ගෝඨාභය නීතියට උඩින් ද?

July 6, 2018 at 12:02 am | lanka C news
ගෝඨාභය නීතියට උඩින් ද?

“ගෝඨා භය“ නමැති රෝගයෙන් පෙලෙන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විවිධ චෝදනා නගති.  එහි ඉදිරියෙන්ම සිටින්නේ ජනපති සිහිනයෙන් පෙලෙන සිල් බිඳ ගත් ඇමතිවරයෙකි.  ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ගණනාවක් නගයි.  අපි ඒ එක් එක් චෝදනාවට පිලිතුරු නගමු.

ගෝඨාභය මහතා කිසිම දිනක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නොහැකි වුණු බවත් ඔහු නීතියට උඩින් සිටින පුද්ගලයෙකු බවට පත් වී සිටින බැවින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ ඇති බවත් මෙම ඇමතිවරයා පවසයි.  නමුත් ඇත්තෙන්ම සිදු වූයේ මෙයට හාත්පසින්ම වෙනස් දෙයකි.

මෙම ආණ්ඩුව තමන්ට අනාගතයේ තර්ජනයක් විය හැකි ප්‍රධානතම පුද්ගලයින් දෙදෙනා ලෙස හඳුනා ගත්තේ හිටපු ජනපති මහින්ද මහතා සහ ගෝඨාභය මහතා යන යුද ජයග්‍රහණයේ නියමුවන් දෙදෙනාය.  එබැවින් ජනපතිවරණ දෙකක් ජයග්‍රහණයක කළ පුද්ගලයෙකුට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කර මහින්ද තර්ජනයට තිත තැබීය.  ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කලේ ගෝඨාභය මහතා ඉලක්ක කරගෙනය.  නමුත් ඔහු ඇමෙරිකානු පුරවැසිකම අත්හැරියොත් ජනපතිවරණයට තරග කළ හැකි වේ.  එබැවින් බටහිර බලවතුන්ගේත් වත්මන් ආණ්ඩුවේත් පළමු ඉලක්කය බවට පත් වුණේ ගෝඨාභය මහතාය.

ඇවන්ට්ගාඩ් යනු ජාතියට විදෙස් විනිමයත් විශ්‍රාමික රණවිරුවන්ට රැකියාත් ලබා දෙන ලොවට නැවුම් සංකල්ප ගෙනා සමාගමකි.  ජාතියේ ධන නිධානය ලෙස සම්මාන ලැබිය යුතු මෙම සමාගම බිහි කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස ආණ්ඩුව හුවා දැක්වූයේ ගෝඨාභය දඩයම සිතේ තබා ගෙනය.  ඒ අනුව ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහිව දඩයම ඇරඹුවේ  ආණ්ඩුව බලයට පැමිණ මාසයක් ඇතුලතය.  ඉන් පසු සෝද සෝදා මඩේ දමන වසර 12ක් පුරා වංචාවක් සිදු වී නොමැති බවට තාර්කිකව කරුණ දක්වා ඇති මිග් ගුවන් යානා මිළ දී ගැනීම මහ වංචාවක් බවට පත් විය.

මීට පෙර අප විසින් කරුණු දක්වා ඇති පරිදි හුදු වාණිජමය ගනුදෙනුවක් වුණු ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම ද අපරාධ වරදක් කෙරිණි.  එයින් ද ආණ්ඩුව සෑහීමකට පත් නොවිණි.  එජාප නායකයින් විසින්ම අතීතයේ දී වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙකුට චෝදනා එල්ල කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සඳහා හදිසියේම ගෝඨාභය මහතා චුදිත විය.  අපරාධ නිර්මාණ කරමින් ද ලංකාවේ අපරාධ නඩු ක්‍රියා පටිපාටිය අළුතින් ලියමින් ද මෙම නඩු ගොනු කඩිමුඩියේ සැකසිණි.  ඒ අනුව සුරංගනා කතා බඳු බී වාර්තා සහ අධිචෝදනා පත්‍ර උසාවියේ ගොනු කෙරිණි.

තමන් නොකළ වැරදි ගොන්නකට තමන්ට දඬුවම් විඳීමට සිදු වන බව ගෝඨාභය මහතාට පෙනිණි.  විධායකය විසින් පොලීසිය සහ නීතිපති සමග එකතු වී  නීතිය නැමීම ඉහළ අධිකරණයේ දී අභියෝගයකට ලක් කළ යුතු බව සමාජයේ පොදු පිලි ගැනීම විය.  ඒ අනුව අධිකරණයේ ගොනු කළ බී වාර්තා සහ අධිචෝදනා පත්‍ර මෙන්ම අසාධාරණ අත්අඩංගුවට ගැනීමේ සූදානම ද ඉහළ අධිකරණයේ දී අභියෝගයට ලක් කෙරිණි.

