වොක්ස්වැගන් ෆැක්ටරියට මුල්ගල් තියන්න වොක්ස්වැගන් සමාගමේ කිසිවෙකු නෑ..

January 4, 2017 at 12:29 am | lanka C news | ලංකා සී නිවුස්
වොක්ස්වැගන් ෆැක්ටරියට මුල්ගල් තියන්න වොක්ස්වැගන් සමාගමේ කිසිවෙකු නෑ..

ඊයේ දිනයේ කුලියාපිටියේදී මුල් ගල් තබනු ලැබුවේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යයි කියුවද එම විශේෂ අවස්ථාව සදහා වොක්ස්වාගන් සමාගමේ කිසිදු නියෝජිතයෙකු සහභාගී නොවීම විශේෂත්වයකි.

ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමග එම උත්සවයට සහභාගී වූයේ වෙස්ටන් ඔටෝමෝබයිල් සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු වන රීසා රවුෆ්ය.

එසේම මෙරට සිටින කිසිදු ජර්මානු රාජතාන්ත‍්‍රිකයෙකු හෝ එම උත්සවයට සහභාගී නොවීම විශේෂය.

28,036 Viewers

21 Comments to “වොක්ස්වැගන් ෆැක්ටරියට මුල්ගල් තියන්න වොක්ස්වැගන් සමාගමේ කිසිවෙකු නෑ..”

  1. love nature says:

    මේවා විස්වාස කරන අයට වෙන දේ කියවලා බලමු, වොක්ස්වැගන් හීනය

    ඔන්න එකෝමත් එක කාලයක අපේ රටේ ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාලත් ගමහාමිනේත් ජීවත් වුනේ අනෙකුත් ගැමි පවුල් වගේම මහපොළවත් එක්ක ගැටෙමින් දහදිය කඳුළු වගුරවමින්. දවසක් ගමරාල සුපුරුදු ලෙස හේන කොට කොටා ඉන්න විට දිව්‍යලෝකේ ඉඳලා සුදු අලියෙක් ඇවිත් දිව්‍යලෝකෙට යන්න ආරාධනා කරනවා. තමා මෙතෙක් කල් විඳි සියලු දුක් දොම්නස් නසාලන්න හොඳම මාර්ග​ය දිව්‍යලෝකේ යෑම යැයි සිතූ ගමරාල තම හාමිනේත් තවත් කීපදෙනෙකුත් කැටුව දිව්‍යලෝකෙ යන්න සූදානම් වුනා. පළමුව ගමරාල අලියාගේ වලිගයෙත් පසුව ගමහාමිනේ ගමරාලගේ කකුල් දෙකෙනුත් ආදී වශයෙන් සියල්ලෝම පිළිවෙළට දිව්‍යලෝකෙ යන්න පිටත්වුනා. මෙහෙම යන අතරේ ගමහාමිනේ ගමරාලගෙන් අහනවා “දිව්‍යලෝකේ තියෙන වංගෙඩිය කොච්චර විතර ලොකු ඇතිද?” කියලා. මෙයට පිළිතුරු වශයෙන් ගමරාල “මෙන්න මෙච්චර විතර ඇති” කියමින් දෑත් පළල් කර ප‍්‍රමාණය පෙන්වීමට උත්සහගත් සැනින් සියලුදෙනාම එකා උඩ එකා බිම ඇද වැටුනා.

    මේ තමයි ගමරාල දිව්‍යලෝකේ ගිය හැටි

    • ලසන්ත says:

      සාමාන්යෙන් ගොඩනැගිලි වලට අත්තිවාරම් දාන්නේ පොලව හාරලා අගල් කපලා නමුත් මේ ගොඩනැගිල්ල හදන්න මුල්ගල තියන්න අමුත්තන්ට අගල්වලට බහින්න සිදුවුනේ නෑ මුල්ගල් තිබ්බේ පොළවෙන් අඩි තුනක් උස මල් පාත්තියක් වගේ එකක .මේක තනිකරම බොරුවක් බව එකෙන්ම පේනවා .පොළවෙන් උඩ දමන අත්තිවාරම මොකද්ද ?

  2. love nature says:

    Volkswagen agrees $1.2bn payment to US dealers

    Compensation to resolve claims of ‘losses in franchise value’ after diesel emissions scandal.

  3. anjanam devi says:

    Api eyaalaawa passe andawamu. Dan ohoma yan. Api uu gonaata andwamau. UU thaniwama gonaata andi. Jah..jah…hanika yaman pulli gono…….tharangeta.

