පිටිදුවේ හිමි සිවුර ඔලුවේ ඔතා මුගුරු ගෙන පාරේ උද්ඝෝෂණ කලාද.. ඔබවහන්සේලා වැනි හිවලුන්ට සම්මා දිට්ඨියක් කෙසේ පහල වන්නද…

March 17, 2017 at 2:10 pm | lanka C news | ලංකා සී නිවුස්
පිටිදුවේ හිමි සිවුර ඔලුවේ ඔතා මුගුරු ගෙන පාරේ උද්ඝෝෂණ කලාද.. ඔබවහන්සේලා වැනි හිවලුන්ට සම්මා දිට්ඨියක් කෙසේ පහල වන්නද…

සියලූ භික්‍ෂුන් වහන්සේලාට අද දේශපාලන පක්ෂ ඇති නිසා ගෞතම බුදුන් වහන්සේ දේශනා කල දහම පිළිබඳව කතා කිරිමට කිසිවෙක් නැති බව දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ්‍රමවාසි පුජ්‍ය ධම්මජාත හිමියෝ පවසති.

බුදුගල ජිනවංශ හිමියන් විසින් බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා වෙත යොමු කර ඇති ලිපියට පිළිතුරැ ලිපියක් යෝමු කරමින් උන් වහන්සේ මේ බව කියා සිටිති.

අදාල සම්පුර්ණ ලිපිය මෙසේය.

ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා,
බුද්ධ ශාසන හා අධිකරණ අමත්‍යාංශය,
අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07.

ගරු ඇමතිතුමනි,

ආගමික සංහිදියාව හා හෙල බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමිගේ නිරුවත

2017 03 16 දින ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා වෙත බුදුගල ජිනවංස හිමි විසින් යොමු කරන ලද ලිපිය හා බැඳේ. ජිනවංස හිමි විසින් පල කරන ලද ලිපියට පිළිතුරු සැපයීම සඳහා පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් පුජ්‍ය වත්තල ධම්ම ජාත වන මා තෝරා පත්කරන ලදී.

මා මුලින් බුදුගල ජිනවංස හිමිට උගන්වන පළමු උපදේශය නම් යමක් ප්‍රකාශ කිරීමට පෙර ඒ පිළිබඳව නිවැරදිව කරුණු සොයා බලා ඔබේ මතය සමාජයට යොමු කිරීමය, එසේ නොමැති කමින් සිදුවන්නේ මෙලෙස අසුචි බාල්දි තම හිස මත පෙරලා ගැනීමය.

පළමු කරුණ තුලින් උන්වහන්සේ (බෞද්ධයන් අතර සංහිදියාව ගැන ප්‍රශ්න කරන කිසිවෙක්  මෙවැනි ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ මන්ද?)  යනුවෙන් පවසයි. අපට ඇති ප්‍රශ්නනම් උන්වහන්සේ අදහස් ප්‍රකාශ කරන්නේ කටින් ද නැතිනම් වෙනයම් තැනකින්ද යන්නයි. පසුගිය අවු 5ක කාලය ඇතුලත අප ආරාමයට භික්ෂුන්  කණ්ඩායමක් පහර දුන්හ, එසේම පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් හිමියන් දම් දෙසුමකට ගාල්ල පෝද්දල ප්‍රදේශයට වැඩම කල විට භික්ෂුන් පිරිසක් පහර දුන්හ, එලෙසම පසුගිය මස තුල නැවත පිළියන්දල ප්‍රදේශයේද මැර භික්ෂුන් කණ්ඩායමක් පහර දුන්හ. අපට ඇති ගැටලුව නම් මෙකිසිවක් උන්වහන්සේ තොත්ත බබෙක් මෙන් නොදැන මෙලෙස අදහස් පැවසීමයි.

මෙම ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් අප පැමිණිලි කලද මේවනවිටද මේ සම්බන්ධව මෙම රටෙහි කිසිඳු ආණ්ඩුවක් හෝ ශ්‍රී ලංකා පොලිසිය හෝ බුද්ධ සාසන අමාත්‍යාශය හෝ කිසිඳු  නීතියක් ක්‍රියාත්මක කොට නොමැති වීම මෙරටෙහි ආගමික සංහිඳියාව දැයි මා ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙන් ද විමසමි.

පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ දේශනා කරන හෝ යම් වැඩපිළිවෙලක දෝෂයක් තිබේ නම් බුදුගල ජිනවංස හිමියන් කල යුත්තේ ඍජුව උන්වහන්සේ හා ඒ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීමය. නමුත් එවැනි ඍජු කශේරුකාවක් උන්වහන්සේට නොමැති බව උන්වහන්සේ පල කල ලිපිය මගින් තහවුරු වේ. ඕනෑම කෙනෙකුට දර්ශනයක් මතවාදයක් දැරිය හැක. එහි යම් දෝෂයක් ඇතිනම් කල යුත්තේ තමුන්ගේ අසරණකම නොහැකියාව කුහකකම  සඟවා ගැනීම පිණිස හතර වටේ ලිපි යැවීම නොව, අදාළ පාර්ශවය සමග සාකච්ජා කිරීමය. අප දන්නා බුදු දහම නම් එයයි. අංගු-නි ඨාන සුත්‍රයේ සඳහන් වන්නේ සාකච්චාවෙන් ප්‍රඥාව දතයුතු මිස, බුද්ධ සාසන අමාත්‍ය වරයාට හෝ වෙනයම් පාර්ශවයන් වෙත ලිපි යැවීමෙන් ප්‍රඥාව දතයුතු නොවන බව මා උන්වහන්සේට මතක් කර දෙමි.

එසේම බුදුගල ජිනවංස හිමිගේ මහා පරික්ෂන, නිරීක්ෂණ, නිගමන අනුව පෙනී ගොස් ඇත්තේ පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේගේ ක්‍රියාකලාපය ශාසනික පරිහානියට දැඩි බලපෑමක් ඇති කරන්නක් බවයි.

මා හට බුදුගල ජිනවංස හිමිගෙන් විමසීමට ඇත්තේ

  1. සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින් වහන්සේ සිව්ර ඔලුවේ ඔතාගෙන පොලු මුගුරු ගෙන මහා පාරේ උද්ඝෝෂණ කලාද ?
  2. සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින් වහන්සේ සමස්ත මානව චින්තනය තුලට අන්තවාදී වෛරී කුහක මතවාද පොවමින් දෙපිරිසක් අතර ගැටුම් නිර්මාණය කරමින් ජාතිය ආගම වනසමින් මිනි මරා ගැනීමට සැලස්සුවාද ?
  3. උන්වහන්සේ හොර කම්,මැර කම් ජඩ වැඩ, අපචාර කලාද?

