2020ද.. 2021ද.. ශ්‍රේෂ්ඨාධිකරණය සිය අවසන් තීන්දුව ගනී..

January 11, 2018 at 6:48 pm | lanka C news
2020ද.. 2021ද.. ශ්‍රේෂ්ඨාධිකරණය සිය අවසන් තීන්දුව ගනී..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද ජනාධිපතිවරයා වෙත රහසිගතව යොමු කර ඇත.

තම ධුර කාලය වසර පහක්ද හයක්ද යයි නිගහනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලකද දැනුම් දීම අනුවය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ සම්බන්දයෙන් සිය මතය අද දිනයේ ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

මේ අතර ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය මෙසේය.

“ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මත දෙකක කතිකාවක් නීතිමය සිවිල් සහ දේශපාලන ක්ෂේත‍්‍ර තුළ පවතී.

ඒ අනුව යම් ව්‍යාකූලතාවයක් ඇති විය හැකි බැවින්, එය මගහරවා ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් ධුර කාලය පිළිබඳ නිවැරදි මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබේ.

එසේ විමසීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලතල ඇති අතර, මීට පෙර ජනාධිපතිවරුන් ද මේ ආකාරයට සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.

මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වී ඇති විශේෂ ලක්ෂණයකි.”

12,059 Viewers

7 Comments to “2020ද.. 2021ද.. ශ්‍රේෂ්ඨාධිකරණය සිය අවසන් තීන්දුව ගනී..”

  1. Saradiel says:

    මාසික වැටුප රුපියල් කොටි එකට වැඩියි අසරන මහජනතාවගේ බදු මුදල් පොල්ගෙඩිය රුපියල් 150 දීපල්ලා තව චන්දෙ

  2. kamalasirikuruwita says:

    එතනත් වැඩ කෙරෙන්නේ රහසි ගතවද ? දන්නැතුවට අහන්නේ ? ඇයිද දන්නෑ මේ රටේ මිනිසුන්ගේ සල්ලි වලින් යැපෙන ජනතා සේවකයා ගැන ගන්න තීන්දු ජනතාවගෙන් හංගන්නේ. හංගල කරන්නේ හොරකම්නේ ? ඇයිද මේ වෙනස ? එත කොට ජනතා පරමාධිපත්‍ය විහිළු වචනයක් වෙලා ද දැන් ? නැත්තම් බල්ලට ගිහිල්ලද ? නැත්තම් ජනතාව අන්දවන්න කියන වචනයක් කරගෙන නේද ?

  3. malani says:

    අප බලාපොරොත්තු උනේ ජනතාවාදී සදාචාර සම්ම්පන්න ජනාධිපතිවරයෙක් මිස ජනතාවගෙන් යැපෙන අසීලාචාර ජනාධිපතිවරයෙක් නොවේ

  4. Notthischange says:

    This is just to make people aware about the power concentration & demotivate to vote opposing. Specially, government servants think about stable economy for continuous salary increments. If government destabilizes, they will only ruin themselves because Pabasena has more years to destroy this country. People think short term. That is what Sira wants…

    People, please do not fall into that trap. We want our mother Lanka safe for our kids… Lets send these buggers home…

  5. බූරුව says:

    පේන හැටියටනං අවුරුදු 6 වෙලා වගේ. ඒත් අපේ හිටං තුමා ඔය හැමදේම අළුයමලූ කෙල පිඩක්සේ අත්හැර දමල හරියට වෙස්සන්තර රජුරුවො වගේ අවුරුදු 5න් ගෙදර යන එක මටනං ඉර හඳ වගේ (අ)විශ්වාසයි.

  6. කිරි බිව්ව පුසා says:

    බේබි දුන්නු කිරි බිව්ව පුසා ඤාව් ඤාව් නොකිව්වොත් තමා පුදුමේ.

  7. Nandasoma says:

    එතනත් වැඩ කෙරෙන්නේ රහසි ගතවද ? දන්නැතුවට අහන්නේ ? ඇයිද දන්නෑ මේ රටේ මිනිසුන්ගේ සල්ලි වලින් යැපෙන ජනතා සේවකයා ගැන ගන්න තීන්දු ජනතාවගෙන් හංගන්නේ. හංගල කරන්නේ හොරකම්නේ ? ඇයිද මේ වෙනස ? එත කොට ජනතා පරමාධිපත්‍ය විහිළු වචනයක් වෙලා ද දැන් ? නැත්තම් බල්ලට ගිහිල්ලද ? නැත්තම් ජනතාව අන්දවන්න කියන වචනයක් කරගෙන නේද ?

    ඒක ඇත්ත… ජනාධිපතිට කියන්න පුලුවන් නෙ, අධිකරණය 2021 වෙනකල් ඉන්න පුලුවන් කියල තීන්දුවක් දීල තියෙන්නෙ කියල…! කවුද ඒක නැහැ කියන්නෙ..?

Main News