නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා පොලිස්පති පූජිත ජයසුන්දර අතර අතිශය සමීප සබතතා හෙලිවෙයි..

September 26, 2018 at 2:10 pm | lanka C news
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා පොලිස්පති පූජිත ජයසුන්දර අතර අතිශය සමීප සබතතා හෙලිවෙයි..

පිිවිතුරු හෙළ උරුමය පක්‍ස මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අතර  පවතින අතිශය සමීප සම්බන්ධතාවය මේ වන විට ඔප්පු වෙලා හමාරයි. ඒ සඳහා ප්‍රබල සාක්ෂි පහක්ම තිබෙනවා.  පළමුවෙන්ම, නාලක ද සිල්වාට කූට ලේඛණ චෝදනා එල්ල වන විට කොටි ත්‍රස්තවාදින් නිදහස් කිරීම පිළිබඳ චෝදනා එල්ල වන විට භික්ෂුන් වහන්සේලාට පා පහර දීම පිලිබඳ චෝදනා එල්ල වන විට සෑම අවස්ථාවකම නාලක ද සිල්වාව බේරා ගත්තේ පොලිස්පති.

දෙවනුව, ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන චෝදනා එල්ල වන විට පොලිස්පතිගේ ප්‍රතිචාරය වුණේ මොකද්ද? නාලකට පොලිසියේ හතුරන් ඉන්නවා.  මේක ඒ අයගේ වැඩක් වෙන්න පුළුවන්.  තෙවනුව, ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රභලතම සාක්ෂියක් වු හඬ පටය පරීක්ෂාවට ලක් කිරීමටත් කලින් ඒක ව්‍යාජ හඬ පටියක් යැයි පොලිස්පතිවරයා පවසනා.

සිව්වෙනුව, ඉහළ නිලධාරියෙකුට මෙවැනි චෝදනාවක් එල්ල වුණාම කළ යුතු පළමු දේ තමයි ඔහුව වැඩ තහනමට ලක් කරන එක.  ඒ ඔහුට පරීක්ෂණ කටයුතු වලට බලපෑම් කරන්න පුළුවන් නිසා.  නමුත් ඒ වෙනුවට කලේ ඔහුව වෙනත් අංශයකට මාරු කරලා බේරා ගන්න පුළුවන් ද කියා බලන එක.  අපි තදින්ම බලපෑම් කළාට පස්සේ තමයි ඔහුගේ වැඩ තහනම් කලේ.

පස්වෙනුව, ඔහුට ආශිර්වාද කරලා පවත්වපු බෝධි පූජාවට ඔහුත් සමග පොලිස්පතිත් සහභාගි වුණා.  ඒක සංවිධානය කලේ පොලිස්පතිගේ උපදෙස් මත කියලාත් අපිට ලැබී තිබෙන නිල නොවන තොරතුරු වලින් කියවෙනවා.

මේ කාරණා පහම එක්ව ගත් විට පොලිස්පති තනතුරේ පූජිත ජයසුන්ද මහතා සිටින තුරු නාලක සිල්වාට එරෙහිව  නිවැරදි පරීක්ෂණයක් සිදු වෙන්නේ නෑ කියන එක පැහැදිලියි.  2002 අංක 5 දරණ නිලධාරින් ඉවත් කිරීමේ (ක්‍රියා පටිපාටිය) පනත අනුව පොලිස්පතිවරයා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි.  පොලිස්පතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් ගෙන ආ හැකි හේතු අතර පොලිස්පතිවරයා සිහි විකල් වීම, බලය අයුතු ලෙස භාවිතා කිරීම, පක්ෂග්‍රාහි වීම, නොමනා හැසිරීම සහ දූෂණය යන කාරණා තිබෙනවා.  මේ හේතු තුනම වර්තමාන පොලිස්පතිට අදාළයි.  හැබැයි ඒ සඳහා මන්ත්‍රිවරුන් 113ක සහය අවශ්‍යයි.  වර්තමාන පාර්ලිමේන්තුවේ 113ක් ලබා දෙන්න පුළුවන් අගමැතිතුමාට විතරයි.  ඒ නිසා තමයි පොලිස්පති ඉවත් කරන්න කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ.