එසේම මා බුදුගල ජිනවංස හිමිගෙන් තවදුරටත් විමසන්නේ,

  1. මෙතෙක් සම්බුද්ධ සාසනය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ඔබවහන්සේ කල යුතුකම් මොනවාද ?
  2. ඔබවහන්සේ මෙව්වෙන විට ආරාම කොපමණ නිමවා තිබේද ?
  3. ශිෂ්‍යයන් කී නමක් පැවිදි උපසම්පදා කොට තිබේද ?
  4. කී දෙනෙකුට ධර්මාවබෝධය පිණිස ඒ උතුම් ප්‍රත්‍යක්‍ෂ මාර්ගය දේශනා කොට තිබේද ? එසේනම් ඔවුන් සිටින්නේ කොහෙද?
  5. මිනිසුන් අන්‍යාගමිකරණය ගැන පම්පෝරි ගසන ඔබවහන්සේ ඒ දිළිඳු පවුල් වල ළමුන් කී දෙනෙකුට පොත්පත් ශිෂ්‍යත්ව දී තිබේද? කී දෙනෙකුට නිවෙස් තනා දී තිබේද ?
  6. නසික ප්‍රශ්න ඇති මිනිසුන් කී දෙනෙකුගේ එම ප්‍රශ්න විසඳා සුවපත් කර තිබේද
  7. බවහන්සේ පිණ්ඩපාතේ වඩිනවාද? පාත්ත්‍රයේ දානේ වළඳනවාද? ඔබවහන්සේ පොහොය විනය කර්ම කරනවාද? ඇවැත් දෙසනවාද ? දෙපට සිව්ර භාවිතා කරනවාද
  8. අඩුම තරමේ ඔබවහන්සේ වස් සමාදන් වන හා පවාරණය කරන කර්ම වාක්‍ය දන්නෙහිද? උදේ සවස වත පිරිත දේශනා කරනවාද ? ඔබ වහන්සේට සතර බණවර කට පාඩම් ද?
  9. භික්ෂුන් වහන්සේලා අතර වර්ගවාදී, කුල වාදී, ගෝත්‍රවාදී අදහස් මුල් බැහැලා, එසම්බන්ධයෙන් ඔබවහන්සේ මෙ අකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍යතුමා දැනුවත් කර තිබේද?
  10. පසුගිය වසර තුල ඇතැම් භික්ෂුන් ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මත්ද්‍රවය අලෙවිය හා නොයෙකුත් මැර ක්‍රියා, නිදන් හැරීම් හා බේබදු කම් වල නිරත වූ අකාරය අප දුටුවෙමු. නමුත් ඔබ වහන්සේ ඒ ගොන්වහන්සේලා වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? ( ඔබවහන්සේලාගේ කන්ඩායමේ සිටින වැද්දා මුවා මැරුවත් තලගොයෙක් මැරුවත් ඔබවහන්සේලාට කම් නැත, නමුත් අනෙකෙක් මදුරුවෙක් මරනවා දුටු විට ඔබවහන්සේලාට හරියට රිදෙන බව මෙහි ඇතුලාන්තයේ ඇති සත්‍යයි.)

බුදුගල ජිනවංස හිමියනි.

සසුන වෙනුවන් යමක් කල යුතු නම්, කල යුතු එකම දෙය එක එක අයට ඉර්ශියා කරමින් කුහක කම් කරමින් දුෂ්ඨ කම් කරමින් යටිකුට්ටු කම් කරමින් හතරවටේ ලිපි ලිය ලිය ප්‍රදර්ශනය කරන එක නොවෙයි. තම තමුන්ට හැකි උපරිම ධාරිතාවෙන් හා ශක්තියෙන් සම්බුද්ධ සාසනය හා සමස්ත මානවයා වෙනුවෙන් කටයුතු කිරීමය. ඉහත කී සියල්ල අප විසින් මනාව ඉටු කොට ඇත , ඉදිරියටද අප එය තවත් පුළුල් අන්දමින් කරන්නෙමු.

සිරි සදහම් ආරාමයේ සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ යටතේ උපසපන් භික්ෂුන් වහන්සේලා 21 නමක් හා භික්ෂුණින් වහන්සේලා 20 නමක් පැවිදිව ඒ විමුක්ති මාර්ගය වඩයි, ධර්මය හදාරයි, පිඬුසිගා වඩි, පොහොය විනය කර්ම කරයි. එසේම සිරි සදහම් ආශ්‍රමය මෙරටෙහි බුද්ධ ප්‍රඥප්තීන්ට අනුකුලව වැඩිම විනයක් හා ශික්ෂණයකින් යුතු භික්ෂුන් වහන්සේලා හා භික්ෂුණින් වහන්සේලා වැඩ සිරින එකම අරාමයයි. තවද මැල්සිරිපුර පුර ප්‍රදෙශයේ අක්කර 55 ක භූමියක් ඔස්සේ නව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් ඉදි කොට ආරාම කුටි නිවමා ඇත. අවට දිළිඳු පවුල් වල ළමුන් 450ක් සඳහා නොමිලේ පොත් පත් ලබා දෙමින් නව පාසලක් ආරම්භ කොට ඇත. එසේම අඩු අදායම් ලාභී පවුල් සඳහා කිරි ගම්මානයක් ඉදි කොට ඇත. ආරාම භුමිය තුල වස විසෙන් තොර නැවුම් එළවලු හා පලතුරු වගා කොට පරිබෝජනය සඳහා ඔවුනට ලබාදීමට කටයුතු කොට ඇත. එසේම වකුගඩු රෝගීන් හා අක්ෂි රෝගීන් හට වෛද්‍ය සායන පැවැත්වීමට කටයුතු කොට ඇත. නිවෙස් නැත්ත වුනට නිවෙස් තනා දී ඇත.

ඔබවහන්සේට එය නිරීක්ෂණය කිරීමටය අවශ්‍ය නම් Link – 01 02 03 04 05  06

ඔස්සේ ඔබට දැක ගත හැක. නමුත් ඔබවහන්සේලා සම්බුද්ධ සසුන හා මෙරටෙහි මිනිසුන් වෙනුවෙන් කල කිසිවක් නැත. කල එකම දෙය බුද්ධ ප්‍රඥප්ති උල්ලංගනය කරමින් විවිධ දේශපාලන මත ඔලුවේ කරපින්නාගෙන නොයෙකුත් දේශපාලන පක්‍ෂ හා දේශපාලඥයන්ට කඩේ යමින් යමෙක් යහපත් දෙයක් කරනවිට කුහක කමින් ඔහුට අකුල් හෙලා විනාස කිරීමය.

ඇත්තෙන්ම දැන් ගෞතම බුදුන් වහන්සේ දේශනා කල දහම පිළිබඳව කතා කිරිමට කිසිවෙක් නැත. මක්නිසාද සියල්ලන්ටම දේශපාලන පක්ෂ ඇත. ඉදින් ඔබවහන්සේලා වැනිහිවලුන්ට සම්මා දිට්ඨියක් කෙසේ පහල වන්නද? අත්තේනම් ඔබ වහන්සේ මේ සියල්ල සිදු කරන්නේ කිසිවක් නොදන්නා කමින් නොවන බවත් වෛරය හා කුහකකමින් බවත් අප ඉතා හොඳින් දනිමු. ඔබ වහන්සේ අප සම්බන්ධයෙන් තොරතුරු ගෙන ඇත්තේ 2014 වසරේ පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින්වහන්සේගේ ජන්මදින පිංකම සම්බන්ධයෙන් ජාතික රුපවාහිනේයේන් දුෂ්ඨ සහ ද්වේශ සහගතව විකෘර්ති කරන ලද වීඩියෝපටයෙන් බව ඔබවහන්සේගේ facebook ගිණුම පරික්ෂා කරන ඕනෑම අයෙකුට දැක ගත හැක. ඇත්තෙන්ම හාමුදුරුවනේ ඔබ වහන්සේ තවම ජිවත් වන්නේ 2014 වසරේය. නමුත් මේ ගතවෙන්නේ 2017 වසර බව මා ඔබට මතක් කර දෙමි. අනෙක් කරුණ නම් සිරි සමන්තභද්‍ර හිමියන් ටී ෂර්ට් ඇඳි ජායාරුපය පසුගිය වකවානුව තුල ඔබවහන්සේලා තදින් විවේචනය කළහ. නමුත් දැන් දැන් ඔබවහන්සේත් ඒ අයුරින්ම ටී ෂර්ට් අඳිමින් ලොව පුරා සංචාරය කරන බව ඔබවහන්සේගේ facebook ගිණුම පරික්ෂා කරන ඕනෑම අයෙකුට දැක ගත හැක. එහි ප්‍රවේශ මෙහි දක්වා ඇත. (Link 0102)

