උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

November 30, 2018 at 4:40 pm | lanka C news
උතුර-නැගෙනහිර අපට  ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම,ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.

– lankadeepa

31,301 Viewers

17 Comments to “උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA”

  1. karooo says:

    me wage nayakayek palawa harinna u.n.p. eke mp la tika ta dahiriya nathi eka gana lajjayi.

  2. david milibanda says:

    Ah ! May balapanko….. Balaya laba ganna rata wikunala…….. heta aniddata gaaniwath wikunala kiyala dana ganiimata labeyi da danne nehe…. Paw Maithree akka ta.

    • Hoo !!! says:

      ව්‍යවස්ථාව ගේන්න පොනිල් පොරොන්දු උනාලු 😁වැඩක් නෑ කුමන්තිරනො බටලන්දෙ බැංකු හොරාට ආයෙ ජීවිතේට අග මැතිකම ලැබෙන්නෙ නෑ

  3. දැන් මහින්ද එක්ක ඉන්න TNA ,මන්ත්‍රීට මහින්දත් ඕවම තමයි දෙනවකියල තියෙන්නෙ.

    • Wijebahu says:

      Umbata hondhatama wishwasadha?

      • සිකෙන් පුනා ඩප්පුල says:

        නෑ. හඬ අනුව මං එහෙම හිතුවේ. ඒත් මහින්ද මහත්තයා කොටි ගන්නෙ උන්ගෙ පුල්ලි මකලාලු බං 😞 ඒකට අපේ ගල්හාමු,කොටියා කට ඇරපු ගමං සුලුදිය පහ වෙනවා බං. ගඳෙන් මං දැනගත්තෙ .

    • Rex says:

      Etin den ewa dunnada…

  4. KP says:

    විජේදාස ඇතුළු එජාපෙන් ආපු ටික ආපහු එජාපෙට යමවු, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජයමුනි වගේ එක කකුලක් එජාපෙ තිබ්බවුන් කකුල් දෙකම එහෙට ගනිව්… රනිල් මහ මොලකරුගේ දෑත ශක්තිමත් කරවු…ටී එන්ඒ රජ කරව්…ඔරුමිත්තනාඩුව හදව්
    ජෙවිපෙ පතන ප්‍රජාතන්ත්‍රවාදය ලඟදීම උදාවන හැඩයි

    • Sara says:

      බහුතරේ හදා ගනියවු … ටික දිනකට රජ වෙයවු. හැබැයි අපේ රට නම විකුනන්න එපා. මැති වරනෙට වරෙව් . තොපි කම්බස් කරනවා.

    • Sara says:

      ජවිපෙ මුන් “ජනතා විනාශ පෙරමුන “

  5. Victor says:

    Is that anything new. Did he not do the same four years ago before the presidential election. He gave lot of promises to the people of this country too. We are waiting for Goddo. Perhaps he will fulfill the promises to the separatists better. Better than for the masses.

  6. david milibanda says:

    Chanda daayakayoo mung enakan pula pulaa sitii…………..

  7. Sarath silva says:

    Did anyone notice speaker said “mema parlimenthuwa 2008 December 5 dakwa kal thabana bawa”

    2008 december

  8. chandapala says:

    JVP රනිල් සහ TNA සමග හෙළුවෙන් . සනිපයිද දැන් ?????

  9. දැන් ලොකු කාසි දාලා පස්ස ලොකු වෙලා says:

    දැන් ලොකු කාසි දාලා පස්ස ලොකු වෙලා. පිල හොදට පැහැදිලියි. සම්බන්ධනට අගමැති පුටුව දෙන්න අනුර යෝජනා කළා රනිලා මට දෙන්නේ නැතිනම් එහෙම කොරන්න කිව්වා. අර ගොන් විජිතය දැන් සහජිවනෙන් කෙලින්නද හදන්නේ?

  10. er says:

    මෙම ක්‍රියාව නීත්‍යානුකුල රජයක නායකයකු සිය භුමියේ කොටසක් වෙනත් කණ්ඩායමට නීති විරෝධීව භාර දීමක් , ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම , ස්වාධිපත්‍ය පවා දීම යටතේ මොහුට විරුද්ධව චෝදනා ගොනු කල හැක!!!

  11. ඔන්න කස කාරයෝ.අලුත් විවස්තාවෙන් බන්දේසියක තියලා රට බෙදමු.... says:

    ඔන්න කස කාරයෝ.අලුත් විවස්තාවෙන් බන්දේසියක තියලා රට බෙදමු….

Main News