2015 රනිල් අගමැති කලේ නීතී විරෝධීවයි.. ජනාධිපති ව්‍යවස්ථාව කඩලා..- ආණ්ඩුවේම නීති උපදේශකයෝ ප‍්‍රසිද්ධියේ කියති..

October 2, 2017 at 2:10 pm | lanka C news
2015 රනිල් අගමැති කලේ නීතී විරෝධීවයි.. ජනාධිපති ව්‍යවස්ථාව කඩලා..- ආණ්ඩුවේම නීති උපදේශකයෝ ප‍්‍රසිද්ධියේ කියති..

ජනාධිපතිවරයා රටේ මූලික නීතිය කඩකළ අයෙක් බවත් රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් ඇති බවත් ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජනාධිපතිවරයා රටේ මූලික නීතිය කඩකළ අයෙක් රට ඒකාධිපතිත්වයක් කරා

2015 ජනවාරි 09 වැනිදා එවකට සිටි අගමැතිවරයාව තනතුරෙන පහ කරමින්  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හා අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ සරල අවබෝධයක් ඇති එට ගරු කරන සැමගේ මතය විය.ඒ සම්බන්ධයෙන් කොතරම් කරුණු ඉදිරිපත් කලද ,එකී නීතිවිරෝධී පත්කිරීම සිදුකල ජනාධිපතිවරයා හෝ එම නිර්ලජ්ජිත පත්වීම ලබාගත් අගමැතිවරයා සේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිබුල් කඳුළු හෙලන ඊනියා සිවිල් සංවිධාන හැසිරුනේද කිසිවක් සිදු නොවූ ගාණටය.

අප රට තුල දැනට ක්‍රියාත්මක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගම්තිවරයා ලෙස පත්කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගන්න තැනැත්තාය.එහෙත් 2015 ජනවාරි 09 වැනිදා රනිල් වික්‍රමසිංහ මහාතාට පාර්ලිමේන්තුව තුල එවන් බලයක් නොවීය.

එනිසා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිවරයා ලෙස පත්කිරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොතිබූ බව ආණ්ඩුවේම විශාරදයන් දැන් කියන්නට පටන් ගෙන තිබේ.මෙසේ කියන්නේ සුළුපටු කෙනෙකු නොව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ උපදේශකයෙකු වන නීතීඥ සුරේන්  ප්‍රනාන්දු මහතාය. ඊයේ (01)කොළඹ පවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු වන ,ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ද පසෙකින් තබාගෙනය.එනිසා ආණ්ඩු විරෝධියෙකු කියනවාට වඩා මේ කියමනට වටිනාකමක් ඇතැයි අපි සිතමු.

ව්‍යවස්ථාමය කටයුත්තක් ව්‍යවස්ථාවේ  ප්‍රතිපාදන දක්වා ඇති අන්දමට පටහැනි අන්දමකින් සිදු කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමකි.ඒ උල්ලංගනය කිරීම සිදුකර ඇත්තේ අන් කවරෙකුවත් නොව ,රටේ පළමු පුරවැසියා හෙවත් ජනාධ්පතිවරයාය.රට තුල යහපාලනයක් ඇති කරමින්,ප්‍රජාතන්ත්‍රවාදය තවුරුකරමින්,මාධ්‍ය නිදහස සහතික කරමින්,පිරිසිදු දේශපාලනයක් ඇති කල බව කියන සිරිසේන ජනාධිපතිවරයාය.

මේ අන්දමට බලන විට එතුමා ජනාධිපතිදූරයට පත්ව කල පළමු රාජකාරියෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇත.ඉන්පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම ආසන 54 ඇති ඒකාබද්ධ විපක්ෂයට නොදී ආසන 16ක් පමණක් හිමි දෙමල ජාතික සන්ධානයට ලබා දුන්නේය.ජනතාව ප්‍රතික්ෂේප කල පිරිසක් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ගෙන ඔවුන්ට අමතිකම්ද දුන්නේය.  පලාත්පාලන චන්ද විමසීම වසර දෙකකට වැඩි කාලයක් කල් දැමුවේය.තවමත් එය පැවැත්වෙන දිනයක් නිශ්චිත නැත.පළාත් සභා චන්ද විමසීමද එසේමය.

මේ අන්දමට ව්‍යවස්ථා විරෝධී ,සම්ප්‍රදාය විරෝදී ලෙස කරගෙන යන වැඩපිළිවෙලේ මීලග පියවර වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට එතුමාට හෝ ආණ්ඩුවට ජනවරමක් නැත.ඇත්තේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන යම් යම් වගන්ති සංශෝදනය සඳහා ජනවරමක් පමණකි.එහෙත් මේවන විට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මෙහෙයුමක් දියත් වී ඇත.මේ හරහා 2020 ජනාධිපතිවරණය ද නොපවෙත් වෙනු ඇතැයි ආණ්ඩුවට හිතවාදී සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ,නීති රීති,අණ පනත්,සම්ප්‍රදායන් අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්රවදී රාජ්‍යයකටය ; පාලකයෙකුටය;ආණ්ඩුවකටය.එවා අවශ්‍ය නොවන්නේ හෝ එවා නොථකා ක්‍රියා කරන්නේ එකාදිපතියන් පමණකි.මේ අනුව අපට පෙනී යන්නේ අප රටද ඒකාධිපති රාජ්‍යක් බවට පත් වෙමින් තිබෙන බවය.එය එසේ වන්නට ඉඩ හැර නිහඩව සිටින්නේදැයි ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂ,සංවිධාන,හා රටවැසියා තීරණය කල යුතුය.

