රටේ ඉහළටම රතු නිවේදන නිකුත් කරයි.. ජනතා කැමත්තට ගරුකර අපිට පාඩුවේ ආණ්ඩුව කරන්න දෙන්න…

January 6, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස්
රටේ ඉහළටම රතු නිවේදන නිකුත් කරයි.. ජනතා කැමත්තට ගරුකර අපිට පාඩුවේ ආණ්ඩුව කරන්න දෙන්න…

අත වන විට රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට නොහැකි නිසා ගැටුම් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අභ්‍යන්තරයේ සිටින පිරිස් විසින් කරනු ලබන කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවේ ප්‍රබලයෙකුට සාක්‍ෂි සහිතව අවබෝධ විමෙන් පසු ඔහු උරණ වී ඉතා තද වාග් ප්‍රහාරයක් තවත් ප‍්‍රබලයෙකුට එල්ල කොට ඇතැයි ඉහල පෙලේ දේශපාලන ආරංචි කියයි.

මෙහිදී එම දේශපාලන බලවතා උරණ වී තිබූ තත්ත්වය කොතෙක් ද කිවහොත් ඔහු චතුරව කතාකරන ඉංග්‍රීසි බසින් ආමන්ත්‍රණය නොකළ යුතු සමහර වචන පවා එම වාග් ප්‍රහාරයට යොදාගෙන ඇත.

මේ වනවිටත රටේ දේශපාලන අර්බුදයක් පෙනෙන්නට තිබුනත්, ඊට වඩා දරුණු ආර්ථික අර්බුදයකට රට ගොදුරු වී ඇති බවත් ආණ්ඩුවේ කිසිම ආර්ථික වැඩපිළිවෙළක් සාර්ථකව කිරීමට ආණ්ඩුවේ සමහර පාර්ශවයන් සහයෝගය නොදෙන බවත් ඒ හේතුවෙන් ආර්ථිකය මෙසේ කඩාවැටීමෙන් ඔප්පු වන බවත් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන නායකත්වය දරන කණ්ඩායමේ අදහසයි.

ආසන්නතම හේතුව සංවර්ධන විශේෂ විධි විධාන පනත සියලු පලාත් සභාවල පරාජය කිරිමයි.

ආණ්ඩුවට සහයෝගය දෙනවා කියා පැමිණ රටේ වැදගත්ම අමාත්‍යාංශ කිහිපයක්ම ලබාගෙන මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැනට විරෝධය එල්ල වී ඇත.

කෘෂිකර්මය, වාරිමාර්ග හා ජල කලමාණාකරය, මහවැලි හා පරිසර, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති, ප්‍රවාහන හා ගුවන් සිවිල් ගුවන් සේවා, ඛනිජ තෙල් හා ප්‍රෙට්ට්‍රොලියම් වායු පිලිබඳ, සමෘද්ධි හා සමාජ සුභ සවිගැන්වීමඳ පලාත් සභා සහ පලාත් පාලන, ධීවර හා ජලජ සම්පත්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුල, විද්‍ය තාක්ෂණ හා පර්යේෂණ, කම්කරු හා වෘත්තිය සමිති සම්බන්ධතා, ආපදා කලමණාකරන යන අමාත්‍යාංශයන් මේ වන විට ශ‍්‍රිලනිපය විසින් දරමින් සිටී.

එම සියලුම අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය පසුගිය රජයේ තිබු තත්ත්වයටත් වඩා කඩා වැටිමක් පෙන්නුම් කරන අතර මෙම බලපෑම් සමස්ථ ආර්ථික කඩාවැටිමට බෙහෙවින් හේතු වී ඇති බවත් ආණ්ඩුවේ රක් කොටසක අදහසයි.

අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ කණ්ඩායමේ අමාත්‍යාංශවල පමණක් නිසියාකාරව ඉලක්කයකට කටයුතු කරන බවත් ඉහත හේතුව නිසා ජනතාව අගමැතිවරයාගේ සහ ආණ්ඩුවන් බලාපොරොත්තු වූ වැඩපිළිවෙළ මේ අනුව ක්‍රියාත්මක කිරිමට නොහැකි වීමෙන් ජනතාවගේ විවේචන සහ දොස් පමණක් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව පිට පැටවීමට හවුල්කාර පක්ෂය උත්සහ ගැනිම ද මෙම තත්ත්වය ඇතිවීමට හෙතු වී ඇතැයිද චෝදනා එල්ල කරයි.

36,674 Viewers

5 Comments to “රටේ ඉහළටම රතු නිවේදන නිකුත් කරයි.. ජනතා කැමත්තට ගරුකර අපිට පාඩුවේ ආණ්ඩුව කරන්න දෙන්න…”

  1. පොලොන්නරුව ජයසිංහ says:

    මහින්දගේ ඇමතිවෙලා ඉදලා පිටිපසෙන් මහින්දට පිහියෙන් ඇන්නා නම් දැන් ජනාධිපති වෙලා ඇති ඔය ගනනෙන් අගමැති තුමා බේරිලා ඉන්නවා.

    • kalana premadasa says:

      Very true! What you say aptly says in the Political column by C.A. Chandraprema in the Sunday Island (01st Jan 2017) as follows:

      “The awareness that Sirisena may be trying to do to Ranil Wickremesinghe what he earlier did not Mahinda Rajapaksa is poisoning the air. This would be like Judas Iscariot first betraying Jesus to the Romans and then betraying the Romans to the Huns – or any other barbarians who would happen to be clamoring at the gate! Everybody refers to Sirisena’s departure from the Rajapaksa camp as the ‘hopper theory’ of politics where you break bread with a man in the night and then stab him in the back in the morning. The possibility that he may be now trying to do the same thing to the UNP is certainly not going to endear him to the public”.

      The link: http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=158104

  2. siri says:

    හොද හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට ලු.

  3. Champa says:

    එනපොට නම් හොඳ නැහැ ජනාධිපතිතුමා. ආරක්ෂාවත් තර කරගෙන වෙඩි නොවදින ඇඳුමක් අඳින්න පටන් ගත්ත නම් හොඳයි නේද? හතුරා ඉන්නේ ඔබේ එලි පත්තෙමයි. විජිත් රෝහණගේ අනාවැකිය පිටින් දාලා උණ්ඩයක් හදවත පසාරු කරගෙන යන්න ඉඩකඩ තියෙනවා.

  4. Champa says:

    ජාතික ප්‍රතිපත්ති, මුදල්, ආර්ථිකය, ආරක්ෂාව, ආයෝජන, වෙළඳාම, විදේශ කටයුතු, නීතිය හා සාමය වැනි ඉතාම වැදගත් ඇමතිකම් හැම එකක්ම තියෙන්නේ UNP කාරයෝ අතේ. ඔක්කොම දූෂණ වංචා, කොමිස් ගැහිලි, හොරකම්, රාජ්‍ය සම්පත් විකිනිලි සිද්ධ වෙන්නේ UNP ඇමතිවරුන් ඉන්න තැන් වලින්. SLFP එකට දීලා තියෙන්නේ දෙවැනි පෙළ ඇමතිකම්.

    ඒ හින්දා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා සහ SLFP මන්ත්‍රීවරු හැම තිස්සෙම මේ පට්ට UNP හොරු රැල දිහා ඇහැගහගෙන ඉන්න ඕනේ.

    මුන්ට මේවා කරන්න ජනතාව ජනවරමක් දීලා නැහැ. ජනතාව මේ හොරකම්, ජාතික සම්පත් විකිණීමට එරෙහිව නැගී හිටින්නේ ඒ නිසයි.

Main News