‘ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 විකිලීක්ස් පණිවිඩය’ පළ නොකරන්නැයි මාධ්‍යට දැඩි බලපෑම්..

October 15, 2018 at 3:50 pm | lanka C news
‘ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 විකිලීක්ස් පණිවිඩය’ පළ නොකරන්නැයි මාධ්‍යට දැඩි බලපෑම්..

කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ අවසන් දින කිහිපයේදී දෙමළ සිවිල් වැසියන් 40,000 මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකාවට නැගෙන චෝදනාවේ මුලාරම්භය 2008 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා බටහිර තානාපතිවරු කිහිප දෙනකු හමුවේ සිදු කළ ප්‍රකාශයක් බව විකිලීක්ස් වෙබ් අඩවිය ඇසුරෙන් පසුගිය සෙනසුරාදා හෝමාගම දී පැවති ‘එළිය’ වැඩසටහනේදී හෙළි දරව් කෙරිණි.

මේ සම්බන්ධයෙන් එදින විද්‍යුත් මාධ්‍යවල ඉහල අවධානයක් යොමු විය.

මේ සමගම රටේ ඉහලම තනතුරකට සම්බන්ධ කාර්යාලයක සේවය කරන නිලධාරීන් කිහිප දෙනකුගේ මැදිහත් වීමන් එම පුවත තව දුරටත් ප්‍රචාරය වීම වැලක්වීමට මහත් වෙහෙසක් දරා ඇති බව වාර්තා වේ.

අද දිනයේ මුද්‍රිත් මාධ්‍යවල ඒ ගැන පළ වීම වැලැක්වීමට පුවත්පත් කිහිපයක ප්‍රධානීන් සහ කතුවරුන් අමතා දැඩි බලපෑමක් කර ඇති බව ද වාර්තා වේ.

යහපාලන රජය බලයට පැමිණීමේදී යොදා ගත් ප්‍රධාන සටන් පාඨයක් නම් එකල ‘ජනමාධ්‍ය නිදහස’ වැනසී ඇති බවත් යහපාලන රජයකින් එය යලි ප්‍රතිස්ථාපනය කරන බවත්ය.

– cj

22,220 Viewers

4 Comments to “‘ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 විකිලීක්ස් පණිවිඩය’ පළ නොකරන්නැයි මාධ්‍යට දැඩි බලපෑම්..”

  1. cw says:

    This is what you all tried to hide from the SL voters and 62 lakhs believed it. what can we do?

  2. සිංහල බන්ඩා says:

    බටහිරයන්ට ක‌ේලම් කියල රට ජාතිය පාවා දීල ජනතාවට බ‌ොරු කියල බලයට ආව නරැමයා රනිල් බව එජාප ට චන්ද‌ෙ ද‌ෙන අය දැන ගත යුතුය්.

    • කුහක ජෙප්පා says:

      රට බල්ලට ගියත් කමක් නෑ, මහින්ද රාජපක්ෂව පැන්නුවනෙ.
      ඒ මදිද?

  3. ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 ඩ හැටතුන් ලක්ශයද ආප්පේද? says:

    ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 ඩ හැටතුන් ලක්ශයද ආප්පේද?

Main News