60 පැන්න රාජ්‍ය නිලධාරින් අලුත් රස්සාවලට යන්න ඇදුම් මසති.. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට 75යි.. පාස්කරලිංගම් අවුරුදු 85යි..

July 3, 2017 at 3:00 pm | lanka C news
60 පැන්න රාජ්‍ය නිලධාරින් අලුත් රස්සාවලට යන්න ඇදුම් මසති.. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට 75යි.. පාස්කරලිංගම් අවුරුදු 85යි..

රජයේ සේවකින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 60 කි. සංස්ථා හ පෞද්ගලික අංශයේ විශ්‍රම ගැනිමේ වයස අවුරුදු 55 කි, ඒ ශ්‍රී ලංකාවේ නීතියයි. එහෙත් මේ ආණ්ඩුව යටතේ නියමිත වයස 60 සම්පූර්ණ කොට විශ්‍රාම ගොස් වසර 25 කට පසුවත් ආණ්ඩුවේ ඉහළම තීන්දු තීරණයන් ගැනීමේ නිලධාරින් ලෙස විශ්‍රාම ගිය නිලධාරින් පත් කොට ඇත.

මේ අනුව ශ්‍රීලංකාවේ වයස අවුරුදු 75 ඉක්මවු පුද්ගලයින් රාජ්‍ය සේවයේ ඉහළම තනතුරට පත් කිරීම දැනට විශ්‍රාම ගොස් සිටින බොහො රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින්ට ඉතා සතුටට පත්ව ඇත. ඒ රාජ්‍ය පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්විමේ වයස අවුරුදු 78 ක වේ යන අදහසිනි. හේතුව අවම වශයෙන් ජනාධිපතිවරයා ධූර කාලය තව අවුරුදු දෙකහමාරක් තිබෙන බැවින් අවුරුදු 75 වයස එම නිලධාරියා අවුරුදු 78 දක්වා ජනාධිපති ලේකම් තනතුරේ සිටිය යුතු බැවිනි.

යහපාලන ආණ්ඩුවේ ආර්ථික සම්පූර්ණයෙන්ම හැසිරිවීමට අවශ්‍ය තීන්දු ගන්නේ ජනාධිපති අගමැතිගේ ප්‍රධානත්වටෙන් ඇති ආර්ථික කළමනාකරණ කොමිටිය යි Cabinet Committee on Economic Management (CEM). එහි සම්පූර්ණ මෙහෙයවනු ලබන්නේ විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරියකු වන හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර් පාස්කර්ලිංගම් ය. ඒ මහතාගේ වයස අවුරුදු 85 ඉක්මවාය. එම කොමිටියේ අනික් දෙදෙනා සී මාලියද්ද සහ ඩික්සන් නිලවීරය. සි මාලියද්ද මහතා වයස අවුරුදු 80 ඉක්මවා සිටින හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා ය. ඩික්සන් නිලවීර මහතා ද අවුරුදු 78 ඉක්ම වු හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකි. Link

පසුගිය සතියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් ලෙස පත් කලේ ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. මේ වනවිට ඔහු රාජ්‍ය සේවාවෙන් විශ්‍රාම ගොස් සිටින් අතර ඔහුගේ වයස අවුරුදු 75 කි. ඔහු පොලොන්නරුව දිසාපති ලෙස සේවය කරන්නේ 1977 වසරේදී ය. එම කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහත අවුරුදු 27 ක් තරුණ ග්‍රාමා සේවා නිලධාරියෙකි. එදා එම ග්‍රාමසේවක නිලධාරියාගේ ඉල්ලා අස්වීම භාරගන්නේ මෙම මැදවියේ දිසාපතිවරයා ය.

එමෙන්ම මේ වනවිට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග අවුරුදු 60 ඉක්මවා ඇත, රටේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද අවුරුදු 60 ඉක්මවා විශ්‍රාම ගොස් සිටින අයෙකි.

13,623 Viewers

8 Comments to “60 පැන්න රාජ්‍ය නිලධාරින් අලුත් රස්සාවලට යන්න ඇදුම් මසති.. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට 75යි.. පාස්කරලිංගම් අවුරුදු 85යි..”

  1. Jonaa'S Brother says:

    බය වෙන්න දෙයක් නැත . ජෝන් අයියාගෙ පෙති තියන කම් , මාර අලවියක්නේ තියෙන්නේ, බලන්නකෝ අපේ ජෝනයියා හොඳ ෆිට් එකේනෙ ඉන්නේ

  2. PISSUPOOSA says:

    This is very appropriate for YAMAPALANA as they are highly in the process of distroying country’s future them to survive after people send them to grave

    • asaranaya says:

      රට වැනසිලා ඉවරවෙනවිට මුන් ඔක්කොම යම ලොව., අනේ අනිච්චන් කාට කියන්නද,
      රට වැන්සෙන්න කලියෙන් මුන් හැත්තම මකබෑවිලා යන්නේ නැති හැටි

  3. lalith says:

    නාකි හුටංලාගේ නරලොව හොල්මන් රජය

  4. sithmal says:

    Age is not a matter… Knowledge and Education is the important.

  5. ravi says:

    A vagema visraama vatup dept. ekatath super palapurudu visraamika niladhaariyeku yodavanna. Ratata avashya vanne vadakala haki niladhaarin misa vada bari pagaa dushithyan nove. Dan athi ththvaya anuva kujeetha niladhaareen ivath kota sudussan pathkaranna.

  6. bend to bend says:

    මේකට නම් කියන්න දෙයක් නැහැ.දේශපාලකයො රෝද පුටුවෙනුත් රට පාලනය කරනව​.මීට අවුරුදු හැටකට හැත්තෑවකට කලින් කොලු වයසෙ හිටපු අද වල පයයි ගොඩ පයයි තියාන ඉන්න උන් පෙත්ත ගහල පිස්සු කෙලිනව​.මෙලෝ රහක් නැති එහෙව් උන් අණ දෙනව​.පිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සුම තමයි හලෝ.

  7. Bandu says:

    Mahinda Hora

Main News