2025 දී ඒඩ්ස් වලින් තොර ශ්‍රී ලංකාවක්…

December 2, 2017 at 2:07 am | lanka C news
2025 දී ඒඩ්ස් වලින් තොර ශ්‍රී ලංකාවක්…

ලෝක ඒඩිස් දිනය වෙනුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ පැවැති ප්‍රධාන රැස්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර දී පැවැත්විනි.

අයහපත් කාලගුණය හේතුවෙන් ජනතාව දැනුවත් කිරීමේ පාගමන නොපැවැත්වුන අතර, ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් පැවැත්විනි. එය ආරම්භ වුයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බැලුන් බෝල උඩ යැවීමෙන් අනතුරුවය.

“වසර 2025 වනවිට ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් රෝගය තුරන් කරමු” යන සංකල්පය මත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් අනුව මේ වනවිටත් විවිධ වැඩසටහන් දියත් කර තිබේ.

ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩිස් මර්දන ව්‍යාපාරයේ දත්ත වලට අනුව 2017 සැප්තැම්බර් මාසය වන විට රෝගීන් 2766 ක් වාර්තා වී ඇත.

ඉන් 1087 ක් පුරුෂයින් වන අතර, 959 ක් ස්ත්‍රීන් වේ. 2016 වසරේ දී එචි.අයි.වී ආසාදිතයින් 249 ක් අලුතෙන් සොයාගෙන ඇත.

කලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට HIV ආසාදිතයින් 32 ක් ප්‍රතිකාර ලබන බව කලුතර ලිංගාශ්‍රීත රෝග හා HIV/AIDS මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසුරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

2017 වසරේ දී HIV ආසාදිතයින් 11 ක් කලුතර දිස්ත්‍රික්කයෙන් සොයාගෙන ඇත. ඉන් බහුතරයක් පුරුෂ සමලිංගික සම්ප්‍රේෂණය නිසා HIV ආසාදිතයින් වී ඇති බව ඇය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සංචාරක ව්‍යාපාරය පවතින දිස්ත්‍රික්ක වල විවිධ ඒඩිස් මර්දන දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කර ඇත.

– ප‍්‍රසන්න අධිකාරී

1,315 Viewers

Leave a Comment

Main News