ගාළු මුවදොර නත්තල් ගස ආණ්ඩුවේ සහජීවන හා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍ර‍තිඵලයක්.. – මනෝ

December 27, 2016 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස්
ගාළු මුවදොර නත්තල් ගස ආණ්ඩුවේ සහජීවන හා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍ර‍තිඵලයක්.. – මනෝ

ලංකාවේ කිසිම තැනකදී අන්තවාදයට හිස එසවීමට තවදුරටත් ඉඩ නොදෙන බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂාව පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

මේ බව කියා සිටියේ ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස තෙවැනි දිනයට විවෘත කරමිනි.

“මේ නත්තල් ගස නිර්මාණය කරන්න සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, කතෝලික සහ මුස්ලිම් සහෝදරවරුන් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. අපේ ආණ්ඩුව ගෙනයන ජාතික සහජීවන හා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍ර‍තිඵලයක් තමයි මේ. ඒ හැරෙන්නට අපේ රටේ වෙන ගමනක් දැන් නැහැ. බෞද්ධ උත්සව අවස්ථාවේදී අපි උදව් කරනවා, මුස්ලිම්, හින්දු සහෝදරවරුන්ට අපි උදව් කරනවා. මේක තමයි අපිට අවශ්‍ය. මේ රටේ ජාතිවාද නැහැ, අන්තවාද නැහැ. ත්‍ර‍ස්තවාද නැහැ, බෙදුම්වාද නැහැ. ඒ සියල්ලම අපි පසුගිය ජනවාරි 08 වැනිදා අතුගාලා දැම්මා. තවත් ඒ දෙවල්වලට ඔළුව උස්සන්න ඉඩ දෙන්නේ නැහැ. මනෝ ගනේෂන්ලා, අර්ජුන රණතුංගලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍ර‍සිංහ අගමැතිතුමා සමග අත්වැල් බැඳගෙන ඉන්නේ ඒ සඳහායි. උතුරෙත්, දකුණෙත් කිසිම තැනක අන්තවාදට ඉඩක් නැහැ, ජාතිවාදට බෙදුම්වාදට ත්‍ර‍ස්තවාදට ඉඩක් නැහැ. අපි දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා පළමුව අපි ශ්‍රී ලාංකිකයින් ලෙස සිතිය යුතුයි. ඒක අමතක කරන්න එපා. බලන්න අද මෙතන කොච්චර ලස්සනද ? සිංහල, දෙමළ, කතෝලික, මුස්ලිම්, සියලුම දෙනා රැස්වෙලා අද මේ කතෝලික උත්සවය සමරනවා. මේක අපේ සිහිනය. මේක අපේ බලාපොරොත්තුව. මේ රටේ කොතනකවත් එකම ජාතියකට, එකම භාෂාවකට, එකම ආගමකට අයිතිවෙච්ච තැනක් නැහැ. සියලුදෙනාට මේ රට අයිතියි. සියලුදෙනාම මේ රටේ රජ්ජුරුවෝ……” යැයිද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.

සංචාරක, ඉඩම් සහ ක්‍රිස්ත්‍රියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියේ ලොව විශාලතම නත්තල් ගස සංචාරක ආකර්ෂණය දිනා ගන්නා අගනා නිර්මාණයක් වන බවයි.