අනෙක් කරුණ නම් භික්ෂුවකගේ විනය සම්බන්ධව ගිහියන්ට හෝ රාජ්‍ය තන්ත්‍රයට තීන්දු තීරණ ගත නොහැක. ඔබවහන්සේලා සිටින්නේ එ සඳහාය. ඔබවහන්සේ කලයුත්තේ ගිහියන්ගේ කලිසමට හෝ සුදු සරමට මුවා නොවී ඒ පිළිබඳව ඍජුව පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින් වහන්සේගෙන් ප්‍රසිද්ධ සභාවක විමසීමය. අප කල සියල්ල බුද්ධ ප්‍රඥප්තීන් හා විනයට අනුකුලය. එසේ නොවෙන යම් තැනක් ඇත්නම් එය කරුණු සහිතව පෙන්වාදෙන මෙන් අප ඔබට අභියෝග කරන්නෙමු. අඩුම තරමේ ඔබවහන්සේ හට පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා  ස්වාමින්වහන්සේ කෙසේ වෙතත් අප ආරාමයේ සිටින භික්ෂුණින් වහන්සේ නමක සමග හෝ සංවාද කිරීමට නොහැක, මක්නිසාද ඔවුන්ද ධර්මයෙන් හා අවබෝධයෙන් සන්නද්ධය. එසේම පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින්වහන්සේ හට කිසිවෙකුට ඛණ්ඩනය නොකළ හැකි දර්ශනයක් ඇත. උන්වහන්සේ දිනෙන් දින ඉහලට එසවෙන්නේ උන්වහන්සේගේ දක්ෂතාවයෙන් හා පුණ්‍ය මහිමයෙන් විනා ඔබවහන්සේමෙන් අනෙකාට ඉරිසියාකම් කරමින් උගුල් අටවමින් යටිකුට්ටු පහත් වැඩ කර නොවේය. නමුත් ඔබවහන්සේට එවැනි දක්ෂතාවයක් හෝ පුණ්‍ය මහිමයක් නොමැත. මක්නිසාද සසර පුරාවටම බුද්ධාදී ආර්යන් වහන්සේලාට නින්දා හා අපහස කල බැවිනි. ඇත්තෙන්ම මෙය මුළු චිවරයටම නින්දාවකි. බුදුගල ජිනවංස හිමියනි, ඇත්තේන්ම ඔබවහන්සේ ධර්මය නොදන්නේ නම් කරුණාකර සමාජයට මෙවැනි විහිලු සපයන්නේ නැතිව සිව්රු හැර රැකියාවක් කරමින් ජිවත් වන්න. එසේ නොමැතිව ඔබවහන්සේලාගේ නොහැකියාව වසා ගනිමින් මෙලෙස රාජ්‍ය අනුග්‍රහය පතමින් පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින් වහන්සේ මර්ධනය කිරීමට ගන්නා වෑයම නින්දිතය තුච්ජය සෝචනීයය. ඇත්තෙන්ම ඔබවහන්සේ මේවනවිටත් නිරුවත් වී අවසානය. මේසියල්ල සලකා බලන බුද්ධ සාසන අමාත්‍යංශයට නම්  ඔබවහන්සේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති මගේ හැගීමයි.

අවසාන වශයෙන් කීමට ඇත්තේ ඔබවහන්සේ මේ කරන කුහක තුච්ජ නින්දිත පාහර ප්‍රතිපත්තියට එරෙහිව මා ඔබ වහන්සේට අභියෝග කරමි. කිසිදා අලි බිත්තර නොදාන බව හොඳින් මතක තබා ගන්න. මාධ්‍ය හා කට කතා තුලින් අලි බිත්තර දානවා කියුවිට එය විශ්වාස කරමින් මෙලෙස පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ දර්ශනය හා වැඩපිළිවෙල විවේචනය කරීම තුලින්ම ඔබවහන්සේගේ චින්තනයේ පළල ඔබවහන්සේගේ දැක්ම අප හට හිතා ගත හැක.

ගරු බුද්ධ සාසාන අමාත්‍යතුමනි, බුදුගල ජිනවංස හිමිවරු වැනි මෝඩයන්ගේ මෝඩ අදහස් වලට කන් යොමමින් තව දුරටත් ඔබතුමන්ගේ වටිනා කාලය මේ වෙනුවෙන් මිඩංගු නොකර උන්වහසේට පැමිණ පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ සමග මුහුණට මුහුණ සාකච්චා කොට කරුණු කාරණා වටහා ගන්නා ලෙසත් එහි අවසාන තීරණය ඔබතුමා හට ලිඛිතව දන්වන ලෙසත් බුදුගල ජිනවංස හිමිට දන්වන මෙන් මා ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මේ වගට,

සිරිසදහම් ආශ්‍රමවාසි පුජ්‍ය ධම්ම ජාත ස්වාමින්වහන්ස

පිටපත් 

බුදුගල ජිනවංස හිමි
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා

101,118 Viewers

76 Comments to “පිටිදුවේ හිමි සිවුර ඔලුවේ ඔතා මුගුරු ගෙන පාරේ උද්ඝෝෂණ කලාද.. ඔබවහන්සේලා වැනි හිවලුන්ට සම්මා දිට්ඨියක් කෙසේ පහල වන්නද…”

  1. ජිරිනොනිස් says:

    ජිනවංසගේ කට වැහිලම යන්න දීලා. පිටිදුවේ හිමි තියා එයාගේ ශිෂ්‍යයෝ එක්කවත් මේ නූගත් පැවිද්දන්ට හැරෙන්න බැහැ. එක නිහතමානිව තේරුම් ගන්න ඕන දැන්..

    • ඇත්ත says:

      හාමුදුරැවරැ දෙගොල්ගෙන්ම ඉල්ලන්නෙ බටහිර මස් වැද්දන්ට උදව්කරනව මේ සෙල්ලම නතර කරත තම තමුන් තේරැම් ගන්නා විදිහට ධර්මයේ හැසිරෙමු නේද? තමන් කරගන්න දේ තමුන්ට ලැබෙයි.

      • janaka says:

        සමන්ත බද්ද ගේ හෙන්චයි මෝඩයන්ට මේ ලියුම දැකලා මාර ආතල් එකක් ගිහිල්ල තියෙන්නේ කොයි වගේද කියනවනම් සමන්ත බද්ද රහත් වෙලා කියල අච්චු ගහපු ඩිප්ලෝමා සහතිකයක් දැක්ක වගේ ආතල් එකෙක් ඇතිවෙලා තියෙන්නේ

        අනේ ඔයිලා තමුසෙලාට විචාර බුද්දිය කියල දෙයක් නැද්ද ?
        රහතුන් කියන්නේ පලමුවෙනුවම “මම” කියන අදහස නැති කල කෙනෙක්
        අනෙක් අයට නිග්‍රහ කරමින් දෙව්ශයෙන් කතා කරමින් ඒවගේම “මගේ “සුක විහරණය වෙනුවෙන් මාලිගා තනා ගනිමින් ඒවා තමුන්ලා වගේ මි හරක්ට සහාධාරනිකරණය කරගන්න බුදුන්වහන්සේගේ නාමය පවා ඈදා ගනිමින් ඒවගේම බොරු හේතු පෙන්වා තමුන්ලා ලවා සමන්ත බද්ද පිළිරුව සාදා එකට මල් පුජා කරන. තමුන්ගේ උපන්දිනය වෙනුවෙන් මස් සහිත සාද සංවිදානය කරගන්නා ‘මම” “මම ” “මම” යන්න උපරිමයෙන් උලුප්පවා ගන්නා නරයා රහත් කෙනෙක් නොවන බව තේරුම් ගන්න ත්‍රිපිටකය කියවන්න ඔනාද බොල?
        දැන් මෙතෙන බෝලාගේ බඩ්ඩගේ නියෝග පරිදි ජිනවංස හිමි පතුරු ගැහුවා කියල මම කියල තියෙන කරුණු බොරු වෙනවද ?
        හිනොන්මාදය තියෙන මානසික රෝගියෙක් රහත් කෙනෙක් වෙනවද ?

        • dev says:

          nawatath words allageana dangalanawa

          • raavna says:

            ලියුමෙන්ම පේනවා මුන් මොනවගේ එවුන්ද කියන එක. පොත නිකං බෙදල දැම්ම නම් ඉවරයි. ඕකට ඔච්චර රෙද්ද උස්සන් සංදර්ශන පවත්වන්න අවශ්‍ය නෑ මයි හිතේ. මුන්ගේ තියෙන්නේ ඔක්කොම සංදර්ශන, නිකං අර ගිරා නැටුම් වගේ ඒවා. මුන් නිවන් දකිනවා නං, මුන්ට කලින් අර කට පාඩම් කරන ගිරවුන් නිවන් දැකිය යුතුයි. මුන් නිවන් දැක්කොත් ඊට කලින් බල්ලෝ බුරුවො මි හරක් ඔක්කොම නිවන් දකීවි.

            වැදගත්: මුන්ගෙන් (+ අනෙකුන්ගෙන්, විශේෂයෙන් මහා නායක උන්දැලාගෙන්, …) සාෂණයට වෙන හානිය පැතිභේධයකින් තොරව විශ්ලේෂණය කොල යුතුය.

