2020 වන විට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන අසූහාරදාහක්.. බුදුන් තෙවරක් වැඩි බෞද්ධ රාජ්‍ය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක්..

September 11, 2017 at 1:20 pm | lanka C news
2020 වන විට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන අසූහාරදාහක්.. බුදුන් තෙවරක් වැඩි බෞද්ධ රාජ්‍ය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක්..

යහපාලන ආණ්ඩුවට අපේ රට පොහොසත් රටක් කරන්නට මතක්ව ඇත්තේ බලයට පත්ව වසර දෙකහමාරකට පසුව වීම පුදුමයට කරුණක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කිසිදු වැඩක් හරියට කරගන්නට නොහැකි මේ ආණ්ඩුවේ මාස හයෙන් හයට ප්‍රතිපත්ති එළිදක්වන බව පැවසූ රණතුංග මහතා බලයට පත්ව වසර දෙකහමාරක් තුළ ප්‍රතිපත්ති ප්‍රකාශන පහක් එළිදැක් වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ උත්සාහ කරන්නේ පොහොසත් රටක් නොව අපොහොසත් රටක් බිහිකරන්න බවත් අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීමේ අවස්ථාවකට උඩුගම්පොළ දී 09 වැනි දා එක්වෙමිනි. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

‘ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් බලයට ආපු ආණ්ඩුවට අද කරන තරමක් කරන්නෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ. මේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය වහකදුරු වගෙයි. එක පැත්තකින් ඡන්ද කල් දමමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය කරන අතරම අනෙක් පැත්තෙන් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරමින් ඒකාධිපතිවාදීව කටයුතු කරන්න උත්සාහ කරනවා.

තමන්ගේ මතයට විරුද්ධ හැමකෙනෙක්ම සතුරන් විදියටයි ආණ්ඩුව දකින්නේ. ආණ්ඩුවේ සතුරෙක් වෙන්න දේශපාලනය කරන්නම ඕනේ නැහැ. විරුද්ධ මතවාද දරන මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සෑම කෙනෙක්ම ආණ්ඩුවට සතුරෙක්. හරි හෝ වැරැදි හෝ ආණ්ඩුවේ මතය රටේ සෑම පුරවැසියකුගේම මතය විය යුතු බවයි ආණ්ඩුව හිතන්නේ. ඒක තමයි මේ ආණ්ඩුවේ යහපාලනය.

අද ආණ්ඩුවේ මර්දන හස්තය රාජ්‍ය නිලධාරීන් වෙතත් දිගු වෙලා. මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපති ලේකම්වරයෙක් සිල් රෙදි බෙදුවා කියලා හිරේ දැම්මේ මේ ආණ්ඩුවයි. ආණ්ඩුව බලයට එන්න ඉස්සර කිව්වේ බිලියන ගණන් වංචා ගැනයි. ඒත් බලයට ඇවිත් අවුරුදු දෙකහමාරක් යනකම්ම හොයා ගන්න පුළුවන් වුණේ සිල් රෙදි බෙදපු එක විතරයි. අපේ රට දැන් සිල් රෙද්දක්වත් බෙදන්න බැරි රටක් බවට පත් වෙලා.

බුදුදහම ආරක්ෂා කරන්නත් පෝෂණය කරන්නත් බලයට පත් වන සෑම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාවෙන්ම බැඳී ඉන්නවා. එතකොට සිල්ගන්න අහිංහසක උපාසක අම්මලාට සිල් රෙද්දක් බෙදන එක වරදක් වෙන්නේ කොහොමද? අනෙක් අතට මේ සිල් රෙදි බෙදන්න මුදල් වෙන් කරලා තියෙන්නේ ජනාධිපතිවරණයට කලින්. මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ හිටපු හොඳම බෞද්ධ ජනාධිපතිවරයායි.

එතුමාගේ කාලය තමයි බුද්ධ ශාසනයේ දියුණුවට වැඩිම වැඩ කොටසක් කරපු කාලය ලෙස ඉතිහාසගත වෙන්නේ. බුදුන් තුන් වරක් වැඩපු මේ බෞද්ධ රාජ්‍ය අද විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය නැති කරන්න යන අතරම අනෙක් පැත්තෙන් මේ රටේ මහා සංඝරත්නයට අපහාස කරමින් බුදුදහම විනාශ කිරීමට උත්සාහ ගන්නවා.

අපි දැක්කා අර සරත් ෆොන්සේකා කියන පින් ඇමැතිවරයා ඇල්ලේ ගුණවංශ හිමියටන්ට අපහාස කරන ආකාරය. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මේ ගැන කිසිවක් කියන්නේ නැහැ. සාමූහික වගකීම කඩකළා කියලා විජයදාස රාජපක්ෂව ඇමැතිකමෙන් එලවා ගන්න පොර කාපු ෆුට් නෝට් කල්ලියේ අයත් මේ ගැන මොකුත් කියන්නේ නැහැ. එතකොට අපිට සැකයක් එනවා මේ හැමෝම ෆොන්සේකාගේ කීම අනුමත කරනවාද කියලා.

යහපාලන ආණ්ඩුව බලයට ආව දවසේ ඉඳලම කරන්නේ ජනතාව රවටන එකයි. බොරුවෙන් බලය අරගෙන බොරුවෙන්ම ඉදිරියට යන ආණ්ඩුවක් ලෝකයේ තියෙනවා ‍නම් ඒ මේ යහපාලන ආණ්ඩුව විතරයි. 2015 ජනාධිපතිවරණයේ දී ‍ජනතාව හමුවේ තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉෂ්ඨ නොකරපු ආණ්ඩුව දැන් මේ අවුරුදු දෙකහමාර ඇතුළත ප්‍රතිපත්ති ප්‍රකාශන පහක් ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ කියන්නේ මේ ආණ්ඩුව මාස හයකට සැරයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදක්වනවා. පසුගිය සතියේ දවසක අපි දැක්කා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ‍පොහොසත් රටක් කියලා අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. එතකොට මේ දෙන්නා අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ අර පරණ ප්‍රතිපත්ති ප්‍රකාශන හතරම ඉෂ්ඨ කරලාද කියලා අපි අහනවා. මෙයාලට තියෙන්නේ ප්‍රතිපත්ති විතරයි. වැඩ නැහැ.