“මේ වසරේ තමයි ලොකුම සංචාරකයින් ප්‍රමාණයක් ලංකාවට ආවේ. අපි දැන් මිලියන 2.2 පසුකරමින් සිටිනවා. එන සංචාරකයින්ට බලන්න දේවල් තියෙන්නෙ ඕන. අද බැලුවොත් අපේ නගරය කවදාවත් නොදුටු විදියට සරසලා තියෙනවා. අද ගොල්ෆේස් පිටිය ජනතාවගෙන් පිරිලා ඉතිරිලා. ජනතාව මේ දේවල් දකින්න කැමතියි. පසුගිය කාලයේ අපේ රටේ මෙවැනි නිර්මාණ හිඟයක් තිබුණා. නමුත් දක්ෂතා ඇති නිර්මාණකරුවන්ට ඒ අවස්ථාව ඇති කරලා දෙන්න මෙම රජයට හැකිවෙලා තිබෙනවා. ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගෙන් පසුව වැඩි ප්‍රසිද්ධියක් ලබාදෙන්න හැකි වුණේ අර්ජුන රණතුංග මැතිතුමන්ගේ ක්‍රිකට් ජයග්‍රහණය තුළින්. අපි ඒ නිසා එතුමන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රශංසා කරනවා මේ කාර්යයට මුල්වෙලා, විවිධ අභියෝගවලට මුහුණ දෙමින් පසු බසින්නේ නැතිව තමන් භාරගත් දේ, කරන්න හිතපුදේ, අවසාන කිරීම පිළිබ‍‍‍‍ඳව විශේෂයෙන්ම ක්‍රිස්තියානි කටයුතු ඇමතිවරයා ලෙසත්, සංචාරක කටයුතු ඇමතිවරයා ලෙසත් මම සතුටු වෙනවා. අපිට පෙනෙනවා අද රට සංවර්ධනය වන ආකාරය. වරාය නගරය ඉදිකරමින් පවතිනවා, මෙය ඉදිකර අවසන් වූ පසුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ලොකුම වෙළඳ මධ්‍යස්ථානයක් වගේම මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. අපේ රටේ උසින් වැඩිම හෝටල් පෙනෙනවා. සංවර්ධනය කියන්නේ මේ දේවල් තමයි. අද මේ රටේ මෙම සංවර්ධන කාර්යයන්වලට විරුද්ධව කෑගහන පිරිසක් සිටිනවා. එය ස්වභාවිකයි, විපක්ෂයේ තිබෙන කාර්යය කෑගහන එක සහ කඩාකප්පල් කරන එක. හම්බන්තොට වරාය දියුණු කරන එකටත් විරුද්ධව පිරිසක් කෑගහනවා. කොතරම් කෑගැහුවත් ආණ්ඩුව වට්ටන්නත් බැහැ, මේ ආණ්ඩුව වසර 05ම තිබෙනවා…..”

– තමීර මංජු

3,895 Viewers

13 Comments to “ගාළු මුවදොර නත්තල් ගස ආණ්ඩුවේ සහජීවන හා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍ර‍තිඵලයක්.. – මනෝ”

  1. Mu tanikarama LTTE karayek neeeeee

  2. lion says:

    ආණ්ඩුව වට්ටන්න පුළුවන්.

  3. Champa says:

    Quote: “….මේ රටේ කොතනකවත් එකම ජාතියකට, එකම භාෂාවකට, එකම ආගමකට අයිතිවෙච්ච තැනක් නැහැ. සියලුදෙනාට මේ රට අයිතියි. සියලුදෙනාම මේ රටේ රජ්ජුරුවෝ……” Unquote:

    අනේ හොඳයි. හැබැයි උතුරේ සහ නැගෙනහිර එහෙම අකටයුත්තක් සිද්ධ වෙලා තියෙනවා. අපි එහෙනම් ඒක හරිගස්සමුද?

    කොළොඹ ඉන්න දෙමල ජනතාවට සාපේක්ෂව, උතුරේ සිංහලයන් පදිංචි කරමු. එහෙම නැත්නම් ඔබ ඔය කියන කතාවේ වැරදීමක් වෙනවා. ඒ මොකොද කිව්වා නම් දැන් උතුර පේන්නේ හරියට දෙමල ජනතාවට විතරක් අයිති වගේ.

    ඊළඟට කොළොඹ ඉන්න මුස්ලිම් ජනතාවට සාපේක්ෂව නැගෙනහිරත් සිංහල ජනතාව පදිංචි කරමු. එහෙම නැත්නම් ඔබ ඔය කියන කතාවේ වැරදීමක් වෙනවා. ඒ මොකොද කිව්වා නම් දැන් නැගෙනහිර පේන්නේ හරියට මුස්ලිම් ජනතාවට විතරක්‌ අයිති වගේ.