          • මරුසිරා says:

            SAMO…SAAMO…MENNA SAADULAA KELA GANNAWAA…KIYAPAN MEKA KURUSA KAARAYANGE KUMANTHRANAYAK KIYALAA……..

          • කනිෂ්ක says:

            මරුසිරා බුදුදහම වගේ ආගම් නැති කරන්න වෙරිටාස් වගේ සංවිදාන කරන ක්‍රමයක් තමයි බුදුදහම කතා කරන අයව සම්බන්ද කරගෙන පළමුව ඒ දහමම දෙසමින් ටිකෙන් ටික දහම වෙනස් කිරීම එවිට ඇතිවන ගට්ටනයෙන් දහම අදහන අය පටලවිල්ලකට පත් කිරීම සහ එම ඉඩ ඔස්සේ ධර්මය තනිකරම විනාස කිරීම .දැන් මේ තක්කඩියා කරන්නේ හරියට ඒ දේම තමයි මිනිහගේ අනුගාමිකයෝ කියල කියන පට්ට මීහරක් ටිකත් කරන්නේ එකට උඩගෙඩි දීම.
            එනිසා ඔවු සමහරවිට මේවගේ තක්කඩි පසුපස අන්‍යාගමික සංවිදාන ඉන්න පුළුවන් .

          • සුපුන් හැරිස් says:

            මගේ මිත්‍රයකුගේ නිවාස තිබෙන්නේ මේ සමන්ත බඩ්ඩ ගේ පන්සල ප්‍රදේශයේ .මගේ මිතුරා සාමාන්‍ය මද්යම පන්තික රජයේ රැකියාව කරන කෙනෙක් ඔහු මුල් කාලයේදී මේ පන්සලට සලාක දානය දුන්නා .දවසක් ඔහු සහ පවුලේ අය දානය රැගෙන ආවම කිසිවෙක් ඒ දානය බාරගන්න ආවේ නෑ ටික වෙලාවක් මගේ මිතුරා සහ ඔහුගේ මව බිරිඳ ආලින්දයේ ඉන්නවිට ඉතා සුකොපබෝගී වාහනයකින් නෝනා මහත්මියක් සහ සේවකයන් දෙදෙනෙක් පැමිණියා ඔවුන් පැමිණි වාහනයෙන් නොයෙක් ආකාරයේ ආහාර බාජන එලියට ගත්තා .ඒ අතර මගේ මිතුරාගේ මව අර කාන්තාවගෙන් ඇසුවා අද ඔබේ දානයක් තිබෙනවද කියල එතකොට ඇය පිළිතුරු දුන්නා ඔවු මට මේ මාසේ ඉඳල විසි දෙවනදා සලාක දානය සමන්ත බද්ද හාමුදුරුවෝ ලබාදුන්නු බව .එවිටම වාගේ සමන්ත බද්ද මගේ මිතුරා සහ මව බිරිඳ බලාසිටිද්දීම ඇතුල් කුටියකින් පෙනී ඉඳලා අර නෝනා මහත්තයාව බොහොම සාදරයෙන් පිළිගෙන දාන ශාලාවට කැඳවාගෙන ගියා නමුත් මගේ මිතුරා සහ පිරිස දිහා බැලුවේවත් නෑ නොදැක්කා වගේ ගණන් ගන්නේ නැතිව ගියා . මගේ මිතුරාගේ මව එතනට පැමිණි ආවතේව කරුවෙකුගෙන් ඇහුවා මේ අපේ දානේ දවස නේද කියා එතකොට ඔහු පිළිතුරු දුන්න එක මම දන්නේ නෑ ඒ මැඩම් දානේ අරගෙන එනබව හාමුදුරුවෝ කිව්වා කියල එවිට මගේ මිතුරා සහ මව බිරිඳ තීරණය කළා මේ ගෙනා දානය එලෙසම තබා ආපසු යන්න ඔවුන් අර ආවතේව කරුවන්ගෙන් බාජන ඉල්ලා සිටියා නමුත් ගෙනත් දුන්නේ බාජන දෙකක් පමණයි මගේ මිතුරා ඔවුන්ට ලබාදුන් බාජන වලට අර ගෙනා දානය දමා ඉතිරි වියන්ජන ඒ බාජන පිටින්ම තබා ආපසු පන්සලෙන් ආවා ඒ කාර්ය කරන අතර කිසිම හාමුදුරු කෙනෙක් මගේ මිතුරා ට කතා කරන්න පැමිණියේ නෑ කිසිවෙක් ඔවුන්ට කිසිවක් කිව්වේ නෑ මුණට මුලිච්චි වෙන්න් ආවේ නෑ .ඉන් පසු වොඋන් කවරම දාකවත් ඒ පන්සලට ගියේ නෑ .මේ සිදුවීම සිදුවුනේ සමන්ත බද්ද පිටිදුවේ කාලේ , නැගගෙන එනකාලේ .අන්න එහෙම තමා සමන්ත බද්ද නම් අලුත් බුදුවරයා සාමාන්‍ය අයට සලකන්නේ .අපේ තථාගත බුදුහාමුදුරුවෝ වගේ නිකන් ලපයි සිපයින්ව වැඩිය එන්ටටෙන් කරන්නේ නෑ .
            මේ කතාව ඉතාම සත්ය සිදුවීමක් මගේ මිතුරා මේ සිද්දිය මට කියලත් දැන් අවුරුදු තුනක් වෙනවා මෙන්න මේක තමයි සමන්ත බැද්දගේ නියම ස්වබාවය සමහරවිට ඒ රහත් වෙන්න ඉස්සරවෙලා රහත් වෙන්න ට්‍රයි කරන කාලේ වෙච්චි මිස්ටේක් එකක් වෙන්න ඇති හැබැයි කතාව 100% ඇත්ත .

          • නිරංජන් says:

            සුපුන් ගේ කතාව ඇත්ත . සමන්ත බද්ද කවුද කියල දැනගන්න අසල්වැසියන්ගෙන් අහල දැනගන්න .සමන්ත බද්ද ගේ අසල්වැසියෝ කවුරුවත් ඔය පන්සලේ පස් පාගන්නේ නෑ හේතුව සමන්ත බද්ද ගේ නියම ස්වරුපය නියම වාග් විලාශය නියම හැසිරීම දන්නේ අසල්වැසියන් වීම .මම කියන කතාව කවුරුහරි බොරු කියල කියනවනම් මම අබියෝග කරනව සමන්ත බද්දගේ අසපුව අසල නිවාස වලින් එකම එක ශ්‍රාවකයෙක් හොයාගෙන එන්න කියල පුලුවන්නම් .

        • සියදෝරිස් says:

          දැන් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා ගෞතම බුදුන්ම තමන්ගේ පිරිනිර්වන මංගල්‍ය වෙන්න ඕන විදිය සංවිධානය කරන්න ඕන විදිය සඳහා ලබා දෙන උපදෙස්. තමන් වහන්සේට සක්විති රජෙක්ට ලබා දෙන ගෞරව ලබා දිය යුතු බව උන්වහන්සේ දේශනා කරනවා. ඒ අස්සේ මේ ජනකයා වගේ නිඝන්ටයෝ එදත් කිව්වලු මම කියලා අදහසක් නැත්නම් ඇයි මේ තමන්ට ගෞරව කරගන්නේ කියලා. බලන්න රේරුකානේ හාමුදුරුවෝ වගේ අල්පේච්ඡව අපවත් වෙන්න එපැයි කියනවා. 😛
          රහතුන්ට මමත්වය නැහැ. “මම” “මම” කියලා කොච්චර කිව්වත් මමත්වය ඇති වෙන්නේ නැහැ, දුක ඇති වන්නේත් නැහැ.
          “ලෝකේ මම ම රහත් වෙමි. මම එකම සම්මා සම්බුදු වෙමි, අනන්ත ජින වෙමි. සිසිල්වුනෙමි”
          -අරියපරියෙසන සූත්‍රය , ගෞතම බුදුන් වහන්සේ

          “මෝඩ මිනිහෝ, ඔය ලිංගය ගෑනියෙක් ගේ යෝනියේ ඔබනවාට වඩා විසකුරු සර්පයෙකුගේ කටේ එබුවා නම් හොඳයි..”
          -සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ, පරාජිකා පාලි, විනය පිටකය.

