5/6 පරාජය යලි පෙනේ.. මැතිවරණ ඝාතකයෝ මැතිවරණ සිතියම අකුලති.. ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන අධිකරණය අනාථයි.. ශ‍්‍රී ලංකාව යලි රාජාණ්ඩු ක‍්‍රමයට..

November 16, 2017 at 10:05 pm | lanka C news
5/6 පරාජය යලි පෙනේ.. මැතිවරණ ඝාතකයෝ මැතිවරණ සිතියම අකුලති.. ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන අධිකරණය අනාථයි.. ශ‍්‍රී ලංකාව යලි රාජාණ්ඩු ක‍්‍රමයට..

1948 නිදහසෙන් පසුව මැතිවරණයක් කල් දැමීම සිදු වුයේ 1975 දීය, ඒ 1972 දි ශ්‍රි ලංකා ජනරජ ව්‍යවස්ථාව හදුන්වා දුන් බැවින් එදින සිට වසර 5 කින් පසුව මැතිවරණ පැවත්විමට සුදුසු යැයි එවක රජය තීරණය කිරිම නිසාය. ඒ අනුව මහා මැතිවරණ 1977 දක්වා වසර දෙකකින් ශ්‍රිලනිප ප්‍රමුඛව සමගි පෙරමුණ රජය කල් දැමිය.

එහි ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂය පැවති එම රජය පරදවා 5/6 ක බලයක් ලබා ගැනිමයි. ඒ සඳහා එවකට එජාපයේ නායක ජේ ආර් ජයවර්ධන මහතා නායකත්වය ලබා දුනි. එමෙන්ම 77 මහා මැතිවරණයට පෙර එතුමා 1976 දි ඔහු නියෝජනය කල බටහිර කොළඹ ආසනයෙන් ඉල්ලා අස්වි අතුරු මැතිවරණකට මුහුණ දුනි. එහිදි එතුමා අති විශිෂ්ට ජයක් ලබමින් එවකට පැවති සමගි පෙරමුණ රජයට විශාල අභියෝගයක් එල්ල කොට තිබුනි. එහෙත් වර්තමාන මැතිවරණ ක්‍රමය තුල එවෙනි අතුරු මැතිවරණ ලබා ගැනීමේ ප්‍රතිපාදන නොපවතී.

එදායින් පසුව වර්තමානයේ ජනතාව එවෙනි බරපතළ තීරණයකට ගමන් කරමින් සිටි. ඒ නිශ්චිත කාලයට පැවත්විමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණය වසර දෙකාහාමාරකි යහපාලන ආණ්ඩුව කල් දැමීමයි. සීමා නිර්නය නිසි අයුරින් සිදු කොට නොමැති බව පවසමින් පසුගිය රජයට චෝදනා කරමින් වර්තමාන පාලකයෝ එය එසේ කලහ.

ඉන්පසුව පලාත් පාලන මැතිවරණ නොපැවත්විම හමුවේ නැගි ආ ජනතාවගේ දැඩි අප්‍රසාදය හමුවේ පලාත් පාලන මැතිවරණ පැවත්වීමට අවශ්‍ය ගැසට් පත්‍රය පසුගිය සතියේදී පලාත් සභා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් නිකුත්කලේ ය.

ඒ අනුව යමින් මෙරටේ ස්වාධීන මැතිවරණ කොමිසම එම මැතිවරණ පැවත්වීම 2018 ජනවාරි මස අග සතියේදී සිදු කල හැකි බවට අනාවරනයකලේ ය.
එහෙත් ඊයේ (11) අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් වූහ, ඒ අමාත්‍යවරයා නිකුත් කල එම ගැසට් පත්‍රය දෝස සහිත බැවින් එය අවලංගු කරන ලෙසයි. ඒ අනුව පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම සලකා බැලු අධිකරණය එම පෙත්සම විභාග කිරිමට අවශ්‍ය නියෝගය ලබන 22 වෙනිදා ලබාදීමට තීරණයකලේ ය. ඒ අනුව මැතිවරණය අනිවාර්යයෙන්ම කල් යන අතර එම පෙත්සම විභාග කිරිමට අභියාචනාධිකරණය තීරණය කලොත් කිසිදිනක ආණ්ඩුවට වාසිදායක අවස්ථාවක් හැර ඡන්දය පැවත්විම නොකෙරෙනු ඇති බවත් නීතී ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රබල සාකච්චාවක් ඇතිව තිබේ.

මෙහිදී ජනතාවට වැදගත් වනුයේ මෙසේ මැතිවරණ කල් දැමීමේ උවමනාවන් සැබැවින්ම ඇත්තේ කාටද යන්නයි. එහිදි මෙම පෙත්සම ගොනුකළ නීතිඥවරුන් කාහේ කවුරුත් ද යන්න සොයා බැලිය යුතු කරුණකි. එමෙන්ම මෙම පෙත්සම්කරුවන් කාගේ කවුරුත් ද යන්නත් සොයා බැලිය යුතුය. ඒ අනුව මෙරටේ ස්වාධීන අධිකරණය යොදාගෙන ස්වාධීන මැතිවරණ කොමිසම හරහා යහපාලනය කියන ආණ්ඩුව කරන ක්‍රියාකාරකම් මැනවින් අවබෝධ කරගත හැකිය.

