5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුවලින් සිංහල මාධ්‍ය සිසුන්ට පමණක් දැඩි අසාධාරණයක්…

October 11, 2017 at 6:30 am | lanka C news
5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුවලින් සිංහල මාධ්‍ය සිසුන්ට පමණක් දැඩි අසාධාරණයක්…

පසුගියදා ප්‍රකාශයට පත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වීමේ දිස්ත්‍රික්  කඩඉම් ලකුණු තීරණය කිරීමේ දී වවුනියාවේ සිංහල මාධ්‍ය දරුවන්ට මහත්වූ අසාධාරණයක් සිදුව ඇතැයි විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පෙන්වා දෙති.

සිසු දරුවන්ගේ දෙමාපියන් පෙන්වා දෙන්නේ දෙමළ දරුවන් සේම සිංහල දරුවන්ද සමානව යුද්දෙන් බැට කෑ බවත් නමුත් මේ වන විට අධ්‍යාපන පහසුකම් වලින් උසස් තත්වයේ පවතින උතුරේ දමිළ දිස්ත්‍රීක්ක වල කඩඉම් ලකුනු අඩු වුත් සිංහල දරුව් වෙනුවෙන් කඩඉම් ලකුණු අසාධාරණ ලෙසින් වැඩි කර ඇති බවටත්ය.

උදාහරණයක් වශයෙන් දෙමාපියන් පෙන්වා දෙන්නේ අධ්‍යාපන පහසුකම් වලින් ඉහල තැනක් ගන්නා අනුරාධපුර දිස්ත්‍රීක්කයට කඩඉම් කලුණු 160 ක් වශයෙන්ද යුද්දයට මුහුණ දුන්නු වව්නියාවේ දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන සිංහල දරුවන්ගේ කඩඉම් ලකුණු 161 ක් වශයෙන්ද දක්වා ඇති බවටයි.

ඊට අමතරව අධ්‍යාපන පහසුකම්වලින් ඉහළ තත්වයේ සිටින යාපනය දිස්ත්‍රීක්කයේ එම ලකුණු සීමාව 155 කුත්.  උතුරේ උතුරේ සෙසු දිස්ත්‍රික්ක වන කිලිනොච්චිය ලකුණු 154, මුලතිව් 154, මන්නාරම 153 හා වවුනියාව දෙමළ මාධ්‍ය එම අගය 154 කි .ඒ අනුව යුදමය පසුබිමට මුහුණ දෙමින් අඩුම පහසුකම් මෙන්ම අවතැන්ව නැවත පදිංචි කළ වැඩි ජන පිරිසක් සිටින වවුනියාවේ සිංහල දරුවන්ට 161 ක කඩඉම් ලකුණු සීමාවක් ලබා දීම සාධාරණයක්දැයි ප්‍රශ්න කරන සිසු දෙමාපියන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළට වවුනියාවේ සිංහල මාධ්‍ය ගුරුවරුන් හා පහසුකම් නොමැතිව පහසුකම් ඇති අනුරාධපුරයේ  උතුරු මැද පළාතේ මෙම අගය වවුනියාවේ සිංහල දරුවන්ටද වඩා අඩු අගයක් වන 160 ක් වීමද බලධාරින්ගේ අවධානයට යොමු නොවන්නේ මන්දැයි විමසති.

ඊට අමතරව මුලතිව් දිස්ත්‍රීක්කයේ සිංහල මාධ්‍යට කඩඉමි ලකුණු 160 ක් ලෙසින් දක්වා ඇති අතර මුලතිව් දිස්ත්‍රීක්කයට වැලිඔය කලාපයද හසුවන බැවින් වැලිඔයද යුද්දයට දැඩි සේ බිලිවුනු දැඩි දුෂ්කර ප්‍රදේශයකි.

එමෙන්ම මෙවැනි වාතාවරණයකට මුහුණ දී ඇති වව්නියාවේ සහ මුලතිව්හි සිංහල පාසල් දරුවන්ගේ කඩඉම් ලකුණු ප්‍රමාණයන් තීරණය කරනු ලබන්නේ කුමන තරාතිරමක කුමන වාතාවරණයක් යටතේද යන්න වග දැන ගැනීමට අයිතියක් ඇති බවටද වව්නියාවේ සිංහල පාසල් දරුවන්ගේ දෙමාපියන් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,178 Viewers

6 Comments to “5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුවලින් සිංහල මාධ්‍ය සිසුන්ට පමණක් දැඩි අසාධාරණයක්…”

  1. Sarath Wanigasekara says:

    When you voted in Jadapaalanaya you should expect such things. The aims Jadapaalanaya are as follows
    1. Make as much money as possible for themselves
    2. Do what the 30 year war could not do and divide the country
    3. By doing that get the praise from pro LTTE european countries
    4. Get another chance to kiss the bare hand of QE2
    5. Finish off Sinhaleese buddhists for ever

  2. ගමරාළ says:

    යහපාලන ගෙරි බල්ලන්ගෙන් සිනහලයාට හැම්විටම කුඩම්මගෙ සැලකිලි. නපුංසකයො රට පාලනය කරනකොට එහෙම තමා.

  3. Kings says:

    මේ ජඩපාලනය කරවන ගෙරි බල්ලො ටික ඉපදිල තියෙන්න සුලු ජාතික මිනිසුන්ට ජාතක වෙල. ඒකයි සිංහලයන්ට මේ තරං කෙනෙහිලිකම් කරන්නෙ.

  4. Dushantha says:

    නපුන්සකයින්ට චන්දෙ දුන්නනන් දෑන් ඉතින් විඳෝපල්ලා සක්කිලි. තව හොඳ හරිය ආවෙ නෑ.

  5. sura says:

    සමනල එකේ වැඩ කොහොමද ??????????????

    සතුටුයි ද දැන්.

  6. sura says:

    සමනල set එකේ වැඩ කොහොමද ??????????????
    සතුටුයි ද දැන්.

Leave a Comment

Main News