රැස්වීම් වාර 03 කට සහභාගී නොවන රෝහල් කමිටු සාමාජිකයින් ඉවතට..

December 24, 2016 at 2:04 am | lanka C news | ලංකා සී නිවුස්
රැස්වීම් වාර 03 කට සහභාගී නොවන රෝහල් කමිටු සාමාජිකයින් ඉවතට..

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියළුම රෝහල් කමිටු දැනුවත් කිරීමෙි සාකචිඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙහිදි අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“සෑම රෝහලකම රෝහල් කමිටු පත් කර තිබුනත්, රැස්වීම්වලට සහභාගි නොවන නිලධාරින් පිළිබද වාර්තා ලැබී තිඛෙනවා. රැස්වීම් වාර 03 කට සහභාගි නොවන නිලධාරින් වහාම ඉවත් කරන ලෙස මම නියෝග කරනවා. ඉන් පසු නව නිලධාරීන් පත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සදහා යොමු කරන ලෙස මම රෝහල් අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඇතැම් රෝහල් කමිටු සාමාජිකයින් රෝහල් අධ්‍යක්ෂවරුන් ද පාලනය කරන්න යනවා. හැබැයි රෝහල් අධ්‍යක්ෂවරුන් ද රෝහල් කමිටු පාලනය කර ගැනීමට වගබලා ගත යුතුයි. ඇතැම් රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට රෝහල් භූමියේ සිටින සුනඛයින් පවා පාලනය කර ගැනිමට නොහැකි වී තිඛෙනවා .ඇතැම් අධ්‍යක්ෂවරුන්ට සේවකයින් පාලනය කර ගැනීමට බැහැ. හැබැයි රෝහල්වල දේපල රජයේ දේපලයි. එය ආරක්ෂා කර ගත යුතුයි.

‘රෝහල් කමිටු සාමාජිකයින් ද රෝහල්වල අඩුපාඩු සොයාබැලිය යුතුයි. දන් දීමට කැමැති ව්‍යාපාරකයින් රෝහල් කමිටුවලට පත්කර ගන්න. ප්‍රසිද්ධ පුද්ගලයින් ද ඇතුළත් කර ගන්න. රෝහලේ සුළු සංවර්ධන කටයුතු සදහා ද මුදල් රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා. සෞඛ්‍ය සේවාවන් සදහා නොමිලේ සේවා කටයුතු සිදු කරන රටක් ලෝකය තුල කොහේවත් නැහැ. ඒ පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මවිතයට පත් වෙනවා. සමහර රෝහල් කමිටු සාමාජිකයින් කයිවාරු ගහන්න විතරයි ඉන්නේ. රෝහල් කමිටුවට වැඩක් නැහැ. බොරුවට එවැනි පුද්ගලයින් පත් කරන්න එපා.”

සියළුම රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර තව දෙසතියකින් ලබා දී අවසන් කරනවා. ඉන් පසු ජනවාරි 04 දා සිට රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීම රෝහල්වලට ඇතුලු වන රෝගීන්ට තහනම් කරනවා. රුධිර පරික්ෂණ සදහා කිසියම් රෝගියෙකු පෞද්ගලික අංශයට යොමු කළ හොත් ඊට රෝහල් අධ්‍යක්ෂවරයා වගකිව යුතුයි. රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායක

653 Viewers
Main News