          මේවා කියෙව්වාම මේ ජනක වගේ ජෛනයන්ට හිතුනලු බුදු හිමියන් ද්වේශයෙන් පෙලෙන පට්ට මමත්වයකින් පෙලෙන අය කියල. මොකද ඔවුන් ආර්ය මාර්ගයක් දන්නෙත් නැහැ. ප්‍රතිපදාව දන්නෙත් නැහැ. දන්නේ සම්ප්‍රදායක් විතරයි.

        • යකා says:

          සිරාවටම ජනක..මේ යක්කු හිතන් ඉන්නේ ත්‍රිපිටකය ගිරව දාපුහම රහත් වෙන්න පුළුවන් කියල 😀
          කොහොමත් ලංකාවේ මිනිස්සු අති බහුතරයක් විචාර බුද්ධිය නැති, මෝඩ මීහරක් එක හින්ද සමන්ත බද්‍ර රහත් කියල මුන් හිතන එක පුදුම වෙන්න දෙයකුත් නැහැ .
          මුන්ගෙන් ප්‍රශ්නයක් අහපුහම මුළු සුත්‍ර පිටකයේම තියන නම් වලින් දමල ගහන්නේ නැතුව මුන් අඩුගානේ හරියට අග්ගඥ්ඥ සුත්‍රය වත් කියවනවානම් හොඳයි.

        • ඔබට රහතුන් ගෙ මමත් වය ගැන කතාකන්න කුමන සුදුසුකම් ද?තමන්ට සාපෙක්ශව රහතුන් ගැන කියනවා

        • dev says:

          Janaka.api kaleka indan bana ahanawa.ethin apita mun waanse kiyana dewal watahenawa.jeewithayatath godak dewal ekatukara gatta.ethin obatumata mewa honda natuwa athi.ethin ekata kamak naa.api yuddakaranne naa ne.
          mamathwaya kiyanne mokadda kiyala therum ganna eka amaru naa.dewal manasin atha arapu kenekta mama kiwwa kiyala mamathwaya athi wenne naa.

          • පොඩි කොල්ලා says:

            එතකොට අර පිටිදුවේ තමුන්ගේ ප්‍රතිමාවක් හදාගත්තේ මමත්වය නැතිකරගන්න වෙන්න ඇති නේද ?සමහරවිට අලුත් කාලේ බුදුවරු එහෙම කරනවා ඇති නේද ?අනේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අද හිටියානම් සමන්ත බද්දගෙන් ටියුෂන් ගන්න තිබුනා කොහොමද ෆේස් බූක් එකවුන්ට් එකක් අරින්නේ කොහොමද මිනිස්සු ලවුවා මාලිගා හදාගන්නේ කොහොමද තමුන්ට අපහාස කරොපු චිංචි මානවිකාවට විරුද්දව අපහාස නඩු දාන්නේ කියල

        • රහතුන් ගෙ මමත්වය ගැන කියන්නට ඔබට කුමන සුදුසුකම් ද

        • Amda says:

          කියල වැඩක් නෑ.
          බුද්ධාගම කෙසේවෙතත් තර්ක ශාස්ත්‍රය නම් පරතෙරටම දන්නව මුන්.
          මුන් එක්ක වාදෙට යන්න හොඳ නෑ අනික් ස්වාමීන්වහන්සේලා.

          ඌරගෙයි සින්හයාගෙයි කතාව දන්නවා නේ ?

      • gonja says:

        Me Sanga Bhedaya neda?

    • හසිත says:

      බුදුගල ජිනවංස හාමුදුරුවො ඇමති උපදේශක රස්සාවක් කරගෙන… කටු කන ගමන්නෙ මේ ලියුම් හදල යවල තියෙන්නෙ…. උන්නාන්සෙ ඉස්සෙල්ලම භික්ෂුවක් වෙලා භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණානම් හොඳයි…. මොනව වුනත් ලුණු ඇඹුල් ඇතිව හොඳට අහගෙන තියෙනව

    • බෙල්ලන්තොට නිහාල් says:

      ජිනවංස හාමුදුරුවන්ගේ කට වහන එකද උඹලගේ අරිහත් ගේ අරමුණ ?තමා අරිහත් කියා කියාගෙන වයිරයෙන් කතා කරන බුදු හාමුදුරුවන්ගේ නාමය තමුන්ගේ පාපී ආසාවන් සාධාරණීකරණය කිරීමට බාවිතා කිරීම සමන්ත බඩ්ඩ බුදුදහමට කරන ඉතා විශාල හානියක් .
      බුදුහාමුදුරුවෝ උන් වහන්සේට මහා මාලිගා වගේ විහාර හදල දෙන්න කියල රජවරුන්ගෙන් ඉල්ලුවේ නෑ දුන්නු තැන ලැබුණු තැන උන්වහන්සේ වැඩසිටියා .නමුත් සමන්ත බඩ්ඩ කියන්නේ මොකද්ද ? බුදුහාමුදුරුවෝ ජේතවනාරාම විහාරයේ හිටියා එක හදන්න කෝටි ගානක් මුදල් ගියා බුදු හාමුදුරුවෝ වස් වැඩිම ගානක් වැසුවේ ඒ ආරාමයේ ඉතින් බුදු හාමුදුරුවෝ එහෙම තැනක හිටියනම් මම හිටියම මොකද කියල සමන්ත බඩ්ඩ උඹල වගේ මීහරක් අන්දලා මාලිගා හදවගන්නවා .
      සමන්ත බඩ්ඩ මෙහෙම බොරු කියන්නේ දැන දැන උඹලා මේ බොරු තර්ක ඉස මුදුනින් පිළිගන්නේ උඹලා උප්පත්තියෙන්ම මෝඩයෝ නිසා .
      විශාකාව මහා දාන දුන්නා අසුදෘෂ දාන මල්ලිකා දෙවියත් දුන්නා කියල බඩ්ඩ මොකද කරන්නේ තමුන්ම සියලු මස් සහිත පාටි දාල එක සාධාරණීකරණය කරගන්නවා උඹලා මෝඩයෝ ඒ බොරු වලට අහුවෙනවා .
      සාසනික පරිහානිය වෙන්නේ අන්න ඒ ධර්ම විකෘතියෙන් .දැන් මේ වයිරයෙන් පෙලෙන මිනිසුන්ට කෝප වී බනින කෙනෙක් අරිහත් ලේබලේ ගහගෙන බොලාට රහත් ඩිප්ලෝමා එක දෙන ගමන් මම අරිහත් කියන එක සාසනික පරිහානියට ලක් කිරීමක් නෙවෙයිද ?
      හොඳට මස් කාල මද්‍යසාර බිලා ගෑනු එක්ක අනාචාරයේ හැසිරිලා මාලිගා වගේ පන්සල් හදාගෙන ඒ වගේ කිසිම වැරද්දක් නෑ කියල කියන අය බෝලාටත් ඕන බව අපි දන්නවා තව ටිකක දවස් යනකොට අර රජ්නිශ්ට් ඇමෙරිකාවේ කඳවුරක් හදාගෙන එක ඇතුලේ ගෑනු මිනිස්සු හෙළුවෙන් දාලා සත්‍ය හොයල දෙන්න කාමයේ හැසිරුනා වගේ බෙල්ලන්තොට මාලිගාව අස්සේ ගෑනු දාගෙන බොලාවත් එක ඇතුලේ හෙළුවෙන් දාගෙන ඒ වැඩේම කලොත් පුදුම වෙන්න දෙයක් නෑ මොකද බොලා වගේ උන් ඒවත් ඒ විදිහටම පිළිගනීවි අරිහත් මේක හරි කිවා කියල .