මෙම කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙල නිසා රටේ සෑම ක්ෂේත්‍රයක් දිහාම ජනතාවට සැකෙයෙන් බැලිම ප්‍රවර්ධනය කරයි. එහි උච්චත්ව අවස්ථාවක් වනුයේ මෙරටේ ස්වාධීන අධිකරණය හෑල්ලුවට ලක් කිරිමයි. එමෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යය බලය තහවුරු කිරිමට ජනතාවගේ මුදලින් පිහිටුවා ඇති ආයතනය වන ස්වාධීන මැතිවරණ කොමිසම නිෂ්ඵල ආයතනයක් විමයි. එමෙන්ම එම ආයතනය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ මනදොළ පිනවන තවත් දූෂිත ආයතනයක් ලෙස ජනතාවට ඒත්තු ගැන්විමයි.

මෙහිදී වැදගත්ම කාරණය වනුයේ ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරිතර වූ පරමාධිපත්‍යය බලය තුට්ටුවකට වත් මායිම් නොකිරීමයි. ඒ අනුව යමින් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානින් විසින් ස්වාධීන අධිකරණය හා ස්වාධීන මැතිවරණ කොමිසම හරහා ඉතා උපක්‍රමශීලීව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දූෂණය කරන අයුරුය,

මෙහිදී ජනතාවට වැදගත් වනුයේ මෙසේ මැතිවරණ කල් දැමීමේ උවමනාවන් සැබැවින්ම ඇත්තේ කාටද යන්නයි. එහිදි මෙම පෙත්සම ගොනුකළ නීතිඥවරුන් කාහේ කවුරුත් ද යන්නය. එමෙන්ම මෙම පෙත්සම්කරුවන් කාගේ කවුරුත් ද යන්න ය. ඒ අනුව මෙරටේ ස්වාධීන අධිකරණය යොදාගෙන ස්වාධීන මැතිවරණ කොමිසම හරහා යහපාලනය කියන ආණ්ඩුව කරන අති දූෂිත ක්‍රියාකාරකම් මැනවින් අවබෝධ කරගත හැකිය.

26,367 Viewers

11 Comments to “5/6 පරාජය යලි පෙනේ.. මැතිවරණ ඝාතකයෝ මැතිවරණ සිතියම අකුලති.. ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන අධිකරණය අනාථයි.. ශ‍්‍රී ලංකාව යලි රාජාණ්ඩු ක‍්‍රමයට..”

  1. Nandasoma says:

    අර අජිත් පී පෙරේරා කියන බොරු කාර නරිය කියනව කවුද මේව කළේ? පොදු විපක්ෂය තමයි මේව කරන්නෙ….ලැජ්ජයි..! ලැජ්ජයි.. !!

    නඩු දාපු උන්ගෙ පැටිකිරියත් එක්කම එලිවෙන කොට කාටද ගස් බල්ලො ලැජ්ජ?

    • asaranaya says:

      මේහෙම ගියොත් සිම්බාබ්වේ මුගෙබේ රජයට ගිය කල දවසම පඹ හවුලටත් මූහුණපාන්නට සිදුවෙන්න වෙයිනේද

      • Upali says:

        හමුදාව අල්ලගත්තොත් පක්ෂ විපක්ෂ ඔක්කොටොම අබසරන තමා

  2. ගමය says:

    මේ යහපාලුවන් දන්නේ හරිමාර්ගයෙන් වැඩ නොවෙයි ගුද මාර්ගයෙන් වැඩ විතරයි. මොනදෙ කලත් එහෙමයි මහබැන්කු හොරකමේ ඉන්දලම ගුදමාර්ගයෙන් මිස හරිමාර්ගයෙන් නොවෙයි

  3. බුසල් says:

    මොන උප්පර වැට්ටියක් හරි දාල පරාජයේ වේදනාවෙන් බේරෙන්ඩ එපායැ.

  4. ව්දිය බණ්ඩාර says:

    ස්වදීන මැතිවරණ කොමිසම ඉල්ලා බෙරිහන් දුන් එවුන් කෝ

  5. පොදු මිනිහා says:

    මැකෝගේ විහිලු නිසා සමස්ථ රාජ්‍ය සේවයම අපහාස විදිනවා.

  6. Sirisena Yatawara says:

    ජනතාව ගොනාට අන්දවන සියලු දෙනාටම අවශ්‍ය කාලයේදී ජනතාව දඩුවම් ලබාදීමට නියමිතය, ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති අන්දරස්ගේ මහින්ද දේශප්‍රිය ද ඇතුලුව.

  7. Gemunu Silva says:

    යහපාලන ආණ්ඩුවයි ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති හරක් දේශප්‍රියගේ යි කුමන්ත්‍රණයක්. මුන්ට හෙන ගහපං ජනතාවගේ ඡන්ද බලය වංචා කරනවාට.

  8. Critic says:

    JO isn’t strong enough to act against this stupid Government.They do nothing but press briefing only!

  9. ජයවර්ධන says:

    මැක්කෝ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ජනතාවගේ ඡන්ද බලය හොරා කනවා.

Main News