විනය කඩන පොහොට්ටු මන්ත‍්‍රීන්ට දැඩි ක‍්‍රියාමාර්ග.. බැසිල් පොහොට්ටු ලේකම්ට දන්වයි..

October 5, 2018 at 4:40 pm | lanka C news
විනය කඩන පොහොට්ටු මන්ත‍්‍රීන්ට දැඩි ක‍්‍රියාමාර්ග.. බැසිල් පොහොට්ටු ලේකම්ට දන්වයි..

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහජන නියෝජිතයන් වැඩිම පිරිසක් තේරීපත් වී ඇති දේශපාලන පක්ෂය ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එම නියෝජිතයන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන් දැඩිව විමසිලිමත් වන බව බැසිල් රාජපක්ෂ මහතා ස`දහන් කරයි.

පක්ෂයේ දේශපාලන කටයුතුවලදී සහ පළාත් පාලන ආයතන රාජකාරී ඉටු කිරීමේ දී පමණක් නොව දෛනික සමාජ ජීවිතය තුළ පවා සිය මහජන නියෝජිතයන් සමාජ පරමාදර්ශයන් බවට පත් කරලීම පොදුජන පෙරමුණේ අපේක්ෂාව බවද හෙතෙම අවධාරණය කරයි.

කිසියම් මහජන නියෝජිතයකු පක්ෂයේ විනය පටිපාටියට හෝ රටේ නීතියට පටහැනිව කටයුතු කරන ඕනෑම අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් දැඩි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පොදුජන පෙරමුණ කිසිසේත් පසුබට නොවේ. දැනටමත් එවැනි සිදුවීම් පිළිබ`දව වහාම විනය පියවර ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් පක්ෂ මහ ලේකම්වරයා වෙත දන්වා ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම එහි පළමු අවස්ථාවයි.

පක්ෂයේ අභ්‍යන්තර විනය ආරක්ෂා කර ගැනීම ස`දහා ජාතික විනය කමිටුවක් ද පක්ෂ ව්‍යවස්ථාව තුළින්ම ස්ථාපිත කර ඇත. එමෙන්ම කිසියම් කරුණක් සම්බන්ධයෙන් විවිධ මත පල වන අවස්ථා ඇති වුවහොත් ඒවා කළමනාකරණය කිරීම ස`දහා බේරුම්කාරක මණ්ඩලයක් ද පොදුජන පෙරමුණ විසින් ව්‍යවස්ථාපිතව පත් කර ඇත.

මතභේදකාරී අවස්ථාවන් කළමනාකරණය කිරීමේ දී බේරුම්කරණ සංකල්පයට ප‍්‍රමුඛතාව දීමට පොදුජන පෙරමුණ පක්ෂය ආරම්භ කරන මොහොතේම තීරණය කර ඇත.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

7,986 Viewers

6 Comments to “විනය කඩන පොහොට්ටු මන්ත‍්‍රීන්ට දැඩි ක‍්‍රියාමාර්ග.. බැසිල් පොහොට්ටු ලේකම්ට දන්වයි..”

  1. Nim says:

    VERY GOOD. EXCELLENT.
    DADI NEETHI PADDIYAKA
    AWSY THAWAYA.
    PAKSAYA KATA THIBIYA UTHIEE .

  2. bandara says:

    Good start.

  3. Gotaimbara says:

    I have faith in Basil. He was the brains behind taking care of 300,000 Tamils who were made refugees by the LTTE and the International Community. None of the victims fell ill with any disease, or suffered from starvation, they were found temporary accommodation in next to no time.

    Victims of the New Orleans, Storm Katerina were left to find their own way by the George W Bush administration in the US.

  4. david milibanda says:

    Decipline a must………….

  5. karu 1 says:

    great, that is what we are expecting through a new party. if the party can not maintain discipline how can they discipline the country. we need to hear the actions taken against the wrongdoers. There were few SLPP local government members faced allegations.

  6. සෑම් says:

    අතීතයේ දී සිදු වූ හා වර්තමානයේ දී සිදුවන වැරදි, නිවැරදි කර ගන්නට සැබෑ අවශ්‍යතාවයක් අපට ඇත්නම්, අනාගතය අතිශය සුරක්ෂිතයි, අති සාර්ථකයි …!

Main News