ජනපති ඝාතන කුමන්ත්‍රණයක වාසිය තිබෙන්නේ අගමැතිටයි.  ජනපති මරා දාලා ජනපති තනතුර පුරප්පාඩු වුණොත් ඒක පුරවන්නේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ අගමැතිතුමාටයි.  ඒ නිසා ජනපති ඝාතන කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පොලිස්පතිවරයාව අගමැතිතුමා ආරක්ෂා කළොත් අගමැතිතුමාත් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙකු කියන සාධාරණ සැකය ජනතාවට ඇති වෙනවා.

මේ ආණ්ඩුව අනිවාර්රයෙන්ම පොලිස්පති ඉවත් කරාවි.  ඒ පොලිස්පතිගේ ක්‍රියා කලාපය නිසා ආණ්ඩුවේ රෙදි සියල්ලම ගැලවුණාට පස්සේ.  අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ද ආණ්ඩුව අනුගමනය කලේ මේ ප්‍රතිපත්තියමයි.  මුලින්ම අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් නොකර ආණ්ඩුවේ රෙදි ගැලවුණාට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන් අයින් කලා.  අන්තිමේ දී අර්ජුන් මහේන්ද්‍රනුත් නෑ.  ආණ්ඩුවේ රෙද්දත් නෑ.  මේ ආණ්ඩුව වැඩ කරන්නේ හරියට මහදැනමුත්තා වගේ.  මහදැනමුත්තා මුලින්ම එළුවාගේ බෙල්ල කැපුවා.  ඊට පස්සේ මුට්ටිය බින්ඳා.  අන්තිමට දෙකම නෑ.

– අරවින්ද අතුකෝරල

17,794 Viewers

9 Comments to “නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා පොලිස්පති පූජිත ජයසුන්දර අතර අතිශය සමීප සබතතා හෙලිවෙයි..”

  1. Asaranaya says:

    අම්මට හුඩු , ආප්පේ කුඩු, පඹයගේ බඩු, ගඳේ බැහැ හඩු

  2. Nim says:

    NIYAMY PAHADELI KEREEMA.
    MEKA RA NIL TA
    AHEE ANALA KIYA DENNA.
    ATH SAKA BABARE WAGE
    KARAKILA MONAWA HARI WAL KATHA
    WAK KEYALA AYAMA, HINA WEVI.
    APATA HINA YANNE NAHA
    ADENAWA.

  3. Kujitha says:

    Nalaka is a non-Buddhist. Why did he go to Kalaniya temple to attend bodhi-pooja. May be he is guilty conscious.

    • මිලි බණ්ඩා says:

      Only a non-Buddhist can conspire to assassin a renowned Sinhala, Buddhist leader like MR.

  4. dests says:

    e kiyanne munuth kolukarayoda rata palanaya karanneth kolukarayo

  5. Kadiya says:

    පොලිස්පති ඉවත් කරන්න අගමැති සහය පළකරන්නේ නැහැ කියන්නේ කුමන්ත්‍රණයේ මහා මොළකරු රනිල් වික්‍රමසිංහ බව සනාථ වෙනවා. බැඳුම්කර වංචාවේදීත් ඕකමයි සිද්ධ වුනේ. හොරකම සැලසුම් කල පරිදිම කරලා ඉවරකරනකම් කව්රු කිව්වත් අර්ජුන් මහේන්ද්‍රන් තියාගත්තා. ගේම සම්පුර්ණයෙන්ම ගැහුවට පසු අර්ජුන් මහේන්ද්‍රන් හට යන්න ඇරියා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රනයෙදීත් සැලසුම් කල පරිදිම ගේම සම්පුර්ණයෙන්ම ගහලා ඉවර කරනකම් පොලිස්පති තියගනීද?

  6. Hari says:

    NATUWAK UNAMA MEHEMA THAMAI BERA PADETA NATANA ONEA

  7. Nim says:

    RA NIL TA
    BATALANDA KALE WAGE
    NEMAEI ” MOLEE TA WAYASA
    WADI ” DAN DAN KARA NA WADA ALI WENAWA.
    ME WAGE WADA KRALA
    HAMADAMA ENNA DA ?
    WEPAKA DENA KOTA
    KOHOMA DEWEDA ?

  8. Gomma says:

    Polispathiya Pannamu … Ape Naduwalin Berenna PP gen kisima support ekak naha

Main News