ඉහළ අධිකරණයක් විසින් පහළ අධිකරණයක් හෝ විධායකය විසින් ගත් තීරණ නැවැත්වීම, අත්හිටුවීම හෝ සංශෝධනය කරන්නේ එහි නීතිමය දෝෂයක් ඇත්නම් පමණි.  ඉහළ අධිකරණ තුල සිටින්නේ රටේ ජ්‍යෙෂ්ඨතම විනිසුරන්ය.  ඔවුන් තීන්දු ලබා දෙන්නේ ද විනිසුරන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් එක් වීය.  එබැවින් විධායක සහ පහළ අධිකරණ තීන්දු වලට වඩා ඉහළ අධිකරණ තීන්දු තුල තාර්කික බව දැකිය හැකිය.

ගෝඨාභය මහතා වෙනුවෙන් නිකුත් කළ තහනම් නියෝගයින් පෙන්වන්නේ ලංකාවේ අධිකරණය තවමත් ආණ්ඩුව පවසන අයුරින් දූෂිත නොවන බවයි.  මන්දගාමි ද නොවන බවයි.  දේශපාලන පලි ගැනීම් වල ගොදුරු වන අයට අධිකරණයෙන් සහනයක් ලැබිය හැකි බවයි.  අනිත් අතට රටේ අධිකරණය දූෂිත හෝ මන්දගාමි නම් ඊට වගකිව යුත්තේ ද වත්මන් ආණ්ඩුවයි.  යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ සියළුම වැදගත් තනතුරු පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවයි.  එකී සභාවේ සිටින සාමාජිකයින් හත්දෙනෙකු නිල හෝ නොනිල ලෙස ආණ්ඩුවේ සාමාජික දේශපාලකයින්ය.  ඉතිරි තිදෙනා අගමැති සහ ආණ්ඩුවට කීකරු විපක්ෂ නායක විසින්  සාමුහිකව තෝරා ගත් අයයි.  වත්මන් අගවිනිසුරු ද ඉහළ අධිකරණයන් හි බහුතරයක් විනිසුරුවරුන් ද පහළ අධිකරණයන්ට විනිසුරුවරුන් පත් කරන අධිකරණ සේවා කොමිසමට සාමාජිකයින් ද පත් කර ඇත්තේ ආණ්ඩුවයි.

එමෙන්ම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ මී ළඟ වැදගත්ම තනතුරු වන නීතිපති සහ පොලිස්පති පත් කර ඇත්තේ ද මේ ආණ්ඩුවයි.  එබැවින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දූෂිත හෝ මන්දගාමි නම් ඒ පිළිබඳ වගකීම භාර ගත යුත්තේ ද ආණ්ඩුවයි. විනිසුරන් තමන් රිසි අයුරින් නඩු තීන්දු ලබා නොදෙන විට අධිකරණයට දූෂිත යැයි
පැවසීම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මෝස්තරයකි.  ඒ අතර ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික ඇමතිවරුන් ද සිටීම ඇත්තෙන්ම හාස්‍යජනකය.

ගෝඨාභය මහතාට එරෙහිව නගන දෙවන තර්කය වන්නේ ඔහු සැබැවින්ම දේශප්‍රේමි නම් ජනපතිවරණ අපේක්ෂකයා වුණත් නැතත් ඔහු සිය ඇමෙරිකානු පුරවැසිකම අත් හළ යුතු බවයි.  යමෙකුගේ දේශප්‍රේමිත්වය මැනිය යුත්තේ ඔහු රට වෙනුවෙන් කෙතරම් අභීතව පෙනී සිටී ද යන්න මත මිස ඔහුගේ දෙවන පුරවැසිකමෙන් නොවේ.  ජනපති මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ ලොව බලගතුම ත්‍රස්තවාදයෙන් මව්බිම පුදා ගැනීමට නායකත්වය ලබා දුන්නේ ඔහුය.  කොටි ත්‍රස්තවාදය රැක ගැනීමේ අරමුණෙන් බටහිර රටවල් විසින් සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ලංකාණ්ඩුවට බලපෑම් කරන විට එකී බලපෑම් වලට සෘජුවම ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පීඩනයට එරෙහිව ඉදිරියෙන්ම සිටියේ ඔහුය.

සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස බලපෑම් කිරීමට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ විදේශ ඇමතිවරුන්ට ශ්‍රී ලංකාව තව දුරටත් ඔවුන්ගේ යටත්විජිතයක් නොවන බව සිහිපත් කලේ ගෝඨාභය මහතාය.  කොටි වෙනුවෙන් පෙනී සිටි ඇමෙරිකානු ආණ්ඩුවට එවැනිම කර්කශ ප්‍රතිචාරයක් දැක්වීමට ඔහුට සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රශ්නයක් නොවිණි.  සිය පුරවැසියා ලංකාවේ පළමු පුරවැසියා වෙන්නේ නම් ඇමෙරිකාව සතුටු විය යුතුය.  ගෝඨාභය මහතාගේ ජනපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ ඇමෙරිකානු තානාපති දක්වා ඇති ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ යුද සමයේ සිය පුරවැසියා විසින් ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයන් එරට ආණ්ඩුවට තවමත් රිදුම් දෙන බවයි.  ඇත්තෙන්ම මෙරට පමණක් පුරවැසියන් ඇමෙරිකානු නිලධාරින් ඉදිරියේ නිවටව හැසිරෙන විට ඇමෙරිකාවේ ද පුරවැසියෙකු වූ ගෝඨාභය මහතා ඇමෙරිකාව ඉදිරියේ පෙන් වූ නිර්භීත බව සමස්ත ජාතියටම ආදර්ශයකි.

ගෝඨාභය මහතාගේ දේශප්‍රේමිත්වයට ඇමෙරිකානු පුරවැසිකම ආධාරයක් මිස බාධාවක් නොවුණු බව ඉහත නිදසුනෙන් පැහැදිලි වුවත් ඔහු තව දුරටත් ඇමෙරිකානු පුරවැසිකම දරා සිටීමට මා සිතන හේතු ද ජනතාව ඉදිරියේ තබමි.

පළමු හේතුව වන්නේ ඇමෙරිකානු පුරවැසිකමෙන් ඔහුට ලැබෙන ආරක්ෂාවයි.  යුද අපරාධ පිළිබඳ විභාග කර දඬුවම් කිරීමට බලය දී ඇති ආයතනය වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයයි.  නමුත් එකී අධිකරණය පිිහිටුවීමට ඇමෙරිකාව දැඩි ලෙස විරුද්ධ විය.  එරට විරෝධය මැද එකී අධිකරණය පිහිටුවීමෙන් පසු ඇමෙරිකාව විසින් 2002 දී අපූරු පනතක් සම්මත කලේය.  යම් ඇමෙරිකානු පුරවැසියෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට රඳවා ගෙන ඇත්නම් ඇමෙරිකානු හමුදා මෙහෙයවා ඔහුව නිදහස් කර ගැනීමට මෙම පනතින් ජනාධිපතිට බලය ලබා දී තිබේ.  එසේම ඇමෙරිකානු පුරවැසියන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නොපමුණුවන බවට රටවල් රාශියක් සමග ඇමෙරිකාව විසින් ද්විපාර්ශවීය ගිවිසුම් අත්සන් කර ඇත.  එබැවින් ඇමෙරිකානු පුරවැසිකම තිබෙන තුරා ලොව කිසිම රටකට යෑමට ගෝඨාභය මහතා පැකිලීමට අවශ්‍ය නැත.  මන්ද ඔහුව අත්අඩංගුවට ගෙන ඇමෙරිකානු ආක්‍රමණයකට මුහුණ දීමට කිසිම රටක් කැමති නොවන හෙයිනි.

දෙවන හේතුව වන්නේ ඔහුගේ එකම දරුවා ජීවත් වන්නේ ඇමෙරිකාවේ වීමයි.  ඇමෙරිකාව සිය පුරවැසිකම අත්හැරීම දකින්නේ ඇමෙරිකාවට කරන අපහාසයක් ලෙසිනි.  නැතහොත් තමන් කැමැත්තෙන් ලබා දුන් තෑග්ගක් යළි භාර දීමක් ලෙසිනි.  එබැවින් ඇමෙරිකානු පුරවැසිකම අත් හල පුද්ගලයෙකුට නැවත ඇමෙරිකානු වීසා ලබා ගැනීම දුෂ්කරය.  එබැවින් එකම දරුවාගේ හදිසි අවශ්‍යතාවයකට වුවද ඇමෙරිකාව යෑම දුෂ්කර වනු ඇත.

මෙම හේතු දෙකම මත ජනපතිවරණයට මාස 15ක් තිබිය දී ඇමෙරිකානු පුරවැසිකම අත් හැරීම අපට සම කළ හැක්කේ මුහුදට හත් ගව්වක් තිබිය දී අමුඩ ගැසීමට පමණි.

– උදය ගම්මන්පිල ම

50,951 Viewers

17 Comments to “ගෝඨාභය නීතියට උඩින් ද?”

  1. Snow White says:

    Panama Chumpaka is trying to go against the aspirations of the patriotic people of Sri Lanka.

