2015 පෙබරවාරියේදී ගේනවා කියපු ජාතික විගණන පනත කෝ ?.. මම ඒක ජනවාරියේ ගේනවා කියලා පොරොන්දු වුනා. පරිහරණයට එපා කියපු මන්දිරයේ දි ජනාධිපති කියයි…

April 21, 2017 at 11:20 am | lanka C news
2015 පෙබරවාරියේදී ගේනවා කියපු ජාතික විගණන පනත කෝ ?.. මම ඒක ජනවාරියේ ගේනවා කියලා පොරොන්දු වුනා. පරිහරණයට එපා කියපු මන්දිරයේ දි ජනාධිපති කියයි…

ජනාධිපති සිරිසේන මහතක් ජනාධිපතිවරණයේ දී තමාට පරිහරණය සඳහා සුඛෝපභෝගි වැඩියි කියූ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ මාධ්‍ය ප්‍රධානින් මුණගැසී සාකච්ඡාක් පැවත් වුහ.

එහිදි මාධ්‍ය ප්‍රධානියෙක් විමසා සිටියේ යහපාලන ආණ්ඩුව 2015 වසරේ පෙබරවාරි මාසයේදී ගේනවා කියපු ජාතික විගණන පනත ප්‍රාමාද ඇයි යන්නයි.

එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ මම ඒක ජනවාරියේදි ගේන බවට විපක්ෂයටත් පොරොන්දු වූ බවයි.

එහෙත් ප්‍රමාදය සම්බන්ධව ජනාධිපතිවරයාගේ අදහසින් ප්‍රකාශ වුනේ ඒක අනික් පාර්ශවයන් විසින් මෙතෙක් ඉටුකර නැති බවයි.

මෙහිදී එහි ගිය මාධ්‍ය ප්‍රධානින් සාකච්ඡාව අවසන් වී එන ගමන් එකිනෙකාට පැවසුවේ ‘මේක පුදුම රටක්. අපි ඇහැව්වේ ඇයි පරක්කු කියලා එතකොට එතුමා අපිට කියනවා එතුමා විපක්ෂයට පොරොන්දු වූ දිනයත් දැන් ප්‍රමාද වෙලාලු’ මේ සම්බන්ධව මාධ්‍ය ප්‍රධානින් පවසා ඇත්තේ ඉතිං දෙවියනේ කාගේන්ද ඊට පස්සේ ඒක ගැන අහන්නේ යන්නයි.

තවත් කිහිපදෙනෙකුම පවසා සිටියේ රටේ ජනාධිපතිවරයාට විශාල මන්දිරයක් නිල වශයෙන් ලබා දී ඇති අවස්ථාවක එම මන්දිරය ද පරිහරණය කරමින් තවත් විශාල මන්දිරක් නඩත්තු කිරීම ජාතික අපරාධයක් බවයි.

10,966 Viewers

2 Comments to “2015 පෙබරවාරියේදී ගේනවා කියපු ජාතික විගණන පනත කෝ ?.. මම ඒක ජනවාරියේ ගේනවා කියලා පොරොන්දු වුනා. පරිහරණයට එපා කියපු මන්දිරයේ දි ජනාධිපති කියයි…”

  1. kiyankota ehemai karanakota mehemai
    adu ugathun less educated people thora ganne me rate harak janathawai

    sure aye aaayeth thoragani

    nodokin kalakanni votersla

  2. සකල බුජං says:

    මම කිව්වෙ ඔය පණත ජනවාරියෙ ගේන්න කියල හිටං,
    ඒ වුනාට තාම නැහැනෙ ඒක​?
    ඇත්ත​,මං ඒ ගොල්ලන්ටත් කිව්ව හිටං,
    ඒ වුනාට තාම නැහැනෙ ඒක​?
    මං අදාල අංශවලට උපදෙස් දුන්න වහාම ගේන්න කියල හිටං,
    ඒ වුනාට තාම නැහැනෙ ඒක​,දැන් කාටද කියන්නෙ ඕක​?
    ඒක තමයි දැන් කාටද කියන්නෙ හිටං?????????????????????

Main News