චන්දිමාල්ට, හතුරුසිංහට, ගුරුසිංහට ICC විසින් ටෙස්ට් තරග තහනමක් පනවයි..

July 12, 2018 at 9:20 am | lanka C news
චන්දිමාල්ට, හතුරුසිංහට, ගුරුසිංහට ICC විසින් ටෙස්ට් තරග තහනමක් පනවයි..

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකාරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය විසින් ටෙස්ට් තරග දෙකක දෙකක තහනමක් පනවා ඇත.

බටහිර ඉන්දීය කොදෙවු පිලට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී තරගයේ ජීව ගුණයට හානි කලේ යයි මෙම දඬුවම පනවා තිබේ.

එම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණීම ප‍්‍රමාද කිරීම නිසා මෙම දඬුවම පනවා තිබේ.

මේ අනුව ඔවුන් තිදෙනාට එළැඹෙන අප‍්‍රිකානු සංචාරයේ මුල් තරග දෙක අහිමි වීමට නියමිතය.

එම තරග දෙක සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම සුරංග ලක්මාල්ට පවරා ඇත.

16,845 Viewers

One Comment to “චන්දිමාල්ට, හතුරුසිංහට, ගුරුසිංහට ICC විසින් ටෙස්ට් තරග තහනමක් පනවයි..”

  1. Rajasinha says:

    Shakib AL Hassan bangaliya 20-20 nidahas kusalanaye Lankawata erehi tharangayedi murgayek lesa kandayama pavilion ekata katha karamin hasiruna, ekata kisima thahanamak nehe. 25% dadayak witharai. Mey awaneethiya kaatada kiyanne. Meka bookie karaya sumathipalage wadak.

Main News