විදුලිය, ජලය, ඛණිජ තෙල් පුද්ගලීකරණය කරන්න ආණ්ඩුව IMFට එකග වේ..

March 8, 2017 at 3:00 pm | lanka C news | ලංකා සී නිවුස්
විදුලිය, ජලය, ඛණිජ තෙල් පුද්ගලීකරණය කරන්න ආණ්ඩුව IMFට එකග වේ..

විදුලි බලය, ජල සම්පාදන, ඛණිජ තෙල්, වරාය ඇතුළු ආයතන 05ක් පුද්ගලික අංශයට විකුණා දැමීමට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතාවයකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමග මෙම එකගතාවයට පැමිණ ඇතැයිද කී මන්ත‍්‍රීවරයා ලංකාවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 07ක පවතිනවා නම් පමණක් උදවු කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කලින් පවසා සිටි බවත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුව මේ තත්වය මත පඹගාලක පිටලී සිටින බවත් පුද්ගලීකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේම ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

9,058 Viewers

3 Comments to “විදුලිය, ජලය, ඛණිජ තෙල් පුද්ගලීකරණය කරන්න ආණ්ඩුව IMFට එකග වේ..”

  1. lanka says:

    good. then we do not want ministers for said ministries.

  2. Nana says:

    Politicians of of all parties want these places to be kept with Govt, as these are Gold mines for them to employ their henchmen and earn by easy corruption deals. All developed countries allow Private sector to run these places and only regulation by Govt. Sri Lankan Public is such ignorant to protest against Privatisation, they think then only they can make Low utility Bills, but dont understand that when these places are run efficiently and without corruption by Private sector, the Bills could come down in longer term and also Taxes to be paid (To cover sudsidies) will be also less. WHEN WILL WE SEE THE REAL TRUTH ??

  3. Nana says:

    Only way to go. This could have been done 20 Years back and we could have been a developed Country by now..

Main News