දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]

October 21, 2018 at 10:00 am | lanka C news
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරියාට යුද අපරාධ චෝදනා එල්ල කරමින් නැවතත් ගෙන්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දන්වා ඇත.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස මෙම නිලධාරියා ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ තමන ආණ්ඩු කාලයේදී නම් මෙවන් සිදුවීමක් සිදු වූයේ නම් කරන්නේ හමුනා නිලධාරියා පමණක් නොවන හමුදා කණ්ඩයාමම ආපසු ගෙන්වා ගන්නා බවයි.

ආණ්ඩුව ජාත්‍යන්තරය දිනා ගත්තේ නම් ත්‍රස්තවාදය පරාජය කරන්න නායකත්වය දුන් හමුදා නිලධාරියෙකුට මේ ආකාරයට යුධ අපරාධ චෝදනා එල්ල වන්නේ කෙසේ දැයි ඔහු ප‍්‍රශ්න කරයි.

පිටකෝට්ටේදී පැවැත් එලිය’ සම්මන්ත‍්‍රණයක් අමතමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

‘අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබෙනවා මාලි රටේ සාම සාධක රාජකාරී සඳහා යැවූ අපේ අණදෙන නිලධාරිවරයාව එම රටෙන් පිට කරන ලෙසට. එදා යුද්ධයට හා ත‍්‍රස්තවාදීන් සමග මුහුණ දුන් හමුදා නායකයන් කිසිවෙකුට බටහිර රටවල්වලට යන්න බැරි තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා. සාම සාධක හමුදාවලට යවන නිලධාරීන්ටත් එම රටවලට යන්න පුළුවන්කමක් නැහැ. නමුත් අද රජය ලෝකයා දින්නා කියනවා. එහෙම ලෝකයා දින්නා නම් මෙවැනි දේවල් වළක්වා ගන්න තිබුණා. එදා යුද්ධයෙන් ඉදිරියෙන්ම සිටි හමුදා නිලධාරීන්ව වෙනත් රටවල්වලට යවන්න එක්සත් ජාතීන්ගෙන් අවසර ලබා ගන්න ඕනෙ නම් අපේ රටට තිබෙන ෙසෙවරීත්වය කුමක්ද? අපේ රටේ ක‍්‍රියාදාමයන් වෙනස් කරන්න කාටවත් බැහැ.

2015 අගෝස්තු මස අකුරුගොඩ ත‍්‍රිවිධ හමුදා සංකීර්ණය අවසන් කරන්න හිටියා. නමුත් අද රජයේ අ¥රදර්ශී වැඩ නිසා එම ව්‍යාපෘතිය නිම කරන්න බැරිව තිබෙනවා. හම්බන්තොට වරාය නිසා ණය උගුලකට ශ‍්‍රී ලංකාව පත් වුණා කියන බොරු මතයක් ලෝකයට ගෙන අරන් ගියා. හම්බන්තොට කියන්නේ ලෝකයේ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්. මෙවැනි යටිතල පහසුකමක් හදන එක තවත් දෙයක්. එම යටිතල පහසුකම වාණිජ සැලැස්මක් ඇති කර ගැනීම තවත් කාරණයක්. නමුත් අපේ රජය මේ වරාය හැදුවා වගේම එය පාලනය කළේ වරාය අධිකාරිය යටතේ. එය කිසිම රටකට භාර දුන්නේ නැහැ. එය දියුණු කරන්න වාණිජමය සැලැස්මක් අප සතුව තිබුණා. මේ රජය එම සියලූ සැලසුම් නතර කරලා විදේශ රටකට පවරා දුන්නා. මත්තල ගුවන් තොටුපළත් එහෙමයි. කිසිම රජයකට දෙවැනි ගුවන් තොටුපළක් හදන්න බැරි වුණා. මහින්ද රාජපක්‍ෂ රජයට දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක සිහිනය සැබෑ කරන්න හැකියාව ලැබුණා. අද නොයෙක් හේතූන් මත කටුනායකට යන්න බැරි ගුවන් යානා යන්නේ මත්තල ගුවන් තොටුපළට. වාණිජ සැලැස්මක් ඇති කරන්නේ නැතිව ගුවන් තොටපුළේ වී ගබඩා කළා. දේශපාලනික, පුද්ගලික වශයෙන් පළිගන්නයි එහෙම කළේ. අද රජය මත්තල ඉන්දියාවට ලබාදී මුදල් ගන්න සූදානම් වෙනවා. එවැනි අ¥රදර්ශී ක‍්‍රියාවන් නිසා තමයි රටේ ආර්ථිකයට මෙහෙම වෙලා තිබෙන්නේ. අද ව්‍යාපාරිකයන් ඇතුළු සියලූම ව්‍යවසාකයන් ගැටලූ රැුසකට මුහුණ දී සිටිනවා.

මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නම් මේ රටේ වගේම විදේශීය ආයෝජකයන් අවශ්‍යයි. ගාලූමුවදොර අසලට ගියොත් සංවර්ධනය කෙසේද කියලා ඔබලාට බලා ගන්න පුළුවන්. එම සියලූ ව්‍යාපෘති මෙරටට ගෙනාවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් කොතරම් ව්‍යාපෘති ඉදිරිපත් වුණාද? සැපයුම්කරුවන් කොපමණ ඇති වුණාද? අද මේවා සියල්ලක්ම කඩා වැටිලා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයෙන් පමණක් රැුකියා ලක්‍ෂ හතරක් අහිමි වුණා. එදා මහින්ද රාජපක්‍ෂ රජයේ සංවර්ධනය සමච්චලයට ලක් කළා. නව ව්‍යවසාකයන් ඇති කිරීමට විශාල ව්‍යාපෘති කොළඹ ආරම්භ කළා. දියත උයන ආරම්භ කළේ කුඩා ව්‍යවසායකයන් වෙනුවෙන්. කොළඹ අවට සිදුකළ සෑම ව්‍යාපෘතියකම අරමුණ වුණේ කුඩා ව්‍යවසායකයන් ඇති කරන්නයි. මහින්ද චින්තනය තුළින් විශාල දැක්මක් එදා තිබුණා. මහාමාර්ග, වරාය, ගුවන් තොටුපළ ඇති කළේ ව්‍යවසාකයන් ඇති කරන්නයි.

ඇතැමුන් අද චෝදනා කරනවා අපි සුළු ජාතීන්ට එරෙහිව කටයුතු කළා කියලා. අපි යුද්ධ කළේ ත‍්‍රස්තවාදීන් සමගයි. පශ්චාත් යුද සමයේදී උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ ජීවිත ඉහළට ගේන්න කටයුතු කළා. උතුරු නැගෙනහිර අද තිබෙන සංවර්ධනය කාටවත් පේන්නේ නැහැ. උතුරු පළාත් සභා මැතිවරණය පළමු වරට පැවැත්වූවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කළේ ඡුන්දය පැවැත්වීමෙන්. මේ රජය අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා. නමුත් පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ. කොළඹ පැල්පත්වාසීන්ට නිවාස සංකීර්ණ යෝජනා ක‍්‍රම ඇති කළා. එම පැල්පත්වල ජීවත් වුණේ බහුතරයක් දෙමළ හා මුස්ලිම් ජනතාවයි.

පසුගියදා දිගන සිද්ධිය ඇති වුණේ රජයේ හා පොලිසියේ ක‍්‍රියාදාමයන් නිසයි. එදා අලූත්ගම සිද්ධිය වූ වෙලාවේ පැයක් ඇතුළත පොලිස්පතිවරයා එම ප‍්‍රදේශයට යැව්වා. එහෙම යොදවලා කෙටි කාලයක් තුළ සිද්ධීන් පාලනය කළා. මේ රජයේ ඇමැතිවරයෙක් නිසයි එම සිද්ධිය ඇති වුණේ. අපේ රජය එම සිද්ධියෙන් පසුව විනාශ වූ නිවාස, ගොඩනැගිලි හදලා දුන්නා. මේ වගේ සිද්ධීන් ඇති කරලා මහින්ද රාජපක්‍ෂ රජය කෙරෙහි වැරදි මත ඇති කළා. නමුත් අද එම ජනතාව තේරුම් අරන් තිබෙනවා එදා මොකද වුණේ කියලා. අපේ රජය යටතේ සිවිල් ජනතාවට කිසිම සිද්ධියක් ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ. යාපනයේ කල්ලි මඬින්න අද මුරකපොලූ දාලා. දකුණේ පාතාලය යළි හිසඔසවලා. මත්ද්‍රව්‍ය, අපරාධ වැඩි වෙලා. මේ රජය සෑම පැත්තකින්ම අද අසාර්ථක වෙලා. එහෙම වුණේ බොරු පොරොන්දු දී බලය ලබා ගත් නිසයි. එදා අපිට සෘජු තීන්දු තීරණ ගන්න පුළුවන් නායකත්වයක් තිබූ නිසයි යුද්ධය නිමා කරලා, රට ආර්ථිකයෙන් සහ සංවර්ධනයෙන් රට ගොඩනඟන්න හැකි වුණේ.

– චාමින්ද කරුණාරත්න

46,443 Viewers

17 Comments to “දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]”

  1. සීගිරි says:

    මේ රටේ කාන්තාවන් වහල් සේවයට විකුණන් කන පිම්පියන්ගෙන් අපි අහන්න කැමතියි මැද පෙරදිගදී අපේ අම්මලාට, සහෝදර සහෝදරියන්ට ඇණ ගිල්වලා ,ඇණ ගහලා පුළුස්සා දෙතිස්වද දෙද්දී,මරා දමද්දී ඔය හමුදාව ගැන ඇති කරැණාවම,අභිමානයම නුඹලාට පහල වෙනවාද පිම්පියනී ??????
    “අපි වහාම අපේ සහෝදර සහෝදරියන්ව, අම්මලාව ආපහු රටට ගෙන්වා ගන්නනවා” කියලා නුඔලා කිව්වාද පිම්පියනී ??????
    ඒ වෙලාවට නුඹලාගේ හිතේ කරැණාව අභිමානය පහල වුනාද ගෑණු විකුණාගෙන කන පිම්පියනී ????
    ගෑණු විකුණගෙන කෑම නුඹලගේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයයි.පිම්පියෙක්ට වඩා ගණිකාවකගේ ජීවිතය නම්බුකාරයි.නුඹලගේ ගැට ගැහුන බඩ වැල් වල ගැට ඇරගන්න වෙන නම්බුකාර විදියක් හොයා ගනිල්ලා.