    එතකොට නම් ඔබ ඔය කියන සහජීවනය සහ සංහිඳියාව උතුරු නැගෙනහිර ඉබේම ඇති වෙනවා. දැන්නම් ඒක නිකම් නත්තල් ගහේ උඩම එල්ලලා වගේ. කාටවත් පේන්නේ නැහැ.

    ඔබ ඔය කතාව උතුරටයි නැගෙනහිරටයි ගිහින් කිව්වා නම් නේද හොඳ? මොකොද ඒ ගොල්ලොනේ දෙමල සහ මුස්ලිම් ජනතාවට විශේෂයක් කරලා වෙනම පළාත් ඉල්ලන්නේ. ඒ හින්ද ඔබේ ඔය “සියලු දෙනාම රජ්ජුරුවෝ” කතාවේ ඇති වැදගත් කමක් නැහැ. මොකොද දෙමල සහ මුස්ලිම් දේශපාලකයෝ වෙනම “දෙමල සහ මුස්ලිම් රජවරු” ඉල්ලන නිසා.

    මේ රටේ අනිත් හැමෝටම ජීවත් වෙන්න අයිතිය තියෙනවා. එකේ විවාදයක් නැහැ. එහෙම අයිතියක් ගැන අද කතා කරන්නවත් ලැබුනේ සිංහල අපේ රජවරු, මුතුන් මිත්තෝ හොඳ හදවත් තිබුනු මිනිස්සු නිසා. සංක්‍රමණිකයන්ටත් මේ රටේ ඉන්න ඉඩ දුන්නු නිසා. දකුණු ඉන්දියාවෙන් ආපු දෙමල ආක්‍රමණික රජවරු පරාජය කලාට මොකොද අපේ සිංහල රජවරු රටට ආපු දෙමල සංක්‍රමනිකයෝ ආපහු දකුණු ඉන්දියාවට පලවා හරියේ නැහැ. ඒ මනුස්සකමේ විපාක අද සිංහල අපිට ගෙවන්න වෙලා. සිංහලයාගේ හොඳ හිතින් සුළු ජාතිකයෝ හැමදාම අයුතු ප්‍රයෝජන ගත්ත. ඒ වැඩේ කොච්චර දුර දිග ගියාද කිව්වොත් දැන් කියනවා මේ රට හැමෝටම අයිතියි කියල. මේක සිංහල බෞද්ධ අපේ රට ගනේෂන්. ඉන්න හිටින්න දීපු ඉඩ අපේ රට අපෙන් උදුරා ගන්න තරමට දුර දිග ගෙනියන්න හදන්න එපා.

    ලෝකේ ඕනෙම රටක් දිහා බලන්න. ඒ රටවල් අයිති ඒ රටවල බහුතර ජනතාවට. බහුතර ජනතාවගේ ආගම තමයි රටේ ප්‍රධාන ආගම. මේ ලස්සන රට ගොඩ නැගුවේ සිංහල රජවරු. වැව් බැන්දේ දිය බැන්දේ දාගැබ බැන්දේ සිංහල රජවරු. අදටත් රටේ ජීවනාලිය වෙලා තියෙන කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය අද දක්වා මේ විදියට රැකිලා තියෙන්නේ අපේ සිංහල රජවරු දුර දැක්මෙන් වැඩ කරපු නිසා. අද වෙනකොට මේ රට මේ විදියට ආරක්ෂා කරගන්න ජීවිත පූජාවෙන් සටන් කලේ අපේ සිංහල මුතුන් මිත්තෝ. විදේශ ආක්‍රමණ වලින් මේ රට බේරා ගන්න සටන් කලේ අපේ සිංහල රජවරු. අපේ සිංහල මුතුන් මිත්තෝ. මට කියනවද එහෙම රට වෙනුවෙන් සටන් කරපු එක දෙමල රජකෙනෙක් හරි, එක වැවක් බැඳපු දෙමල රජ කෙනෙක් හරි ගැන. අපේ සිංහල රජවරු, මුතුන් මිත්තෝ මේ රට ආරක්ෂා කරලා දුන්නේ සිංහලයා වෙනුවෙන්. ඒ රට අපේ ඉදිරි සිංහල පරම්පරාවට, ඒ විදියටම දායාද කරලා දෙන එක සිංහල අපේ යුතුකම. අපේ වගකීම.