ආණ්ඩුවේ අලුත්ම දැක්ක පොහොසත් රටක්. ඒ කියන්නේ අවුරුදු දෙකහමාරක් තිස්සෙම මේ ආණ්ඩුව වැඩ කරලා තියෙන්නේ රට පොහොසත් කරන්න නෙමෙයි. ඒකනේ එකපාරටම පොහොසත් රටක් කරන්න මතක් වෙලා තියෙන්නේ. මේවා තමයි හොඳම විහිලු. ජනාධිපති අගමැති දෙන්නා එකතු වෙලා හදන්න යන්නේ පොහොසත් රටක් නෙමෙයි අපොහොසත් රටක් කියලා අපි කියනවා.

ජනාධිපතිවරයා කියන පරිදි 2020 වන තුරු බලයේ හිටියොත් ප්‍රතිපත්ති ප්‍රකාශන අසූ හාරදාහක්වත් ඉදිරිපත් කෙරනවාට සැකයක් නැහැ. එච්චර කාලයක් මේ ආණ්ඩුව බලයේ තියන්න රටේ ජනතාව සූදානම් නැහැ. මැතිවරණයක් තිබ්බා නම් ආණ්ඩුවට ජනතාවගේ මතය දැනගන්න තිබුණා. මෙයාලා මැතිවරණ කල්දාන්නෙත් ජනතාවගේ මතය මොකක්ද කියලා හොඳාකාරවම දන්නා නිසයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

9,959 Viewers

7 Comments to “2020 වන විට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන අසූහාරදාහක්.. බුදුන් තෙවරක් වැඩි බෞද්ධ රාජ්‍ය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක්..”

  1. tharindu says:

    mahinda chinthana idiri dakmak
    aye
    hadanna wipakshayata thiyana prathi patthiya janatawata penwanna…..

  2. love nature says:

    යු එන් පී කියන්නේ කුරුස පක්ෂයක් බුදුදහමට තැනක් නැහැ

  3. siraa says:

    Ane gono, thoth hambayage chandeta paawala dena horekne…

  4. john the baptice says:

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

  5. gamarala says:

    ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර සහෝදරයාගේ ආදරණීය පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී පැවැත්වුණා.

  6. LION says:

    2002 බුද්ධශාසන කොමිෂන් සභා ජනාධිපති වාර්තාව නිකුත් වුණා. එහි තිබෙනවා පැහැදිලිව අන්‍යාගමිකයන් බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව. 1956 බණ්ඩාරනායක යුගයේත් විශිෂ්ට බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවක් පිටවුණා. බුදුදහමට එල්ලවන තර්ජනවලට ගතයුතු ක්‍රියාමාර්ග පවා එහි සඳහන් වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාලයේ බෞද්ධ විහාර දේවාලගම් ඉඩම්වලට අදාළ ගැටලු පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සකස් වුණා.

    මේ ආකාරයට රාජ්‍ය මට්ටමින් වගේම රාජ්‍ය නොවන මට්ටමිනුත් බුද්ධ ශාසනයට වන හානි අධ්‍යයනය කරලා වර්තාවන් නිකුත් කර තිබෙනවා. මේ වාර්තාවලින් රජය පවා පිළිගන්නවා බෞද්ධයන්ට අසාධාරණයක් වෙනවා කියලා. පිළිගත්තට පිළියම් කරන්නේ නැහැ. මේ අසාධාරණය ඇස් පනාපිට පේනවා.

    ඇතැම් අන්‍යාගමිකයෝ ඍජුවම තම ආගමික ඉල්ලීම් කරනවා. නමුත් අපි ආගමික ඉල්ලීම් කරන්නේ නැහැ. පුරාවිද්‍යා භූමියක්, පුණ්‍ය භූමියක් විනාශ වනවිට එයට එරෙහිව භික්ෂූන් වහන්සේ කතා කරනවා පමණයි. එලෙස කතා කිරීම ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීමක් කියලා පැවසීම නොමඟ යාමක්.

    ඇතැම් අන්‍යාගමික දේශපාලනඥයන් පවසනාව තමන්ගේ ගම්බිම්වල පුරාණ නෂ්ඨාවශේෂ විහාරවල බුදු පිළිම පිහිටුවීම බියජනක පසුබිමක් ඇති කරනවා කියලා. එය විහිළුවට කාරණයක්. මේ හැම පාලකයෙක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා බුද්ධාගම සුරක්ෂිත කරන බවට.

  7. ප්‍රසාද් says:

    ඔව් අපිට මතකයි මහලොකු බෞද්ධ දේශප්ප්‍රේමින්ගෙ කාලේ ඳළදා මාලිගාව ඉස්සරහ නටපු නාඩගම් දැන් කෑගහන මෙයාලා ඒ කාලේ කොහෙද දන්නෑ හිටියෙ මෙයාලට බැරිවුණා මෙයාලගෙ අවුරුදු 10 ඇතුලත මාලිගාවේ රං වැටේ රං ආලේප කරන්න ඒකත් කරන්නේ මෙයාලා කියන බුද්ධාගම නැති කරන්න යන අගමැති.

Leave a Comment

Main News