ඥාණසාර හිමි අභියාචනාධිකරණය විසින් වරදකරු කරේ.. වසර 19ක සිර දඬුවම්.. යලිත් ජම්පරේ…

August 8, 2018 at 11:20 am | lanka C news
ඥාණසාර හිමි අභියාචනාධිකරණය විසින් වරදකරු කරේ.. වසර 19ක සිර දඬුවම්.. යලිත් ජම්පරේ…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ චෝදනා 04ට උන් වහන්සේ වරදකරු යැයි අද අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.

උන් වහන්සේට වසර 19ක සිර දඩුවමක් වසර 06 කින් ගෙවී යන පරිදි නියම කර තිබේ.

මෙම තීන්දුව දැනුම්දෙනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විසින් නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම අවසන් වූ පසු අධිකරණය තුළ කලහකාරීව හැසිරෙමින් ඥාණසාර හිමි විසින් අධිකරණයට අපහාසයක් කළේයැයි විභාගකර පියවරක් ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පැමිණිල්ල යොමුකර තිබිණි.

ඒ අනුව අද දිනයේ අභියාචනාධිකරණය විසින් තීන්දු කරන ලද්දේ ඥාණසාර හිමියන්ට විරුද්ධව ගොනු කරන ලද චෝදනා හතරකටම උන්වහන්සේ වරදකරු බවයි.

මේ වන විට ඥාණසාර හිමියන් රෝගී තත්වයක් නිසා රෝහල්ගත කර සිටී.

37,640 Viewers
Main News