මිල පාලන කැලේ.. සීනි රුපියල් හයකින් ඉහලට…

January 7, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
මිල පාලන කැලේ.. සීනි රුපියල් හයකින් ඉහලට…

වෙළෙඳපොළ තුල සීනි කිලෝවක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති බව සීනි ආනයනකරුවන්ගේ සංගමය කියයි.

එම සංවිධානයේ මාධ්‍ය කැඳවුම්කරු හේමක ප්‍රනාන්දු සදහන් කරන්නේ අයවැය යෝජනා මගින් ජනවාරියේ සිට සීනි කිලෝ ග්‍රෑමයකට 2%ක සෙස් බද්දක් හා රුපියල් හයකින් ආනයනික තීරු බද්ද වැඩිකිරීම නිසා මෙම තත්වය මතු වී ඇති බවයි.

නව බදු වැඩකිරීම් අනුව සීනි වෙනුවෙන් මුළු ආනයනික තීරු බදු 15%ක් වැඩි කර ඇති නිසා රේගුවෙන් සීනි නිෂ්කාශනයට කිලෝවක් සදහා රුපියල් 13ක වෙළෙඳ බද්දක් පනවා ඇති නිසා රජය විසින් සීනි සඳහා පනවා ඇති පාලන මිලට සීනි අලෙවි කල නොහැකි බවද ඔහු සදහන් කරයි.

3,863 Viewers

Leave a Comment

Main News