39 වසරක එජාප බලය ගිලිහේ.. සීතාවකපුර සභාවේ බලය පොහොට්ටුව අල්ලයි..

April 7, 2018 at 12:40 pm | lanka C news
39 වසරක එජාප බලය ගිලිහේ.. සීතාවකපුර සභාවේ බලය පොහොට්ටුව අල්ලයි..

වසර 39ක් තිස්සේ එක්සත් ජාතික පක්‍ෂය විසින් පාලන බලය හොබවන ලද සිතාවක පුර නගර සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පිහිටුවා තිබේ.

එහි නගාධිපතිවරයා තෝරා ගැනීම සදහා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 11ක් ලබා ගත් කේ.ඒ. රණවර මහතා නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.

නගරාධිපති ධුරය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් දෙදෙනෙකු ඉදිරිපත් වූ අතර ඔවුන් ඡන්ද 05 බැගින් ලබා ගත්හ.

පසුගිය මැතිවරණ ප‍්‍රතිඵල අනුව සභාවේ මන්ත‍්‍රී ධුර 11ක් එජාපයටත් මන්ත‍්‍රී ධුර 08ක් පොදුජන පෙරමුණටත් සන්ධානයට 03ක් හා ජවිපෙට එකක් ලෙස බෙදී ගොස් තිබින.

13,427 Viewers

One Comment to “39 වසරක එජාප බලය ගිලිහේ.. සීතාවකපුර සභාවේ බලය පොහොට්ටුව අල්ලයි..”

  1. Asaranaya says:

    දැන් ඉතින් විශ්වාශ බන්ග දිනන්න අවශ්ය නැහැ, මුලු රටෙම බලය පොහොට්ටුවටනේ

Main News