ආණ්ඩුව පෙරළන්න කණ්ඩායම් දෙකක් මෛත්‍රි-මහින්ද සමඟ රහස් කතා.. අගමැතිකම බාරගන්න මහින්ද සූදානම්..

September 8, 2018 at 12:00 pm | lanka C news
ආණ්ඩුව පෙරළන්න කණ්ඩායම් දෙකක් මෛත්‍රි-මහින්ද සමඟ රහස් කතා.. අගමැතිකම බාරගන්න මහින්ද සූදානම්..

නොවැම්බර් 08 වැනිදා ආරම්භ වන අය වැය විවාදයේදී ආණ්ඩුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කණ්ඩායම් දෙකක් වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ ඉදිරියටත් මෙම ආණ්ඩුව ගමන් කළහොත් ඉතා දරුණු ආර්ථික අගාධයකට රට ගමන් කරන බවත් ඇමෙරිකානු ඩොලරයේ අගය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආර්ථික කරුණු රැසක් මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්වී ඇති බවත් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

‘ජනබලය – කොළඹට’ විරෝධතා ව්‍යාපාරයට විශාල පිරිසක් සහභාගි වී ඉතා කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකර සිටි බවත්, රටේ පොදු මහජනතාවගේ මෙම බලකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

අය වැය විවාදය නොවැම්බර් මාසයේදී ආරම්භ වන නිසාත් අය _ වැයේදී ආණ්ඩුව වෙනස් කිරීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙන නිසාත් ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවලද සහාය ලබාගෙන ආණ්ඩුව වෙනස් කිරීමට අදාළ වන මෙම සාකච්ඡා දිගටම සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. 15 දෙනාගේ කණ්ඩායමේ ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මෙම සාකච්ඡාව පවත්වන බවත් තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟද මෙම සාකච්ඡාව සිදුකරන බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව වෙනස් කිරීමට අවස්ථාවක් ලැබුණු විට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නවාද කියා තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් රට හා පොදු ජනතාව වෙනුවෙන් එය මඟහරින්නේ නැති බවට මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිචාරයක් ලැබුණු බවත් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– mawbima

20,844 Viewers

7 Comments to “ආණ්ඩුව පෙරළන්න කණ්ඩායම් දෙකක් මෛත්‍රි-මහින්ද සමඟ රහස් කතා.. අගමැතිකම බාරගන්න මහින්ද සූදානම්..”

  1. මොකා ආවත් JVP එක එන්නෙ නැහැ……ගද ගහන තුවාලෙ හිගන්නට වටින නිසා…

  2. Asaranaya says:

    පඹයා භයවෙලා සෙල්ලම් එනවා එලියටා
    16 තනිවෙලා උගුලක් අදියි හරියටා,
    මිනිසුන් දැක රෙද්දේ හුජ්ජ නේද හුටා,
    යන්න පඹයෝ යන්න මෙන්න ඔබට ටටා

  3. අර හොරුන්ගෙ රස්තියාදුවට කෙලවුනාට පස්සෙ දැන් ආයේ හීන දකිනවැයි?

  4. සනත් says:

    ත්‍රිවිල් වලින් මීටත් වඩා කරදරයක් මේ රටේ මිනිසුන්ට සිද්ද වෙනවා .
    ත්‍රිවිල් කියන්නේ සමාජ උවදුරක් එක නවත්තන්න ඔය කමිටු දාලා වැඩක් නෑ .
    කරන්න ඕනා දේ බොහොම පැහැදිලියි .වහාම තවදුරටත් ත්‍රිවිල් මේ රටට ගෙන්වීම නවත්වන්න .
    දැන් ත්‍රිවිල් තියෙන ප්‍රමාණය රටට ඇති
    තව දුරටත් ටැක්සි ත්‍රිවිල් පැදවීමේ බලපත්‍ර දෙන එක නවත්තන්න ඒවගේම අවුරුදු 35ට අඩු කිසිම කෙනෙක්ට ඔය බලපත්‍රය තව දුරටත් දෙන්න එපා .
    ත්‍රිවිල් රැකියාව කරන අය සම්පූර්ණයෙන් පුනුරුත්තාපනය කරන්න වෙනවා ඒ සඳහා කණ්ඩායම් වශයෙන් පුනුරුත්තාපන වැඩ පිළිවෙලක් සඳහා වොඋන්ව යොමු කරන්න .වැරදි කරන ත්‍රිවිල් රියදුරන්ට නැවත නැවත එම පුහුණුවට යොමු කර ඔවුන් පුනුරුත්තාපනය කරන්න .
    සමාජ වැරදි කරන (ගැහැණු ළමුන් පැහැරගෙන යාම මංකොල්ල කෑම ,නීති විරෝදී මත්පැන් ප්‍රවාහනය ,මාල කැඩීම වැනි ) ත්‍රිවිල් රියදුරන්ගේ ටැක්සි අවලංගු කරන්න .
    ත්‍රිවිල් වලට පාරේ දකණු ලෙන් එකේ යාම තහනම් කරන්න (දැනටත් කොළඹ මිගමු පාරේ ක්‍රියාත්මකයි )
    ත්‍රිවිල් උපරිම වේගය 40කිලෝමීටර් කරන්න .
    ත්‍රිවිල් අමතර කොටස් වලට පනවා ඇති බදු 100% වැඩි කරන්න

    රටේ කර්මාතශාලා වල නිරතුරුව රැකියා 50000 ඇබෑර්තු තිබෙනවා පාරේ ජිවත් වන සමාජයට හිරිහැරයක් වී ඇති පිරිසක් බිහිකරන්නේ කුමකටද ?වහාම ත්‍රිවිල් රියදුරන් විකල්ප රැකියා සඳහා යොමු කරන්න

  5. vishnu says:

    වාසුදේවය එන්නෙනම් හොඳ පොටකට නෙමෙයි

  6. Love nature says:

    නැවත ආප්ප කෑමෙන් වලකින්න

  7. PULATHISI says:

    ධාතු කරඬුව හිසේ තියාගෙන, පක්‍ෂය අතෑරල යන්නේ නැහැ කියල දිවුරපු පක්‍ෂයේ මහලේකම් පැය විසිහරක් යන්න කලින් පක්‍ෂය දාලා ගියේ දේශ ද්‍රෝහීකණ්ඩායමේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙසය. ඉතින් එවැනි කෙනෙකු විශ්වාස කරන්නේ කෙසේද? විග්නේශ්වරන්ගේ මස්සිනා වන වාසු පිළිබඳව ද දේශහිතෛෂීන් කිසිදු විශ්වාසයක් නොමැත.

Main News