    ඊළඟට ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරා ගන්න ජීවිත පූජාවෙන් සටන් කලේ, අත්, පා, ඇස් දන් දුන්නේ බහුතර සිංහල රණවිරුවෝ. මේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගන්න ඇත්තටම උවමනාවක් තිබුනේ සිංහලයන්ට විතරයි. අනිත් ජාතිකයන්ට එහෙම උවමනාවක් තිබුනේ නැහැ. රට බේරලා දුන්නට පස්සේ දැන් කියනවා මේ රට හැමෝටම අයිතියිලු. එහෙම කොහොමද? මේ සිංහල අපේ රට. මේ රට අයිති අපට. වෙනත් ජාතිකයන්ට මෙච්චර කල් හිටියා වගේ සිංහලයන් එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන්.

    දෙමල මුස්ලිම් ජාතිකයන්ට තියෙන භාෂා ප්‍රශ්නේ මොකක්ද? ඇයි මේ ජාතිකයන්ට සිංහල ඉගෙන ගන්න බැරි? විදේශ රටවලට ගියපු දෙමල මුස්ලිම් ජාතිකයන්ට ඒ රටේ පුරවැසිභාවය ලබා ගන්න නම් ඒ රටවල ප්‍රධාන භාෂාව ඉගෙන ගැනීම අනිවාර්යයි. වෙන රටවල එහෙම කරන්න පුළුවන් නම් ඇයි මේ රටේ පුරවැසියෝ විදියට රටේ ප්‍රධාන භාෂාව සිංහල ඉගෙන ගන්න බැරි? සංහිඳියාව ගැන කතා කරන උතුරේ දෙමල දේශපාලකයෝ කී දෙනෙකුට රටේ ප්‍රධාන භාෂාව කතා කරන්න පුලුවන්ද? සංහිඳියාව ගැන කතා කරන්නේ කොහොමද අඩු ගානේ රටේ ප්‍රධාන භාෂාවවත් කතා කරන්න බැරුව?

    “සංහිඳියාව” කියලා එකක් නැහැයි කියලා අඩන්නේ දෙමල, මුස්ලිම් ජනතාව. මට නම් තේරෙන්නේ නැහැ, දැන් මුළු රට පුරාම දෙමල මුස්ලිම් ජාතිකයෝ විසිරිලා ජීවත් වෙනවා. රැකියා කරනවා. ව්‍යාපාර කරනවා. දේශපාලනය කරනවා. ඉඩකඩම් ගෙවල් දොරවල් වලට හිමිකම් කියනවා. දරුවෝ පාසල් යනවා. සිංහල දරුවන්ට විතරක් වෙනම පාසල් නැති වුනාට, දෙමල, මුස්ලිම් දරුවන්ට වෙනම පාසල් තියෙනවා. දෙමල මුස්ලිම් කියලා වෙනම නීති ජාතියක් තියෙනවා. ආගම අදහන්න කෝවිල් තියෙනවා, පල්ලි තියෙනවා. රටේ ඕනෑම තැනක, ඕනෑම වෙලාවක පදිංචි වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වරම සිංහල අපිට නැහැ. දෙමල මුස්ලිම් ජාතිකයන්ට රටේ ඕනෑම තැනක කෝවිලක් පල්ලියක් ඉඳි කරන්න අවසර තියෙනවා. සිංහල අපිට උතුරේ බුදු පිළිම ඉඳි කරන්න නිදහසක් නැහැ. පදිංචි වෙන්න අවසර නැහැ. සිංහලයන්ට නැති නිදහසක්, බුක්තියක් දෙමල මුස්ලිම් ජනතාව බුක්ති විඳිනවා. දෙමල මුස්ලිම් නොවුනත් තමන් වෙනුවෙන් කතා කරන්න ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක් සහ ඇමතිවරු විශාල සංඛ්‍යාවක් මුස්ලිම් ජාතිකයන්ට ඉන්නවා. සිංහල අපිට ඒකත් නැහැ. සිංහල අපිට නැති හුඟක් දේවල් දෙමල මුස්ලිම් ජනතාවට තියෙනවා.