  4. ABC says:

    ලංකාවේ බොරු කියාගෙන යන වේගෙට,පැත්ත පලාතෙවත් එන්න ලැජ්ජාවේ බැරුව ඇති ෂුවර් එකටම

  5. Nawoda says:

    Ithuru tikath thaniyama karaganna wei wage.

  6. අනාථ ජනයා says:

    මේක senok company එකේ දැනටම කරන බ්ස්නාස් එකේ වාහන එකලස් කරන workshop එක අලුත් තැනකට ගෙනයාමක්. මෙහෙමත් අමු බොරු කාරයො පාලනය කරන රටක් සක්වලල්ලෙන් එහාවත් නැත

  7. KASAYA says:

    This is called “THE MAGADI SRI LANKA STYLE”

  8. daham says:

    methana companiye namawath naha. pennanna hadanne hariyata meka aanduwe wadak wage. mun edaa kaleh rawailla. ada karanneth rawatillamayi. langadeema thopi hathtama rawatenawa janathaawata.

  9. chamma -sada STF says:

    HOOOOOOOOOOOOOOOOOOOOOO
    GU 7 WALI 1

  10. කනේ මයිල් says:

    ඉස්සෙල්ලා පැට්ටේරිය හදනවා…..පස්සෙ වොක්ස්වගන් එකට එන්න කියනවා…..

    ඔන්න රනිල් ගෙ මොලේ……වොක්ස්වගන් වලත් එන්ජිම ඉස්සර තිබුණෙ පිටිපස්සෙ නේ….රනිල් ගෙ ත් එහෙමයි…..

    • Sihala Yaka - සිහල යකා says:

      🙂

      මල කෙලියයි. ඇත්ත නේන්නම්. එහෙනම් ඒකයි මේ මෙච්චර ආදරේ ෆොක්ස්වගන් වලට​.

  11. sisira says:

    meka Volkswagen garage akak nowei. onama wahana assemble karana company akakata kamatinam avilla wada karaganna puluwan akak. meke prathilaba labenne palath saba chandeta kalin open karama ponil atulu sorry senata

  12. බන්ඩා says:

    රටේ අගමැතිය් ජනාධිපතිය් දෙන්නම එකතුවෙලා වාහන කෑලි එකලස් කරන ගැරෙජ් එකකට මුල්ගල තියල ඒක ලෝක පුසිද්ධ වොක්ස්වැගන් සමාගමේ ෆැක්ටරියක් කියල රටේ ජනතාව ගොනාට අන්දවනවා. හැබැය් වොක්ස්වැගන් සමාගමේ නිලධාරියෙක් තියා ජර්මන් තානාපතිවත් මුල් ගල තියන උත්සවයට අාවෙ නැහැ. මුන්ට රැවටෙන්නෙ මෝඩ ටොය්යොම තමය්.

  13. Maithreekala. says:

    “Foundation stone laid by President under guidance of Prime minister”. ….😳😳.

    Protocol???.

    Did President understand the meaning of it?

  14. Nimal says:

    They have destroyed a coconut land! What a waste?

  15. Rupe says:

    Aiyo mewata viyadam karana mahjana salli. Stage gahala, mal thila , sound system hire karlaa, tea party dala, security dala. Keeopa denek hondata gana kapanawa. Apimodayo wage mun karan ewa blalgena innawa. Hane ratakata giya kalak.

  16. Jayalath says:

    මේකත් අර සමහ දේවල් වගේ (අර මුදල් ඇමති තුමාගේ අය -වැය කතාවේ අවම දඩය, විග්නේශ්වරන්ගේ ජාතිවාදී කතා, ජනාධිපති තුමාගේ ‘රනිල් විරෝධී’ කතා වගේ) “මාධ්‍ය විසින් වැරදියට අර්ථ දක්වපු” සිදුවීමක්. මොකද මට කලින් අදහස් දක්වපු අය කියන විදියට ජර්මානු නිලධාරීන්වත් තානාපති තුමන්වත් ඇවිත් නැහැ. සමරු ඵලකයේ වත් වේදිකාවේ ඇදපු බැනර් එකකවත් වොක්ස්වාගන් නමක් සඳහන් වෙන්නෙත් නැහැ. මේවට හිනා වෙන්න කට විතරක් මදි. පව් අපේ ලාංකිකයෝ.

  17. saradieal says:

    මෛත්‍රී – රනිල් පාලනය අසමත් බව ඔප්පුකරලා තිබෙනවා…

  18. sunimal says:

    පලාත් පාලන ඡන්දෙ එනතුරු රනිල් පට්ට බොරු කියයි

  19. nanayakkara says:

    පචපාලනයේ ටොම්පච තවත් බොම්බයක් පුපුරයි

Main News