ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 පිටුපසත් රනිල්.. විකිලීක්ස් පණිවිඩයෙන් හෙළිවේ…

October 14, 2018 at 10:00 am | lanka C news
ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 පිටුපසත් රනිල්.. විකිලීක්ස් පණිවිඩයෙන් හෙළිවේ…

2009 මැයි මාසයේ ශ්‍රී ලංකා රජය කොටි සංවිධානය සමග පැවති අවසන් සටනේදී සිවිල්වැසියන් 40,000 ඝාතනය කළේය යන අමුලික බොරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ස්ථාපිත කිරීමට මග පෑදුවේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ සවස හෝමාගම ගොඩගම පැවති එළිය වැඩසටහනේදී හෙළි කළේය.

2010 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන් මහතා පත්කළ දරුස්මාන් කමිටුව ලබා දුන් වාර්තාවේ 40,000 සිවිල්වැසියන් මිය ගිය බවට මුල් වරට සදහන් වේ. කෙසේ නමුත් මේ 40,000 ඉලක්කම ලබා ආකාරය මෙතෙක් කලක් අභිරහසක්‌ව පැවතිණ.

2008 ජනවාරි 11 දින නැගෙනහිර කොටි පරාජය කර උතුරේ සටන ඇරඹීමට පෙර ඇමරිකානු, යුරෝපීය සංගම්, ජපාන සහ නොර්වේ තානාපතිවරු හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා, උතුරේ සටන නිසා සිවිල්වැසියන් 40,000 මිය යා හැකි බවට අනාවැකියක් පළ කර ඇත. ඒ බව ඇමරිකානු තානාපති කාර්යාලය 2008 ජනවාරි 14 දින උදෑසන 11.30 ට වොෂින්ටනයට යැවූ 08COLOMBO62_a දරන කේබල් පණිවිඩයේ සටහන්ව ඇත. විකිලීක්ස් වෙබ් අඩවිය මේ කේබල් පණිවිඩය ප්‍රසිද්ධ කර ඇත.

පසුව විවිධ වාර්තාවල 40,000 අගය සදහන් කර ඇත්තේ මේ ප්‍රකාශය කරගෙනය. කෙසේ නමුත් මෑතකදී බ්‍රිතාන්‍ය මන්ත්‍රී නෙස්බි සාමිවරයා 2009 වසරේ ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරීයාගේ වාර්තා උපුටා දක්වමින් පැවසුවේ කොටි සහ හමුදාවද ඇතුළුව අවසන් සටනේදී මිය ගිය ගණන 8000 පමණ බවයි .

– cj

27,233 Viewers

12 Comments to “ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 පිටුපසත් රනිල්.. විකිලීක්ස් පණිවිඩයෙන් හෙළිවේ…”

  1. හිච්චිමහත්තෙයා says:

    මෙයැයිට නූතන දොං ජුවං දර්මපාල කියන්නෙ නිකං නෙවි නෙ ඕයි!

    • Tissa says:

      මෙතන ගම්‍ය වන ප්‍රධාන කාරණය 40,000 ඉලක්කම නෙවෙයි… වික්කමසිංහ අකමැතිතුමා රජයේ හමුදාව විසින් උතුර මුදාගෙන ප්‍රභාකරනවා සහමුලින්ම අතුගා දැමීම සිදුවීම් වැළැක්වීම සඳහා සියලු රාජ්‍යතාන්ත්‍රික පාපකර්මවලට සක්‍රීය දයකවූ බවයි.

      ත්‍රස්තවාදී කොටි සංවිධානය හා යුද්දය ඉවර කිරීමට මොහු කිසිසේත්ම කැමති බව මෙයින් පේනවා….!!

      මෙයාට් ඕනා වුනේ යුද්දේ තියාගෙන බටහිර බලවේග වලට ලබ්කාවට් අතපෙවෙමට දොර විවෘත කර තබන්න.

      ගහන්ඩ ඕන මූට නෙවෙයි මේවගේ හිකනලුන්ට චන්දෙ දෙන අපේ රටේ අන්ද සිව්පාවුනට ….!

      • හිච්චිමහත්තෙයා says:

        විදේස ඇමති ගිහින් UN යෝජනාවට “සම” අනුග්රහය දුන්න!
        ජනාදිපති ඒක විස්තර කරන්නෙ “ජාචිඅංචරේ” දින්නැයි කියාල!
        දැං එයැයිම ගිහිං UN එකේ නන් දොඩෝනව!

        ලංකාවෙ කාලකන්නිම කාලෙ ඕයි!

  2. Alapaluwa says:

    එදා පටන්ම කලේ ඕකා පවා දිම්මයි. මිලේනියයම් city බුද්ධිඅංශයේ විරුවන් පවා දීපු මේ වල් බල්ලට මේවා මොන වැඩද. දැන් කරගෙන යන්නේ මුළු රටම පවාදිගෙන අපිවත් සමගයි.ඉක්මණට පිළියමක් කළයුතුයි.

  3. Ex-Helakurumayaa says:

    චන්න මහත්තයො, මතකද චන්ද්‍රිකා කාලෙ කොටි යාපනය අල්ලන්ඩ හදපු වෙලාවෙ අපේ වීරය රනිල් උඩපැනගෙන බීබීසී එකට කතාකරපු රඟ?
    “ඔව්, තව ටිකයි තියෙන්නෙ, කොටි හමුදාව පලාලි අල්ලන්ඩයි යන්නෙ….” පස්සෙ ඔය කතාව වහන්ඩ හැදුවත් ඒක රටේම ප්‍රසිද්ද උනා! අපේ හෙලෞරුම කාරයින්ට රනිල්ගේ දේශද්‍රොඅහිත්වය අමතක උනා! ඔහු අවන්ක, දේශප්‍රේමී, කලමනාකරණයට දක්ෂ නායක තුමා බවට පත්වුනා! රට ම ඉවරකළා චම්පක, රතන කණ්ඩායමත් එක්ක!

  4. ratawesiya says:

    yako rata winasa nokara palaynko

  5. neil says:

    NATION’S TRAITOR!!!

  6. Ponil says:

    40,000 maruwai kiyuwata UN athulu kawuruwath ema 40.000 dead bodies pilibandawa prashna karalawath, vimaseemak karalawath ada wenakam karalath naha, keruweth naha. Ebawin Emma 40,000 pilibandawa palamuwen UN keen saha daththa dun ayagen prashna kala yuthui. Owun pilithuru labadiya yuthui.

  7. david milibanda says:

    At least now open your eyes the 6.2m voters. Voted to handover the country to a Traitor.
    A traitor running the nation. What a curse for Sri Lanka..

    At least try to understand now.

  8. දේශ ද්‍රෝහියා says:

    මූ කොහොමත් දේශ ද්‍රෝහියා තමයි. යශුශි අකාශිට කියල තිබුන ලංකාවට ආර්ථික සම්භාධක දාන්න කියල ඒකාලෙ. ඒ මනුස්සය කියල තිබුන ලංකාවෙ ජනතාවට ෆනිෂ් කරනවට කැමති නැහැ කියල. දැන් හොර පාරෙන් ඇවිත් ලංකාවම කාබාසිනියා කරල තමයි මූ යන්නෙ.

Main News