෙරටේ බිහි උනානේ

  2. jagath.milano says:

    mokada ban mohommadu ehema neethiyak natthe.balapan syriyawe iraqe ehem wenawane

  3. afaf says:

    Ha haa funny.

    You guys lost on Jan 8.

    You wil NEVER come to power again.

Main News