කුලශ්‍රී කාරියවසම්
කැදවුම්කරු

25,217 Viewers

17 Comments to “2015 රනිල් අගමැති කලේ නීතී විරෝධීවයි.. ජනාධිපති ව්‍යවස්ථාව කඩලා..- ආණ්ඩුවේම නීති උපදේශකයෝ ප‍්‍රසිද්ධියේ කියති..”

  1. sura says:

    මුං ආවෙත් නීති විරෝධීව සහ බොරුවෙන්මයි.
    දැන් රට කරගෙන යන්නෙත් නීති විරෝධීව සහ බොරුවෙන්ම තමයි.
    රටට, අපේ අනාගත පරපුරට, කාගේ පිහිටද කියලවත් කියන්න බෑ.

  2. Kings says:

    ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා උසයි කියල සිංහල කියමනක් තියෙනවනෙ!

  3. padasira says:

    තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන කිඹුල් කඳුළු හෙළමින් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට ඇති පරම අයිතිය උදුරා ගත්තේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳව තොරතුරු ලබා දීම නීතියෙන්ම තහනම් කරමිනි. මේවායෙන් මෙරට පොදු ජනතාව අත්විඳින්නේ ඒකාධිපතීත්වයයි. නමුත් ඒකාධිපතියා කවුද යන්න කිසිවකුට පැහැදිලි නැත. ඒකාධිපතියා අදෘෂමානය. කිසියම් රජයක්‌ ඒකාධිපති රෙජීමයක්‌ වන්නේ සිය භාවිතාවෙන් විනා උදේ හවස මයික්‍රපෝන ඉදිරියේ කියවන වචන කට්‌ටලයකින් නොවේ.

  4. සනා says:

    ලලිත් වීරතුංගට තවත් ප්‍රශ්ණයක් වෙයිද

  5. Elmo says:

    Who is behind the constitutional reforms?
    ____________note by Tongaa.
    https://youtu.be/BJ04JGGakKI?t=580

  6. Nim says:

    Sure , oba hariyatama hari.

  7. Jayasingha says:

    Ranil was not apointed and legally he is not PM. Like CJ Shirani he can be replaced by Dimu.

  8. Tax Officer says:

    Another valid case of an impeachment for the Prez.

  9. john the baptice says:

    අපේ නව රජය ආපු ගමන් මුන්ට ජම්පරය අන්දවමු

  10. love nature says:

    මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කලේ ජනවාරි 08 ජනපති සිරිසේන තමන්ගේ තනතුර බාරගෙන පලවෙනි විනාඩි දෙක ඇතුලත දී. නීත්‍යනුකූලව පත්වුණු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන සිටින අගමැති වරයෙක් සිටියදී එම තනතුරේ කිසිම පුරක්පාඩුවක් සිදු නොවී තිබියදී තමයි මන්ත්‍රීධූර 46 පමනක් තිබුණු රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කරන්නේ

  11. LION says:

    2015 මාර්තු මාසයේ පැවැත්විය යුතු පුංචි ඡන්දය මේ දක්වා කල් අරිමින් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට තවත් මරු පහරක් එල්ල කළා. අඩුම තරමින් 2017 dec මාසේ එනම් වසර දෙකට පසුවවත් මේ ඡන්දය පවත්වන්නට සූදානමක් නෑ. මෙතරම් පුංචි ඡන්දය කල් තැබු අවස්ථාවක් ලංකා ඉතිහාසසේ වාර්ථා වී නැහැ. ලෝක වාර්ථාවක්.

  12. gamarala says:

    සිරිසේන එදා කලේ අවලං වැඩක්…මහ බැංකු වංචාවේ පලවෙනි හොරා රනිල්…

  13. Saradiel says:

    2020 පසුව රනිල් රටේ ජනපති වන බවත් තමන් … නොහැකි බවත් සිරිසේන තරයේම පවසා ඇති බව අනාවරණය වේ.

  14. David Milli-Banda says:

    They came to power lieing………………..
    They live on lies at present……………………
    And will continue to live on lies………………

    Masses will be provided with punakku……………….
    This is pro Western yahapalanaya…………………

    Lies…. lies and damn lies……………………

  15. Minimuthu says:

    වැරදි කිහිපයකි,
    1.පාර්ලිමේන්තුවේ බහුතරය නොගත් අයෙකු අගමැති කිරීම
    2.හංසයාගෙන් ඉදිරිපත්වී ජනාධිපති ලෙස පත්වී ශ්‍රි.ල.නි.ප සභාපති වීම
    3.ශ්‍රි.ල.නි.ප යෙන් චන්දය ඉල්ලා පරාජයවූ අපේක්ෂකයන් යලිත් වරක් පත්කල මන්ත්‍රීන් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඊම.(රටවැසියාගේ සර්වජන ඡන්දයෙන් පලක් නොමැති බව පෙනේ).
    4. රටේ මුල් පුරවැසියා කිසිවක් නොදන්නා අයෙකු මෙන් පුවත් පත් වල තොරතුරු පලවනතෙක් ක්‍රියා නොකර සිටීම.

    • සයුරී says:

      5. විජයකලා නෝනා එහෙම මොකුත් ඉල්ලුවොත් ඉල්ලන පරක්කුවෙන් ඉටුකර දීම.

  16. sangabo says:

    6. “Passalawa” Welikada Noyawa Janathawata Porondu Dee Aurudu Dekak Kalmareema.

Main News