      • බෙල්ලන්තොට නිහාල් says:

        මගේ තර්ක වලට සමන්ත බඩ්ඩගේ ගෝලයන්ගේ පිළිතුරු නැත්තේ මොකද ?නොදැක්කා වගේ යන්නේ ඒවාට ලිව්වොත් නොන්ඩි වෙන බව දන්නා නිසා නේද ?බෙල්ලන්තොට අපි නොදන්නා සමන්ත බඩ්ඩ

  2. සියදෝරිස් says:

    {{අංගු-නි ඨාන සුත්‍රයේ සඳහන් වන්නේ සාකච්චාවෙන් ප්‍රඥාව දතයුතු මිස, බුද්ධ සාසන අමාත්‍ය වරයාට හෝ වෙනයම් පාර්ශවයන් වෙත ලිපි යැවීමෙන් ප්‍රඥාව දතයුතු නොවන බව මා උන්වහන්සේට මතක් කර දෙමි.}}}

    මේ ටිකම ඇති ජිනවන්සගේ අභාවයට.
    ජිනවංස ලා පැවිද්දෝ වුනාට උන් සමන්තභද්‍ර එක්ක සාකච්ඡා කරන්න බයයි. මොකද එතකොට සමන්තභද්‍ර කියන්නේ ඇත්ත කියලා ඕන එකෙක්ට තේරෙන නිසා.

    • daham says:

      siyadoris. koheda yako buddha saasene mama rahath mama rahath kiyala prachaaraya karanna awasara deela thiyenne. me pawukaara yakshaya anyaagamika kontharaththuwak itu karanne. eka danna naisaa thamayi moota yana yana thana gal wahi enne.
      rahath nam eva nawaththapiyako. yana yana thana piliganeemata lak wenna epaaya. moota mechchara salli kohenda. okkoma kontharaath salli budu dahama saha saasanaya vinaasa karanawata labena.

      • කුප්ප දෙයියා says:

        ථේර තේරී ගාථා පාලිය කියවපිය , එකේ ඔක්කොම තියන්නේ මම රහත් , මම රහත් කියපුවා තමයි

    • devaka says:

      මේ ආශ්‍රමේ ඉදුල් කන එකෙක්..මුන්ගේ වැඩේ සුත්‍රයක් පෙන්වලා බේරෙන එක ඔතන එක මාර්ගපල ලාභියෙක් නෑ..ඊයෙත් එක්කෙනෙක් ගියා යන්න..

  3. Isanka says:

    සිංහහම පොරෝ ගත්ත හිවල්ලුන්ට ලුණු ඇඹල් ඇතුවම හොඳට උත්තරේ දීල තියනවා.. සාසනය සාසනය ගානවා ඔය එක එක සංවිධාන ගුබ්බෑයං අටෝගෙන ඉන්න උං මොනවද සාසනේට කොරල තියෙන්නෙ. ජාතිවාද ආගම්වාද ඇවිස්සුව විතරයි.

    රජයකින්වත් වෙන්නැති කාර්යභාර්යයක් ඉටුවෙන සිරිසදහම් ආශ්රමය සාසනයට සාසනයට පරිහානියක් ලු. සාසනයට නෙවේ සමන්තබද්ර නිසා උංගේ බඩ වියන පරිහානියට පත්වෙන නිසා මේ ඔක්කොම සෙල්ලං.

  4. ටෞකණ්ඩ දෙයියෝ says:

    මෙම ලිපියෙන් පසු ජිනවංස හානුදුරුවෝ සිංගප්පූරුවේ මවුන්ට් ඇලිසබේත් රෝහලට වැඩම්මවූ බව පාටලී පිම්පික රණවක මහතා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා..

    • ජින බ්‍රෝ says:

      කිරි අප්පච්චියේ කියල තියන එක කියල තියනවා බඩ බොකු ගැලවෙන්න, මෑන්ස් ඉන්නවද දන්නේ නැහැ මේ වෙනකොට

  5. getaya says:

    මුස්ලිං එකෙකුට හරි දෙමලෙකුට හරි ගැහුවනං බලාගන්ඩ තිබ්බා සහජීවනේ. හැබැයි ආශ්රමේට එක පාරක් භික්ෂූන් කන්ඩායමක් ඇවිල්ල පහර දුන්නා. ඊට පස්සෙ සමන්තබද්ර හාමුදුරුවොන්ට ගාල්ලෙදි ප්‍රහාරයක් දියත් කරා. ඊට පස්සෙ පිළියන්දල වැඩසටහනකට ගැහුවා කැමරාවත් උස්සව්වා. කෝබං නීතිය. මේ රෙද්දෙ අමාත්‍යංෂයි රෙද්දෙ නීතියෙනුයි ඇති වැඩේ මොකද්ද?

    මුං කරන්නෙ භික්ෂූන්ට කාකොටා ගන්ඩ දීල බුද්ධාගම නැතිකොරන එකද? සමන්තබද්ටත් දේශපාලන පක්සයක් තිබ්බනං ඕව මොකුත් නෑ.

  6. dilsoj says:

    Isanka, සියදෝරිස්, ජිරිනොනිස්
    Mun thundenama ekek.

  7. සංජීව රත්නායක says:

    ජිනවංශ හිමියනි,
    දුවන කෝච්චියට බෙල්ල තිබ්බේ ඇයි?
    දේශපාලනේ කොරගෙනම,
    දේශපලුන්වන්ගේ ජංගි හෝදමින්ම
    කල් ගෙව්වා නම් හොඳයි නේද?
    අහෝ ඔබවහන්සේට ගිය කලක්..!
    මෙවන් විපත් වලට යලිත් ඔබවහන්සේ ලක් නොවේවා!
    සිවුරු හැරගොස්
    දේශපාලුවන්ට කඩේ යන්න.
    සමන්තභද්‍ර රහත් නොවේ නම්,
    හරි රහත් බව සහ විමුක්ති මාර්ගය
    සමන්තභද්‍ර ඉදිරියට ගොස් පවසන්න.
    ස්තුතියි.

  8. rohan perera says:

    super comments by the educated public.

  9. RAJ says:

    වරෙක බුදුන් වහන්සේ මෙසේ දේශනා කොට ඇතැයි අසා ඇත්තෙමි. එනම් බුද්ධ ශාසනය විනාශ කරන අය පහළ වන්නේ බුදු සසුනෙන්ම බවත් වෙනත් ආගමකින් නොවන බවත්‍ ය. ඵ් නිසා ඔය රහත් යයි කියන අය එහි ආරම්භයයි මට සිතේ.

    • සියදෝරිස් says:

      බුදුන් වහන්සේ වදාලා තියෙනවා අරියපරියෙසන සූත්‍රයේදී, උපකට
      “මම ම රහත් වෙමි. මම එකම සම්මා සම්බුදු වෙමි. අනන්තජින වෙමි.. මම නිවනේ වෙමි. සිසිල් වුයෙමි..” කියලා..
      සංයුක්ත නිකායේ පින්ඩෝල සූත්‍රයේදී පින්ඩෝල තෙරුන් විසින්
      “සති සමාධි ප්‍රඥා වැඩු බැවින් මම රහත් වෙමියි” පිරිස් මැද සිංහ නාද කළා.
      ගෞතම බුදුන් වහන්සේ චබ්බිශෝධන සූත්‍රයේ මෙසේ දේශනා කළා (මජ්ජිම නිකාය.)
      “මහණෙනි, යම් භික්ෂුවක් විසින් ඉපද්ම ගෙවුණි, බඹසර අවසනයි රහත් බව ප්‍රකාශ කරන්නේද ඒ භික්ෂුවගේ වචනය පිළිද නොගත යුතුය, ප්‍රතික්ෂේප ද නොකොත යුතුය, ප්‍රශ්න විචාරිය යුතුය”යි දේශනා කොට ඇත.
      නොදන්නා නිසා කියන්නේ තෙරතෙරි ගාථා පාලියේ ඔක්කොම තියෙන්නේ රහත් තෙරවරු සහ තෙරනිවරු තමන්ගේ රහත් බාවය ප්‍රකාශ කරන අවස්ථා තමා..
      රහත් බව සසුනේ අවසානය නම් සසුන රැකෙන්නේ රහත් නොවී හිටියාම වෙන්ටැති. ඇයි බන් ඔච්චර ගොන්? ඒ කාලේ නිඝන්ටයොත් ඔහොම කිව්වා බුද්ධ ශ්‍රාවකයෝ රහත් බව කියනකොට. මොකද නිඝන්ටයොත් කිව්වේ මගඵල ප්‍රකාශ නොකොට යුතුයි කියල නේ.

