2017දී ඖෂධ ගෙන්වීමට බිලියන 45ක්..

December 25, 2016 at 2:13 am | lanka C news
2017දී ඖෂධ ගෙන්වීමට බිලියන 45ක්..

2017 වසරේ දී සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පවසයි. 2016 වසරේ දී ඒ සදහා වෙන්කර තිබුනේ රුපියල් බිලියන 35 කි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙි නව ඖෂධ නිෂ්පාදන 05 ක් වෙළෙදපොලට හදුන්වාදීම වෙනුවෙන් කොළඹ දී පැවැති උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙ බව ප්‍රකාශ කලේය. පැරසිටමොල්, දියවැඩියා සහ ප්‍රතිජීවක ඖෂධ වර්ග 05 ක් රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථා කර්මාන්ත ශාලාවෙි දී නිෂ්පාදනය කර ඇත. මෙතෙක් එම සංස්ථාව නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සංඛ්‍යාව 54 කි. එම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට පමණක් මෙතෙක් තොඟ වශයෙන් ලබාදී ඇත. අද සිට PMC යන වෙළෙද නාමය යටතේ මෙම ඖෂධ වර්ග 05 වෙළෙදපොලට නිකුත් කරන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙි සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා මෙහිදී ප්‍රකාශ කළේය. නව නිෂපාදන 05 සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී පිළිගන්වන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

රාජ්‍ය අංශයේ ඖෂධ අලෙවියේ පෙරමුණ ගෙන ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වලින් බහුතරයක් ලබාදෙන්නේ මෙම ආයතන විසින්. එය අගනා සේවාවක්. සෞඛ්‍ය සේවාව සදහා මිලියන 45 ක ඖෂධ ගෙන්වූව ද ඒ සමාන මුදලක් ඖෂධ පෞද්ගලික අංශය විසින් ද ශ්‍රී ලංකාවට ආනයනය කරනවා. මගේ බලාපොරොත්තුව 2018 වසර මැද භාගය වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග වලින් සියයට 80 මෙරටදීම නිෂ්පාදනය කිරීමටයි. ඉතිරි සියයට20 2019 වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා දේශීය සහ විදේශීය සමාගම් 22 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ගිවිසුම් වලට අත්සන් කර තිඛෙනවා. ඉදිරියේ දී චීන රජය විසින් තත්ත්ව රසායනාගාරය ලංකාවෙි ස්ථාපිත කිරීමෙන් පසු ඖෂධ වෙළෙද නාමයෙන් ලිවීම තහනම් කරනවා. ඉන් පසු ඖෂධ, ඖෂධ නාමයෙන් පමණයි ලිවිය යුත්තේ. පළමු අදියර යටතේ ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිඛෙනවා. දෙවන අදියරේ දී ඉතා වැඩි මිලට විකුණන ඖෂධ වර්ගවල මිල අඩු කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ.

– නිපුන් ඒකනායක

651 Viewers

One Comment to “2017දී ඖෂධ ගෙන්වීමට බිලියන 45ක්..”

  1. Goviya says:

    2010 න් පස්ෙස් ඒක බෙහෙත් පෙත්තක් වැඩි කරන්නට බැරි අන රඡ්‍ය ඔෂධ නිෂ්පාදන සංස්ථාව ගැන කින පල් බොරැ ගැන දන්නො දනිති රජිත රට රවටිටන්නේ නැතව ජයිකා ව්‍යප!තිය ඉක්මනට බටන් අරන් නිශ්පාදනය වැඩි කරන්න ඒතොකොට නිශ්පාදනය ඩබල් ෙවනවා රටට පච හලන්න ඒපා

Main News