2020 වනවිට ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග 1/3 ක් පාලනය කිරීමට සැළසුම්…

October 19, 2017 at 2:02 am | lanka C news
2020 වනවිට ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග 1/3 ක් පාලනය කිරීමට සැළසුම්…

ලෝක සෞඛ්‍ය සමුලුව ජර්මනියේ බර්ලින් නුවර දී පසුගිය 15 දින සිට 17 දින දක්වා පැවැත්විනි.

මෙම සමුලුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද සැසිවාරයක් පැවැති අතර ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා ද එක්ව සිටියහ.

එම සැසිවාරය මෙහෙය වන ලද්දේ ජෝර්දානයේ Dina Mried කුමරිය සහ බ්‍රිතාන්‍ය Financial Times සගරාවේ කතෘ Andrew Jack මහතා විසිනි. මෙම සැසිවාරයේ අනෙකුත් සාමාජිකයින් වුයේ බ්‍රිතාන්‍ය බෝනොවන රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Katie Dais මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කළාපීය නිලධාරී Eaudes Eaiea මහතා,ජර්මනියේ SanoFi ඖෂධ සමාගමේ උප සභාපති Stefan Oelrich යන අයයි.

මෙම සැසිවාරයේ දී ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාතයවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“බෝවන රෝග අපේ රටේ මැඩපවත්වා තිබෙනවා. මැලේරියාව, බරවා වැනි රෝග මැඩපවත්වා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබෙනවා. වසර 2020 වනවිට බෝනොවන රෝග පාලනය කිරිම සදහා පියවර රැසක් ගෙන තිබෙනවා. අපේ රටේ රෝහල් වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 60 ක් පමණ මිය යන්නේ බෝනොවන රෝග වලට ගොදුරු වීමෙන්. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිගරට් පැකට්ටුවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, දුම්කොල බදු සියයට 90 ක් පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය අඩු වී තිබෙනවා. තනි සිගරට් පැකට්ටුව විකිණිම තහනම් කිරිම සහ පාසල් අවට මීටර් 500 ක් දුරින් දුම්වැටි අලෙවි කිරිම තහනම් කිරිම ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග වනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

1,394 Viewers
Main News