    • sarath says:

      මෙවැනි පුද්ගලික වාසි..ලාභ සදහා බලාගෙන ඉන්නන් ජනාධිපති කරගනිමු සුදො…

    • Anuradha says:

      අනේ ගම්මන්පිල මහත්තයො ලංකාවේ හමුදාවම ඇමෙරිකාවට පවරාදෙමු.වැඩේ ගොඩ.

  2. Well said, and, to the best of my knowledge and Hon. Gothabhaya, all patriotic forces in this country are expecting your victory to be the president in this country.

  3. Dushantha says:

    අනේ ඔච්චර කෑ ගහන්ඩ දඟලන්ඩ දෙයක් නෑ බං චන්දෙට තියපන් ඕන්නන් පොල්පිත්තක් මහින්ද පිටිපස්සෙන් ඉඳලා ඒත් දිනනවා. දෑන් මේ නපුන්සක ආන්ඩුව මින්ස්සුන්ට එපාම වෙලා තියෙන්නෙ. අර බුලත් කොලේට දීපු සීයට 12න් දෑන් සීයට පහක් වත් නෑ. ඊ ගාව චන්දෙන් බලපන්කො බොරුනන්.

  4. Buddhist says:

    Dan thamai hari welawa lankawata pita ratin neethipathila genna wenawa. Lankawe egollo bayay Gota ta.

  5. Sam says:

    Hari ho weradi mahindage Rajaye kaalaye mahindage sithum pethum weleta adikerana niyoga nodunnoth neethiye dewagneta sidu wechcha dewal apita amathakai..

  6. Kamal says:

    ගොවිරජා ජනාධිපති වීමෙන් කෘෂිකර්ම වලපල්ලට ගියා සේ ගෝඨා ජනාධිපති වීමෙන් කෘෂිකර්මය නැත්තටම නැතිවී ලංකාව පිටරැටියන්ට නවාතැන්දෙන ගොඩනැගිලි පුරයක් වෙයිද ?

    • සීගිරි says:

      නෑ. තව අවුරුදු දහසකටවත් කොටි ත්‍රස්තවාදය නැවත හිස එසවීමට ඉඩ නොලැබෙන ශ්‍රී ලංකාවක් බිහිවනු ඇත.

      • සීගිරි says:

        ගෝඨා ඩුප්ලිකේට් සීගිරිලාව හයර් කරනවා…. හොරැ සීගිරිට බය වෙලා…

        • ඇත්ත says:

          දවල්ද?

        • බබා says:

          යන්නෙ කොහෙද? මල්ලෙ පොල්.

        • ජයමල් says:

          ජෙප්පෝ මෙච්චර කල් කාටහරි අධෝ වාතයක් ගියත් ඒකටත් මහින්දට බනින්ඩ තියා ගත්ත.
          දැන් ගෝඨා දේශපාලනයට එනවයි කියල දැන ගත්ත ගමන්, කිසිම හෙවිල්ලක්, බැලිල්ලක් නැතුව
          එතුමට බනින්න පටන් අරන්.

  7. Point Blank says:

    අන් – නාසි හිට්ලර්ගේ “කියත් මඟ” ගැන අහද්දී මතක් වෙන්නේ එයා ගෙදර සුරතලයට ඇති කල වෙජිටේරියන් මෝරාගේ කටේ දත් අතරින් බඩට යන පාරයි..
    සැ.යු : ‘රතු එලිය’ ගැන විමසිලිමත් වන්න.

  8. නැවුම් මාවත says:

    ගෝඨා ආවොත් එක්නැලිගොඩ අතුරුදහන් කරවීම, ගල් අගුරු ටෙන්ඩරවලින් ගසා කෑම, අතුරුගිරියේදී තරුනයෙකු වාහනයකට
    හප්පවා පලායාම, හොඳින් සිටි තරුනයෙකුගේ හිසට බලහත්කාරයෙන් කරන්ට් ඇල්ලවීම වැනි දේවල් වලට නීතිය ක්‍රියාත්මක වේයයි ආලපාලු රනවක හොඳටම බයවී සිටී.

    එනිසා ගෝඨාගේ පැමිනීම වැලකීමට හැකි හැම දෙයක්ම ඔහු කරනු ඇත.

    • සිල්වි says:

      ඇයි ලෙස්ටර්ගේ හිසට, K.P.ගේ හිස බද්ධකර ෆොටෝ ෂොප් කරවීම.

    • වර්නසින්හ says:

      ගල්අඟුරු ටෙන්ඩර් වලින් හොරාකෑ මුදල් පැනමා රටේ ඇති රහස් බැංකු ගිනුම්වල අමරබන්දුගේ නමින් තැන්පත් කිරීමත් මූල්‍ය විශෝදන පනත යටතේ සිරදඩුවම් ලැබිය හැකි වරදක් නේද?

Leave a Comment

Main News