මෛත්‍රී-රනිල් ඇසුරින් ඊසොප්ගේ උපමා කතාවක්.. එකම විකල්පය මහින්ද පමණමයි…

October 1, 2018 at 3:31 am | lanka C news
මෛත්‍රී-රනිල් ඇසුරින් ඊසොප්ගේ උපමා කතාවක්.. එකම විකල්පය මහින්ද පමණමයි…

හැම අංශයකින්ම වැටී තිබෙන රට ගොඩ ගැනීමට ඇති එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට රට බාර දීම බවත් ,එය සමස්ත පොදු ජනයාගේ පැතුම බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

රටේ අස්ථාවර බව දිනෙන් දින වැඩි වීමෙන් ජනතාව ද නිර්වින්දනය වූ පිරිසක් බවට පත්ව ඇති බව කී ඒමහතා මේ තත්වය තව දුරටත් පැවතුනහොත් රටේ අනාගතය ඛේදවාචකයක් වීම වැළක්විය නොහැකි යැයි ද හෙතෙම සදහන් කළේය .

හෙට්ටිගේ මහතා මෙසේ කිවේ මොරවක තරුණ පිරිසකගේ ඇරයුමෙන් මොරවක ලක්සර ග්‍රෑන්ඩ් රිසොර්ට් හි පැවති සුහද හමුවකට එක් වෙමිනි .

එහිදී ඒ මහතා මෙසේද කීය . කුමන අංශයකින් බැලුවත් රට ඉතාම නරක තැනකට වැටිලා .

ආර්ථික ,සාමාජික ,දේශපාලන දේහයම දිරාපත් වෙන්න පටන් අරන්.හැම ජන කොටසක් ම නන්නත්තාර වෙලා .බොහෝ දෙනා යහ පාලනයට සාප කරනවා .

මහින්ද රාජපක්‍ෂ මහතා මේ අයට රට බාර දෙන විට ආර්ථික වර්ධන වේගය 6.8.%.එය මේවන විට 4 % වැනි මට්ටමට බැහැලා .මේ ආණ්ඩුව බදු අය කිරීම දෙගුණ කර ගත්තා .2014 දී ආදායම් බදු රැ .බිලියන 198 .දැන් එය රැ .බිලියන 375දක්වා වැඩි කර ගෙන .භාණ්ඩ හා සේවා බදු රැ .බිලියන 616 සිට රැ .බිලියන 1239 දක්වා ද ,විදේශ වෙළදාම මත බදු රැ.බිලියන 236 සිට රැ .බිලියන 420 දක්වා ද වැඩි කරගෙන තිබෙනවා .මුලු බදු අදායම 2014 දී රු .බිලියන 1050 යි .2018 දී එය රු .බිලියන 2034 දක්වා වැඩි කර ගෙන .ආර්ථික විද්වතුන් ඇතුලු මහජනයා අහන්නේ අසාධාරණ ලෙස ව්‍යාපාරිකයන් ඇතුලු මහ ජනයාගෙන් හුරා ගත් මේ මුදලින් මොනවද කළේ කියල .අලුත් සංවර්ධනයක් නෑ .රාජපක්‍ෂ ආණ්ඩුව ජාතියට දායාද කර දුන් සම්පත් විකුණා ගෙන කන්න පටන් අරන් .අපි දීන ජාතියක් බවට පත් කරල තියෙන්නෙ .
තරුණ ප්‍රශ්න උග්‍ර යි .2014 දී තිබූ රැකියා වලින් ලක්ෂ 5-6ක් දැනටමත් අහිමි වෙලා .රැකියා උත්පාදනයක් නෑ .ගමේ ආර්ථික උල්පත් වැසී ගිහින් .එදා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් ගමට ජීවයක් දුන්නා .

ජාතික ආරක්ෂාව තිබෙන්නෙත් භයානක තැනක .ප්‍රජාතන්ත්‍රවාදය කනපිට ගැහිලා .චන්ද නෑ .නීතියේ ආධිපත්‍ය ගැන කතා විතරයි .රටට හිතැති භික්ෂුන් වහන්සේලාට ,රණවිරුවන්ට ,හිටපු කීර්තිමත් රජයේ නිලධාරීන්ට අපමණ හිරිහැර කළා .දැන් රට අස්ථාවර බව පැහැදිළියි .එදා මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් රට ගොඩ නැගුන හැටි පුදුම සහගතයි .බැසිල් ගෝඨාභය සහෝදරයන් ඊට දුන් ශක්තිය ද කැපී පෙනුණා.අඩුපාඩුත් තිබුන තමයි .ඒත් වේගවත් සංවර්ධනයක් රට පුරා පැතිරුණා .