    දැන් දෙමල මුස්ලිම් ජාතිකයෝ “සංහිඳියාව” ඕනේ කියලා තවත් ඉල්ලන්නෙ මොනවාද ගනේෂන්? සුළු ජාතිකයන්ට දෙන්න තවත් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොනවාද?

    • Brahmana says:

      ලාංකීය සමාජය තුළ සුළු ජාතිකයන් හට වෙනසක් සිදුවේ යැයි යමෙකු පවසත් නම් එය මුසාවක් .බහුතර ජනතාව ජාතිාවාදී නොවේ. පසුගිය බල පෙරළිය එයට උදාහරණයකි. නමුත් මෙසැම ජාතියkama ජාතිවාදී නායකයන් ඇත . මහින්ද හා හොරු හතළිස,දෙමළ සන්ධානය ,හා බහුතර මුස්ලිම් නායකයන් මෙ ගණයට වැටෙ

      • සකල බුජං says:

        මනෝ ගනේෂන්ගෙයි මෙයාගෙයි වෙනසක් නැත​.දෙදෙනාම මන්ද බුද්ධිකයෝය​.

    • OLU says:

      Well said Champa ..Thanks

  4. love nature says:

    Do Buddhists believe in a god? Answer: No,

    What does the Lord Buddha say about the origin of the universe?

    Answer:

    It is interesting that the Lord Buddha’s explanation of the origin of the universe corresponds very closely to the scientific view. In the Aganna Sutta, the Lord Buddha describes the universe being destroyed and then re-evolving into its present form over a period of countless millions of years. The first life formed on the surface of the water and again, over countless millions of years, evolved from simple into complex organisms. All these processes are without beginning or end and are set in motion by natural causes.

  5. love nature says:

    There has been a popular belief that, it is God who acts as the final judge and determines if an individual would go to heaven or hell! But, the Buddhist theory strongly refutes this belief and says that it is nobody else, but the Karmas of an individual, which decides the destination of an individual. Even a Lord Buddha cannot pardon or interfere with the karmic process. Therefore, in Buddhism, there is simply no place for a God even if one exists.

  6. lion says:

    “පන්සල් ඉවත් කරනු.. සිංහලයන් පන්නනු.. සටනට සැරසෙනු !“ – උතුරේ සංහිදියා අත්පත්‍රිකා

  7. JON Bass says:

    ආණ්ඩුවේ සහජීවන හා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍ර‍තිඵල ගාළු මුවදොර නත්තල් ගස Udada yatada Ban. Mano kiaynneth angoda kathaa.

  8. pura vasiya says:

    මේ නත්තල් ගහෙන් සංහිඳියාව කියන එක බලාපොරොත්තු වෙනව නම් ඒ මනෝ ගනේෂන් වගේම බූරු පෝතකයෙක් වෙන්න ඕන​.නත්තල කියන්නෙ මොකක්ද කියල නොදන්න මනෝ ගනේෂන්,අර්ජුන වගේ උදවිය කලේ නත්තල විකුනන් කෑමක්.ජුදාස් ජේසු සමිඳානන් පාවා දුන්නා වගේම මේ අමන රැලත් කලේ නූතන ජුදාස්ට පණ දීමක්.රට ආහාර හිඟයකට මුහුන පා සිටින මොහොතක නත්තල විකුනන් කෑ නූතන ජුදාස්ලා වීසා රහිතවම නිරයට යවන්න රටේ ජනතාව සූදානම් බව මේ මොළය කුලප්පු වූ ගොන් නාම්බන්ට වැටහෙන දිනය අත ළඟ බව මතක් කර දිය යුතුයි.නත්තලේ අරුත කුමක්ද යන්න මේ ගොන් නාම්බනට නොවැටහෙන්නේ නම් අප කුමක් කල යුතුද​??

  9. Gamini says:

    where is north and this type of unity for Sinhalese Buddhists……you don’t play with us we know who you are….and you just like a FOX…….

Main News