    • Saradiel says:

      Agreed

      • රත්නසේන says:

        සහතික ඇත්ත, මේ ගොල්ලෝ මේ වෙනම ලෝකයක් හදාගෙන, රටේ මිනිස්සුන්ව කුලියට අරන් ඒ ලොකේ ඉඳලා අතල් ගන්න හදනවා!

        • HOO ! says:

          රට කම්බස් කල පජාති ජඩ පාලනේ පෙරලා යලි රට ගොඩනගන්න ගෝටා මැතිදුනි !! අම්මලා අක්කලා වහල් සේවයේ යොදවා පිනට කමින් මෙතන කොටන සිගිරි රත්නසේනයට පියන් වැඩක්වත් සොයා දෙනු මැනවි.

      • රීරි යකා says:

        to සීගිරි -තෝ දැන් මෙතන කෙකර ගාන්නේ මොකද ? අවුරුදු තුනට වැඩියි බොලා ගෙනාව ජඩ ආණ්ඩුව පත් වෙලා. ඔව්ව එකක් වත් උන්ට කියලා කොර ගන්න බැරිවුනාද බොල සීගිරි පිම්පියෝ ? තොපේ අවලං ආණ්ඩුව රට ඇද දමා තියෙන තත්වය ගැන කියනකොට මැද්දට පැනලා උම්බෑනොගා හිටු බූරු ජෙප්පා.

    • saman says:

      හනේ ජෙප්පෝ තෝ වගේ මැටි මෝලෙක්

    • ceejay says:

      සීගිරි ජේප්පෝ , මැද පෙරදිගට මැලේසියාවට ජපානයට එංගලන්තයට ඇමෙරිකාවට සහ අනෙකුත් රටවලට මිනිස්සු රැකියා සඳහා යන්නේ තමන්ගේ කැමැත්තෙන්. මමත් ඉන්නේ පිටරටක මගේ කැමැත්තෙන් එකට ආණ්ඩුව පලි නැහැ මගේ වරදකින් මට මොනවා හරි උනොත් එකට ආණ්ඩුව පලි නෑ.මැට්ටෝ .

    • අබරන් සීයා says:

      මූට ඔල්මොරොන්දන්! මාතෘකාව මාලි රාජ්‍යයේ සාම සාධක හමුදාවේ ප්‍රධානී ශ්‍රී ලාංකික හමුදා නිලධාරියාව ආපසු කැඳවාගනු ලෙස UN එක කරපු ඉල්ලීම. ඒක තේරුම් ගැනීමට මොලයක් නැති
      මේ කුහක ජෙප්පා පිම්පියෝ ගැන නන් දොඩෝනව.

      උඹට පෙත්ත ගන්ඩ ආයෙත් අමතක වුනාද?

  2. Hari says:

    Issala thamun danin dangasa nohitiyoht hodai 16yata, viyath maga kiyowana ekka vethrai

  3. හැකහැක says:

    laughing snake…ඉස්සර එහෙම කිව්වේ තමිල්චෙල්වම්ට හැම එකටම හිනා වෙන නිසා මෙන්න මේ වගේ

  4. sathya says:

    100% True

  5. Samuvel says:

    ගෝටා කිවූ දෙය තේරුම් ගන්න. රටක අබිමානය ගැනයි එතුමා කතා කරන්නේ.

    • rambanda says:

      අභිමානයක් ඔය ජෙප්පොන්ටවත් හූඇන්පී කාරයින්ටවත් නැත, උන් හීන මානයෙන් පෙලෙනවුන් සරදියෙල් මල්ලි

      • ඇත්ත says:

        ජෙප්පන්ගේ එකම ඕනෑකම UNP ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන එකයි,
        රටට හෙණ ගැහිලි ගියත් උන්ට ගානක් නෑ.

  6. Sinhalaya says:

    Yahapalana anduwa lokaya dinna eke aththa thami. Namuth langadi Janaddhipathi thuma UN eke karapu kathawa, lakawa thawath yuddayagana hari parikshana karana eke digin digata kal danna yanawa kyalai. Ekai UN eke parak dunne. Yahapalana anduwa loke dinne nathnam, Mahinda, Gota, thawa army, navy, airforce lokko pita ratin ratta yanna bari wela athi.

  7. Saumya says:

    සම්පූර්ණ ඇත්ත, මම ගෝඨාභය මැතිතුමා සමග 100% එකඟයි.

Main News