      • බෙල්ලන්තොට නිහාල් says:

        තමා රහත් කියා ප්‍රකාස කිරීම නොවෙයි බඩ්ඩ හරකෝ ප්‍රශ්නේ ඇත්තටම රහත් ද කියන එක
        දෙව්ශයෙන් දෙසා බාන අපහාසයට නඩු දාන තමුන් ගේ පිළිරුව හදන තමුන්ට විසීමට මාලිගා හදන ඒවා සාධාරණීකරණය කරන මිනිහෙක් රහත් වෙන්නේ කොහොමද බඩ්ඩ හරකෝ ?

  10. kapila says:

    Siri Sadaham gedarinma pat pat gala support comment daala apiwa andanna hadanawa.
    sasane kanawa meyaka. kawda meyata mechchara salli denne.

    Yako Rahath wela nam kiyo kiyo inne nathuwa eerdhi balayen wadala pennapanko.

    • සියදෝරිස් says:

      උඹ බුදුන්ගේ බුද්ධත්වය විශ්වාස කොරන්නේ ප්‍රාතිහාර්ය දැකලද? හික්ස්. ප්‍රාතිහාර්ය කලින් දැකල තියෙන එකෙක් දැක්කමයි. අනේ හුකේ

  11. sadoni says:

    sivoro olwe othagena pare dagalan evongeyi pitidowegei wenasak naha. bodo sasona kelasana kalakanni.aho jinawansa thopada ema kalakanni godemaya. aho dewodathla noditi mokpora.

  12. pp says:

    samahara pawiddange hasirima dakkama potha pathe sadahanwa athi dewa datha shrithaya shigan wenawa. kaworo rahath wonath natha pap thomanam othom rahahath bawata pathwa athi bawa bawoddayek lesa mata hagenawa. ethomage hasirima santh gaman wilasaya ,santha katha baha, sanson ahara ratawa, megana hithanakota dakinakota sabawinma pap thoma othom rahath bawata pathwa athayi bodono mata sithe.

  13. samantha says:

    SamanthaBadra wagema thama golayoth kisima sanwarakamak ne.

  14. Sanjaya Lakmal says:

    බුදු ගල ජිනවංස නම් චීවරදාරියාගෙ රෙදි ගැලවිලා යන්නම ධම්ම ජාත හිමි පිලිතුරු ලබා දී ඇත..

    දැන්වත් ජිනවංසල කල යුත්තෙ පින් බත් ගිල ගිල පන්සල් අස්සට වෙලා ඉන්න එක නොවෙයි…පාරවල් වල සිවුරු කඩා ගෙන කෑ ගගහ දුවන එකත් නොවෙයි…දේශපාකයොන්ගෙ පස්සෙ හිගන්නො වගේ තනතුරු සොයා යාමත් නොවෙ…මිනිසුන්ව මිත්‍යාවෙන් මුලා කිරීමත් නොවෙ…

    ඒ වෙනුවට ජිනවංසලා කල යුතු වන්නෙ මිනිසුන්ට සැබෑ බුද්ධ දර්ශනය කියා දී දුක නිවන මග කියා දීමයි.. එසේ කිරීමට නොහැකි නිසා තමයි මෙවැනි පින්බත් ගිලින ජිනවංසලා පිස්සු කෙලින්නෙ..ජිනවංස හිමිට කොන්දක් කියල එකක් තිබේ නම් සමන්තභද්‍ර හිමි හමුවී ඔය දෙ පවසන ලෙස අභියෝග කරනවා.. නැතුව හැංගි හොරා වැඩ කරන්නෙ බොරුකාරයො.. පිස්සු චීවරදාරියෝ විතරයි…

  15. Hasith Kumara says:

    බුදුගල ජිනවංස චීවරදාරියාගෙ රෙදි ගැලවෙන්නම ලිපියහි පිලිතුරු ඇත..

    දැන්වත් පින්බත් ගිල ගිලා පන්සල අස්සට වෙලා ඉන්න ජිනවංසලා කල යුත්තේ සිවුරු කඩන් පාරෙ දිවීම නොවෙ, දේශපාලකයින්ගේ අතකොලු වී තනතුරු ගිජු කමින් ලබා ගැනීම නොවෙයි… මිනිසුන් මිත්‍යාවට හසු කරමින් විහිලු සැපයීමයිත් නොවෙ…

    ඒ වෙනිවට ජිනවංසලා කල යුත්තේ සැබෑ දුක නිවන මාරගය දේශනා කිරීමයි.. ඒක දන්නෙ නැති නිසා තමයි ඔවැනි ආකාරයට සත්‍ය කියන අයට මඩ ගැසීමට හොර චීවරදාරියෝ සැරසෙන්නෙ…

    ජිනවංසට කොනදක් කියල එකක් පන තිබේ නම් සමන්තභද්‍ර හිමි කියන දහම බොරුයි කියල මුහුනටම ඇවිත් කියන්න බැරි ඇයි 😄 ඒ තමයි ඔවුන්ගේ හොර පැවිදිකම.. සමන්‍තභද්‍ර හිමි මෙවැනි හොර චීවරදාරින්ගේ නිරුවත ඔප්පු කොට හමාරයි.. දැන් ජිනවංසලාට තිබෙන්නෙ සිවුර පැත්තකින් තබා ඔය චීවරයට අගෞර නොකර රස්සාවක් කරන් ජීවත් වෙන එක තමයි..

  16. love nature says:

    පිටිදුවේ හිමි ශාසනයට පරිහානියක්.. මහනාහිමිවරුන් එක් වී තීන්දුවක් ගත යතුයි.

    • Mitun Senaratne says:

      වර්තමානයේ දැනට පවතින නිගණ්ඨ සාසනයේ පරිහානිය තමයි,සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ නිසා වුණේ.

    • dev says:

      govigama maha na himiwaruda.

  17. Sihala Yaka - සිහල යකා says:

    සාසනේ කනව කියා අපට හිතෙන්නේ මෙතෙක් කල් අපට කියා දුන්න සාසනෙන් වෙනස් ව දෙයක් කරන විට​.
    මෙතෙක් කල් අප හිතා සිටි දේ, අපට පෙන්වූ දේ වැරදි නම් එවිට සාසනය කෑමක් කොයින් ද ?

    දැන් දැන් බොහෝ සංඝයා වහන්සේලා බුදු දහමේ නියම හරය යට කරමින් හෝ නොදැන හෝ තම සුඛ විහරණ , මහා මන් දිර වැනි ආවාස​, යාන වාහන ආදිය ගොඩ ගසමින් බදා ගනිමින් ඒවාට නඩු හබ කියමින් හැසිරෙන අන් දම දකින බොහෝ දෙනා මේ බුදු දහමද කියා ප්‍රශ්න කරන්න එන බව පෙනේ.
    තමන් රහත් යැයි කියා ගන්නා සමන් ත බද්‍ර හිමි කරන කියන දේට වඩා බොහෝ හානිකර දේ වෙන්නේ උන් වහන්සේට විරුද්ධ අයගෙන් බව සනාථ වන විට තව තවත් අය උන් වහන්සේ වෙත ලං වීම සිදුවිය හැක​.

    • janaka says:

      සිහල යකා ඈ ඔයි තමුසෙට අර කලින් තිබුණු මහලොකු පළල බුද්දියට මොකද උනේ ?සමන්ත බද්දට වඩා හානිකර දේ අනෙක් අය කරනවා කියල ප්‍රකාස කලාම සමන්ත බද්ද කරන සාසන හානිය අහෝසි වෙනවද ? තමුසේ ඉස්සර මහා ප්‍රාඥයෙක් වගේ නේද කතා කොලේ ?
      මේවගේම එකෙක් තමයි අර චම්පා කියල ලියන්නේ මිනිහත් මුලින් මහා කොමෙන්ට් දැම්මා දැන් ලියන්නේ හැබැයි ආප්පයාට සපෝට් එකට .වෙලාවකට හිතෙන්නේ තමුසෙලා දෙන්නම එකම කුලී ලියන කොම්පැනියේ එකෙක් කියල

    • ඔටුවා says:

      “තමන් රහත් යැයි කියා ගන්නා සමන් ත බද්‍ර හිමි කරන කියන දේට වඩා බොහෝ හානිකර දේ වෙන්නේ උන් වහන්සේට විරුද්ධ අයගෙන් බව සනාථ වන විට තව තවත් අය උන් වහන්සේ වෙත ලං වීම සිදුවිය හැක​” ~ සිහල යකා

      පුද්ගල වන්දනාව මම පුද්ගලිකව අනුමත නොකරමි. විය යුත්තේ සත්‍යය වෙතට ලංවීමයි. එවිට,
      කවුරුන් හිටියත් නැතත්, කවුරුන් මොනවා කිව්වත්, තමන්ගේ විමුක්තිය තමන්ට ලැබේ. බුද්ධ වචනය වන්නේ ‘අත්ථාහි අත්තනෝ නාථෝ කොහි නාථො පරොසියා’ (තමන්ගේ විමුක්තිය සලසන්නේ තමන් මිස අන් කවරෙක්ද?).

