6% FUTAට රනිල් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මතක් වේ.. NUTA රෙදි ගලවයි..

November 1, 2018 at 8:02 am | lanka C news
6% FUTAට රනිල් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මතක් වේ.. NUTA රෙදි ගලවයි..

ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ ?

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) වැඩබලන ලේකම් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතාගේ අත්සනින් නිකුත් වූ පුවත්පත් නිවේදනයක දැක්වුනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමට පියවර ගන්නා ලෙසයි. ඒ සම්බන්ධයෙන් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ (NUTA ) දැඩි අවධානය යොමු වී ඇත.

අපට ලැබී ඇති තොරතුරු අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මෙවන් තීරණයක් ගෙන ඇත්තේ සිය සාමාජිකයන්ගේ සහ එම සාමාජිකයන් නියෝජනය කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රමාණවත් අදහස් ලබා ගැනීමකින් තොරවය. මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විදේශ තානාපති කාර්යාල කිහිපයක අවශ්‍යතාව මත FUTA නිලධාරීන් කිහිප දෙනකු සිදු කළ අත්තනෝමතික ක්‍රියාවකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ කොතැනද ?

බැඳුම්කර වංචාව අවස්ථාවේ පාර්ලිමේන්තුව කල් තබන විට නිහඬව සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට හිටි අඩියේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් වීම අපගේ විමතියට හේතු වේ. පාර්ලිමේන්තුව සැසි වාරය මෙවර කල් දමා ඇත්තේ දින 11කින්ය. නොවැම්බර් 5 දින අයවැය ඉදිරිපත්කිරීමට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණි. නව මුදල් ඇමතිවරයෙක් පත්වී ඇති නිසා නව අයවැයක් සකස්කර ඉදිරිපත් කිරීමට අවශ්‍ය කාලය ලබා ගැනීම පාර්ලිමේන්තුව කල් තැබීමේ අරමුණ බව අප දැනුම්වත් වී ඇත. දින 11කින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රැක ගැනීමට බලාපොරොත්තුවන ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? තවද වසර ගණනාවකින් මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරන විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට සිටියේ කොහේදැයි දැන ගැනීමටද අපි කැමැත්තෙමු.

තවද අධ්‍යාපනය වෙනුවෙන් 6% ලබා ගැනීමේ ඉල්ලීම කරලියට ගෙන ඒමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැන් සුදුසු කාලය එළඹ ඇති බව පෙනී යන හෙයින් ඒ සඳහා නැවත සක්‍රීයව මැදිහත් වීම සුදුසු බව ද අපගේ විශ්වාසයයි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර තානාපති කාර්යාල කිහිපයක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නින්දිත අයුරින් යොදා ගැනීම අපගේ බලවත් අප්‍රසාදයට හේතු වේ.

මහාචාර්ය චන්න ජයසුමන
මහ ලේකම්
ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

37,108 Viewers

6 Comments to “6% FUTAට රනිල් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මතක් වේ.. NUTA රෙදි ගලවයි..”

  1. Nadeesha says:

    Appoint Parliament Committee to check qualifications and publications of professors in Sri Lankan public University system. More than 99% are fake professors. Without PhD from the world top 100 universities (QS Ranking), and without minimum 20 articles in SCOPUS/ISI indexed journals and without visiting professorship from three other countries, you can not be a professor. If you work to management faculty your PhD must be from Western at least AACSB accredited Business School. See most have Sri Lanka fake PhDs (Especially Colombo University bogus Ph.D.) and Chinese, Indian and Malaysian fake PhDs. Sack all of these bogus PhD holders and fake professors and save poor tax payers money.

  2. Wijebahu says:

    Ayi yako bandumkara hora hire thapinawa Madida? MARa hire arapu ekek kiyapan. SFwa arenna.

  3. Hewage says:

    Yes 100% agreed. Some academic depts are family trees. Some wives got PhDs from husbands and became professors. If you do not have PhD from world top 100 Universities you can not get even Assistant Lecture position from international job markets. With immediate effect abolish Colombo University and MSU fake PhD offerings. Now these unqualified peoples are becoming Head and Deans in public University system and systematically chase away qualified professors and Lecturers from public University system. Go inside the public University system and see it is now run by unqualified thugs and robbers. All the inside contracts and constructions, purchasing are doing by these fake academic guys creating bogus companies. AG and CID must send to public University system and see some dept are the kingdom of these fake Ph.D. holding bogus profs.

    • RATA WESIYAA says:

      What were so called FUTA were doing ,when Ranil’s government was postponing the local elections for such long time ,depriving the peoples’ fundamental democratic right of electing their own representatives? As one of the educated group who set their feet in this Country ,should observe well and understand well ,how majority people are happy and relieved for stopping the Ranil’s government antinational moves ,which he has been doing disregarding his obligation to safe the Nation’s interests,to appease the Western colonial masters,NGO’s,Separatists and Tamil Diaspora.
      Is proroguing the Parliament for mere 11 days such long time ,to start coughing for Ranil?

  4. lanka says:

    most of Japan Phd are also fake phd s. They offer them just to increase the individual professor’s profile. see pera uni

  5. ranjan says:

    මන්ද බුද්ධිකයින් සොයාගැනීමට මගක්
    බටහිර අද්‍යාපන ක්‍රමය මගින් ඕනෑම සමාජයක් කොටස් හතරකට බෙදනුලබයි.
    1)මන්ද බුද්ධික නුගත්තු
    2)මන්ද බුද්ධික උගත්තු
    3)බුද්ධිමත් නුගත්තු
    4)බුද්ධිමත් උගත්තු
    සමාජයට මහත්ම විනාශය කරනු ලබන්නේ 2 වැනි කොටසයි.සමාජයේ වැඩිම කොටස 1 සහ 2 නියෝජනය කරනු ලබයි.බුද්ධි ඵලය(I.Q)යන්නට දෙනු ලබන අර්ථකථනය අනුව 50%ක් මන්ද බුද්ධිකයින්ය.
    කිසිදු බුද්ධි පරීක්ෂණයක් අවශ්‍ය නැත.ලංකාවේදී නම් එක්සත් ජාතික පාක්ෂිකයෙකු යනු අනිවාර්යෙන්ම මන්ද බුද්ධිකයෙකි.තීරණය කල යුත්තේ ඔහු අයත් වන්නේ 1 වැනි කොටසටද 2 වැනි කොටසටද යන්නය.
    බුද්ධිය සහ උගත්කම අතර සම්බන්ධයක් නොමැත .බටහිර අද්‍යපනයේ එන මූල ධර්මයක් වන්නේ 90% ක් හොදින් ඉගැන්නුවොත් 90% ක් විභාග සමත් වන බවය.මෙහිදී බුද්ධිය යනු අවම බලපෑමක් සහිත සාධකයක් වේ.පාලනය සදහා බුද්ධිය සහ අවශ්‍යතාවය බලපායි .අවශ්‍යතාවය යන්න සමාජ සාධකයක් වන අතර එය පංති පසුබිමින් නිර්මාණය වන බව මාක්ස් ගේ අදහසයි .

Main News