අද රටේ ඵලදායීතාවය පහළටම වැටිලා .වැඩ කරන ජනතාව තුළ ආශ්වාදයක් හැගීමක් නෑ .එවිට ඵලදායිතාවක් ඇතිවෙයිද ?ඇහෙන්නේ දුක් ගැනවිලි අදෝනා පමණයි .මහින්ද රාජපක්‍ෂ මහත්තය රට බාර ගන්නා තුරු මේ කාලකන්නි තත්වය වෙනස් වෙන්නේ නෑ . එතුමාට ඉදිරි කාලයේ මහජන වරමින් ජනාධිපති වෙන්නත් අගමැති වෙන්නත් පුලුවන් .ඊට නීතිමය බාධා නැති බව නීති විශාරදයන් කියනවා .

පවත්නා දේශපාලන අවුල ලිහා ගන්න සමහරුන් විවිධ යෝජනා ගෙන එනවා .මහින්ද මහත්තය අගමැති කර ඊට පසු මෛත්‍රී මහත්තයට ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය දීම ගැන කතාවක් ද පැතිරී යනවා .මේ කතා බහ මොනවා වුනත් මෛත්‍රී රනිල් මහත්වරුන් දැන් ඉන්නේ දේශපාලන සොහොන් බිම ආසන්නයේ .බලයෙන් මත් වී සිටින නිසා ඒ බව ඒ අයට පේන්නෙ නෑ.දැනෙන්නෙත් නෑ .කුමන යෝජනා මතු වුනත් ඒවා මහජන සිතුම් පැතුම් වලට ගැලපෙන්න ඕනෑ .රට ගැන හිතන අය කොන්දේසි විරහිතව එක් විය යුතුයි .

පසු ගිය ජනාධිපතිවරණයෙන් පසුත් මෛත්‍රී පාර්ශවයෙන් යෝජනාවක් ගෙනවිත් තිබුණා .ඒතමයි මහින්ද මහත්තය දේශපාලනයෙන් ඉවත් කරල එතුමාට විශේෂ තැනක් හදා දීමක් ගැන .රටට නිදහස ලබා දුන් ජන නායකයට එදා එහෙම තමයි සලකන්න හැදුවේ .පොදු ජනයා එවැනි දේ වලට ඉඩ තැබුවේ නෑ .ඒ වගේ යෝජනාවක් දැන් නම් මෛත්‍රී ජනාධිපති වරයාට හොදට ම ගැලපෙනවා .ජනතාවගේ ආදරය නැත්නම් දේශපාලකයන්ට පැවැත්මක් නෑ .

මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ආයු කාලය ඉතාම කෙටියි. මේ ගැන කතා කරද්දී ඊසොප් ගේ උපමා කතාවක් මතක් වෙනවා .මීයෙක් සහ ගෙබ්බෙක් හිත මිතුරුව ජීවත් වුණා .මීයා ගොඩ බිමේ ඉන්නෙ .ගෙබ්බාට ගොඩ බිමේ දියේ දෙකේම ඉන්න පුලුවන්නේ .මේ නිසා දෙන්නා කරට කර ගැලපුනේ නෑ .ඒ වුනත් දෙන්නා කිසිදා වෙන් නොවන ලෙස ගිවිස ගෙන මීයාගේ පයක් ගෙබ්බාගේ පයක ගැටගසා ගෙන ඇවිදිමින් සිටියා .ගොඩ බිමේ ඉන්නා තුරැ ඔවුන්ගේ පැවැත්මට බාධාවක් වුනේ නෑ .දිනක් දෙදෙනා ඇවිදිමින් සිටියදී පොකුණක් දුටු ගෙබ්බා බොහොම සතුටින් එයට පැන්නා .අවාසනාවන්ත මීයා වතුරේ ගිලී දිය මත පා වුණා .මෙය දුටු උකුස්සෙක් මීයා ඩැහැ ගත්තා .ගෙබ්බාට මීයාගේ පය එක්ක තිබූ ගැටය ලිහා ගන්න බැරි වීමෙන් දෙන්නාම උකුස්සාට ගොදුරැ වුණා . නොගැලපෙන වැඩ කරන්න යන කාට කාටත් මේවා හොද පාඩම් .

12,110 Viewers

4 Comments to “මෛත්‍රී-රනිල් ඇසුරින් ඊසොප්ගේ උපමා කතාවක්.. එකම විකල්පය මහින්ද පමණමයි…”

  1. marusira says:

    මෙි කතාවෙි හැටියට ගෙමිබා මයිතිු මියා රනිල් ! ගැලපෙනම නමිදෙක ‍පොකුන ඡන්දය උකුස්සා මහින්ද මරේමරැ!

  2. sudu malli says:

    kathawa sampurna aththa oba wani minisun mahinda mahaththaya laga sitiya yuthumayi

  3. මෙවන් දැක්මක් ඇති මිනිසුන් මහින්ද මහතා ලග සිටීම රටට යහපතකි …

  4. මෙි ආන්ඩුව ජනතාවට විහිලු සපයන එක විතරයි දැන් කරන්නේ,පොඩි ව්‍යාපාරිකයට ඇපත් නෑ,බදු ගෙවනව විතරයි,සහනයක් නෑ

Main News