නගරාධිපති නිල වාහනය ලෙස කුණු ට‍්‍රැක්ටරය තෝරා ගනී…[Photo]

October 11, 2018 at 10:07 pm | lanka C news
නගරාධිපති නිල වාහනය ලෙස කුණු ට‍්‍රැක්ටරය තෝරා ගනී…[Photo]

වවුනියාව,නගර සභා නගරාධිපති ඊ.ගෞතම් මහතා නගර සභාවේ කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී වවුනියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ රැස්වීමකට සහභාගි වෙමින් විරොධතාවක නිරත විය.

නගරාධිපතිවරයා වෙත වාහනයක් නිකුත් නොකිරීම හේතුවෙන් විරෝධය පළ කරමින් නගරාධිපතිවරයා එලෙස නගර සභා කුණු ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී දිසාපති කාර්යාල රැස්වීමට සහභාගී විය.

වව්නියාව නගරාධිපතිවරයා ට්‍රැක්ටරයේ පැමිණෙමින් පැවසුවේ තමන් නගර සභාවේ නගරාධිපතිවරයා වෙත පත්වි ඇතත්,තමන් වෙත නිකුත් කොට ඇති වාහනය අළුත්වැඩියාව වෙනුවෙන් යොමුකොට ඇති අතර මේ වන විට තමන්ට ගමන් කිරීමට තාවකාලික වාහනයක් ඉල්ලුවද නොලැබීම හේතුවෙන් තමන් ට්‍රැඅක්ටරයක නැගි දිසාපති කාර්යාලය වෙත ගමන් කළ බවටයි.

තමන් වෙත වාහනයක් ලබාදෙන තෙක් තමන්ගේ ඉදිරි රාජකාරි කටයුතු හා ගමන් කසල ට්‍රැක්ටරයේ නැගී සිදුකිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,481 Viewers

5 Comments to “නගරාධිපති නිල වාහනය ලෙස කුණු ට‍්‍රැක්ටරය තෝරා ගනී…[Photo]”

  1. ජසයා says:

    නගර සභා පමණක් ‍‌නොව, පාර්ලි‍ි‌ෙිමේන්තුව ඇතුලු සියළුම ආයතනවල සභිකයින්ට ට්‍රැක්ටර් ලබාදීම මගින් සැප වාහන ආනයනයට වැයවන විශාල ‍‌ඩෙලර් විනිමය ප්‍රමාණයක් ඉතිරිකරගැනීමට පුළුවනි.

    • ජනක says:

      මේ පුර්විකාවට හේතුව අපේ දේශපාලුවන් අපේ රටේ ජනතාවට කරන තෙල බෙදීම වංචාව හෙළි කිරීමටයි

      යුරෝපිය වාහන යනු සුදු අලි .
      එකමත් එක කාලයක ජර්මනියේ/යුරෝපයේ නිෂ්පාදිත වාහන දශක ගණනාවක් පාවිච්චි කිරීමේ හැකියාව තිබුනා නමුත් 80 දශකයේ හා 90 දශකයෙ මුල් වකවානුවෙන් ඒ සියල්ල වෙනස් වුවා .දැන් ජර්මානු වාහන එසේ කාලයක් පාවිච්චි කල හැකි වාහන නොවන අතර ඒවා නඩත්තුවද ඉතාම වියදම් කාරී දෙයක් .

      එකල යුරෝපිය වාහන ජපන් වාහනවලට ඉදිරියෙන් සිටියේ යුරෝපිය වාහන වල යාන්ත්‍රික කොටස් එකල වඩා ශක්තිමත් වීමත් 80 දසක වාහන වල ඉලෙක්ට්‍රොනික පද්දති අඩුවීමත් නිසයි .අද ජාර්මන් වාහන යාන්ත්‍රික කොටස් ජපන් වාහන මට්ටමේ පවතින නමුත් ජපාන වාහන වල එලෙක්ට්‍රොනික් පද්දති තාක්ෂණයෙන් ඉහලයි .අන්න එනිසයි යුරෝපා වාහන වල විවිදාකාර එලෙක්ට්‍රොනික් ප්‍රශ්න ඇතිවන්නේ .ඉතාම නවීන ජර්මානු වාහන හිටි අඩියේම අදිවේගයේ නවතින්නේ.(හොඳින් සොයා බලන්න යුරෝපා වහන වල ඇති ප්‍රශ්න ගැන )

      අපේ දේශපාලුවන් රටේ ජනතාවට කියන්නේ තත්වයෙන් ඉහල යුරෝපා වාහන ගැනීම වඩා කාර්යක්ෂම දිර්ගකාලිනව වඩා ලාබදායි දෙයක් බවයි ,නමුත් මෙය ඉතාම බොරු ප්‍රකාශයක් යුරෝපා වාහන පාවිච්චියෙන් කිසිම ලාබයක් ලැබෙන්නේ නෑ වන එකම දෙය රටේ මහජන මුදල් නාස්ති වීම පමණයි .
      ඇමතියන් යුරෝපා වාහන ඉල්ලන්නේ උන්ගේ මාන්නය ඇටවිමටයි.
      ශ්‍රිලංකාවේ ඇමතියන්ට ලංකාවේ ආර්තිකය අනුව ජපන් වාහන ඉහටත් උඩින් .ටොයෝටා කැම්රි වැනි රථයක් මේ රටේ කෙරවලට උනත් සනීපෙන් යන්න හැකි වාහනයක් එය මේ ඇමතියන් සියල්ලන්ටම ඉතාම සුදුසුයි .
      ඇමතියන්ට යුරෝපා වාහන මිලට නොගනු රටේ මහජන මුදල් නාස්තිය නවත්තනු

  2. Manel says:

    I agree with Janaka. European vehicles are only for show off but quality wise Korean and Japanese vehicles are more comfortable and reliable. Go Kia or Toyota models. If not happy, Lexus is a very comfortable vehicle. Still cheaper than less comfortable BMW, Benz and Audi models.

  3. BMW says:

    200% agree

  4. ජනතා සේවයට ආවනම් ඒක කරපල්ලා.රටේ දේසපාලුවො එකෙකුටවත් මහජන මුදලින් නිලවාහන දෙන්න නරකයි. තොපිට ඕන නම් අතින් දීල වාහන අරගෙන ජනතා සේවය කරපල්ලා.ආවෙ වාහන පදින්න නෙවෙයිනෙ.ජනතා සේවයටනෙ.

Leave a Comment

Main News