ජනබල විරෝධයේ කිලෝ මීටරයක් පයින් යාගත නොහැකිව පක්‍ෂ නායකයා පාරේ පැයක් බිම ඉදගනී.. ජනතාව කොචොක් කරමින් සෙල්ෆි ගහති..

September 8, 2018 at 10:00 am | lanka C news
ජනබල විරෝධයේ කිලෝ මීටරයක් පයින් යාගත නොහැකිව පක්‍ෂ නායකයා පාරේ පැයක් බිම ඉදගනී.. ජනතාව කොචොක් කරමින් සෙල්ෆි ගහති..

සැප්තැම්බර 05 වැනිදා කොළඹදී ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද ‘ජන බලය කොලඹට’ විරෝධතාවය සඳහා පැමිණි පක්‍ෂ නායකයෙකු පයින් යාමට නොහැකිව විරෝධතාවයේ සෙනග මැද මහ පාරේ පැයකට ආසන්න කාලයක් බිම වාඩි වී හති ගනිමින් සිටියේ යැයි වාර්තා වේ.

මෙම පක්ෂ නායකයා බිම වාඩි වී ඇත්තේ කොටුවේ බෝගස අසල සිට ලේක්හවුස් වටරවුම දක්වා වූ කිලෝමීටරයක පමණ වූ දුර යා ගත නොහැකිවයි.

මෙම පක්ෂ නායකයා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙකු වන අතර පා ගමනින් එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද මඟ හැරී තිබේ.

පයින් යාගත නොහැකිව බිම වැටී සිටි දේශපාලඥයා ළඟට පැමිණි විරෝධතාකරුවන් ඔහු සමඟ සෙල්ෆි ඡායාරූප ගත් බවද වාර්තාවෙයි.

එමෙන්ම උද්ඝෝෂණ පෝස්ටරයකින් මෙම පක්ෂ නායකයාට පවන් ගසා ඇති අතර අසල සිටි අයෙක් වතුර බෝතලයක් බීමටද දී ඇතැයි සඳහන්ය.

එහි සිටි ඇතැමුන් පවසා ඇත්තේ සැප වාහන වලම ගමන් බිමන් ගොස් පුරුදු වූ මෙන් මෙම මන්ත්‍රීවරයාට කිලෝමීටරයක් පයින් යන්න බැරිව ඇති බවයි.

පැයක් පමණ බිම වාඩිවී සිටි මෙම පක්‍ෂ නායකයා සිය ආරක්ෂකයා පැමිණි පසු බොහෝ අමාරුවෙන් ඔහු විසින් වත්තම් කරගෙන ලේක්හවුස් වටරවුමට ගොස් තිබේ.

40,069 Viewers

3 Comments to “ජනබල විරෝධයේ කිලෝ මීටරයක් පයින් යාගත නොහැකිව පක්‍ෂ නායකයා පාරේ පැයක් බිම ඉදගනී.. ජනතාව කොචොක් කරමින් සෙල්ෆි ගහති..”

  1. Poramola says:

    Who is this Dial ? .Vasu or Dinesh?

  2. somapala says:

    ඉතින් ඒකත් ප‍‍රශ්නයක්ද. වයසට ගියාම කාටත් ඔහොම වෙනවනෙ හලෝ

  3. Love nature says:

    බෞද්ධ සංස්කෘතිය අනුව හික්මුණු කරුණා, මෛත්‍රී ගුණයෙන් යුතු අපේ ජනතාව අසරණව ඉන්න අයට අවශ්‍ය පිහිට නිසි අයුරින් ලබා දෙන අයුරු පැසසුම් විය යුතුය,

Main News