      ආණි සුත්‍රයේ පෙන්වා දෙන පරිදි, බෙරයට වෙච්ච දේ අද බොහෝ දුරට බුද්ධ වචනයටත් සිදුවී හමාරයි. අද ඇත්තේ බුදුන් වහන්සේ වදාළ ධර්ම කරුණු නොව පසුකාලීනව ඇතිකරගත් සම්ප්‍රදායානුකූල වත් පිළිවෙත් රැසකි.
      – හිත දියුණු කරන, හදන ප්‍රතිපදාවක් කියා දෙන්නේ කුමන පන්සලේද (තාවකාලික සුවයක් ගෙනෙන පිරිත් පැන් හෝ පිරිත් නූල් නොව)?
      – විපස්සනා භාවනා මධ්‍යස්ථාන වල කෙරෙන්නේ සැබෑම විපස්සනාවද නැතහොත් එහි විකෘතියක්ද?
      – පිරිත් සජ්ජායනා කරනු මිස, එහි අඩංගු ප්‍රතිපදාවන් අප පුරුදු පුහුණු කරනවාද?
      – අනුන්ගේ රහත් නොරහත් බව සොයන්න ත්‍රිපිටකයෙන් පිට මාර්ග (අත් උස්සන හැටියෙන්, කතා කරන හැටියෙන්, කේක් ගෙඩියේ බිත්තර ගණනින්) උගන්වා ඇත්තේ මොන බුදුන්ද?

      මෙවැනි ප්‍රශ්න තමන් විසින්ම මැදහත් සිතින් සොයා බලා විසඳා ගත යුතුයි. සත්‍යය වෙත ලංවන්නේ එවිටයි. ඒ තරමට ප්‍රඥාව දියුණු වී නොමැති නම්, දන්නා ආගමක් අදහාගෙන අඩුම ගානේ සතර අපායෙන්වත් බේරී සිටීමට උත්සාහ ගත යුතුයි.

  18. Saradiel says:

    බුදු දහම විකුර්ති කරමින් මස් මාංශ වලට අනුබල දෙන පුද්ගලයන්ට මෙන්න තවත් ධර්මනුකුල විග්‍රහයක්

    https://www.facebook.com/NihalWOfficial/videos/809223255885992/?fallback=1

    • සීගිරි ධම්මික says:

      මේ උන්නාන්සේට ආයේ TNL එක පැත්ත පළාතේ යන්න බැහැ. බොරු කියලා පචවෙලා ඉන්නේ , නිහාල් විජේරත්නට නඩු පිට නඩු , රබර් පැක්ටෙරිය වහලා . මුළු පරිසරයම විනාසයි. ඒ උනාට අවිහිංසා මහා සංගමේ සභාපති ,

  19. අපරැක්ක says:

    නියමෙටම කියන්න අවශ්‍යය දේ කියල තියනව

  20. Amal says:

    රහතුන් සියලු කෙළෙසුන් නැසූ බැවින් සිත නීවරණ වලින් තොරය, එහෙයින්ම ධ්‍යාන අභිඤ්ඤා සමාපත්ති වලට සමවැදීම ඉතාම පහසුය.

    ඉතින් බුදුහිමි නෑයින්ගේ සැක දුරු කිරීමට, පෙළහැර පෑ ලෙස, සමන්තභද්‍රටත් ප්‍රසිද්ධියේ එවැන්නක් කල නොහැක්කේ මන්ද?

    “එසේම සිරි සදහම් ආශ්‍රමය මෙරටෙහි බුද්ධ ප්‍රඥප්තීන්ට අනුකුලව වැඩිම විනයක් හා ශික්ෂණයකින් යුතු භික්ෂුන් වහන්සේලා හා භික්ෂුණින් වහන්සේලා වැඩ සිරින එකම අරාමයයි.” යනුවෙන් ධම්ම ජාත තම ලිපියේ සඳහන් කරයි. නමුත් මෙම ලිපියේම “ඉදින් ඔබවහන්සේලා වැනිහිවලුන්ට සම්මා දිට්ඨියක් කෙසේ පහල වන්නද?” යනුවෙන් අසයි. සිල්වතුන් විනයකාමින් අනුන්ට “හිවලුන්” යනුවෙන් අමතන්නේ නැත. එසේ ආමන්ත්‍රණය කිරීම වළකමින් බුදුහිමි ශික්ෂාපද පනවා ඇත.

    මුකරීව කරන පම්පොරි නැතිව, ඔබලාගේ “වැඩිම විනය හා ශික්ෂණය” මෙන්ම, ඔබ ගුරුන්ගේ “රහත්බවද” ක්‍රියාවෙන් හැසිරීමෙන් ඔප්පු කර පෙන්වුව මැනවි.

    • සියදෝරිස් says:

      ඔබ බුදුන්ගේ ප්‍රාතිහාර්ය කලින් දැකල තියේද? ඔබ බෞද්ධ වුනේ පෙළහර දැකලද? ඔබ මීට කලින් අෂ්ට සමාපත්තියෙන් වැඩ හිඳින අයව දැකලා තියේද?
      තව කාලයක් ගිහින් මේ හීන ලෝක වල ෆැන්ටසි රහතුන්ව හොයන මෙයාලා මාර්වල් ඩී.සී කොමික් චරිත රහතුන් කියලා හිතාගෙන එහෙම උන්ව හොයයි.
      සැබෑ රහතුන් ඔය විච්චූරණ කාරයෝ නෙවෙයි. උන්වහන්සේලා දන්නේ සසර දුක නිවන විදියයි.
      තමනුත් ඒ මග වැඩලා බලන්න. තමන්ගේ සසර දුකත් නිවෙයිද කියලා. අන්න එහෙම උනොත් හරියටම රහතෙක්.

  21. sunimal says:

    මිත්‍යාදෘෂ්ටික සමන්තභද්‍ර උමතු රෝගියෙක්..!
    – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

    තමන් අරහත් යැයි කියාගන්නා සමන්ත භද්‍ර උමතු රෝගියෙකු බවත්, රජයේ ප්‍රබල දේශපාලකයෙකුගේ බිරිඳකගේ ශක්තිය ඔහුර පවුරක් වී ඇති බවත් බොදුබලසේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමියෝ පවසති.

    කලින් පිටිදූවේ සිරිධම්ම ලෙසත් පසුව සිරි සමන්තභද්‍ර ලෙසත් ආන්දෝලනාත්මක චරිතයක්ව සිට මෑතකදී නැවතත් කරළියට පැමිණෙමින් ප්‍රසිද්ධ මාධ්‍යයන්හි තමන් අරිහත් යැයි පවසමින් සිටින උන් වහන්සේ ගැන ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.

    ‘එක පැත්තකින් මේ මනුස්සයා උමතු රෝගියෙක්. එහෙම ලෙඩ්ඩු පහල වෙන්වා. මම බුදුන්, මම අරහත්, මම අජාසත්ත, මම සිද්ධෝදන කියාගත්ත අය ඉන්නවා.

    මේ වගේ උමතු රෝගීන්ගෙන් බණ අහන ලෙඩ්ඩුත් ඉන්නවා. ඒ සියල්ලටම වඩා හාස්‍යජනක දේ තමයි මේ තරම් රටේ මහානයක හාමුදුරුවරු පවා මේ සම්බන්ධයෙන් යම් අදහසක් පළ කර තිබියදීත්, ඒ වගේමන් රටේ දැන උගත් අනෙක් හාමුදුවරුත් මේ පිළිබඳව අවධානය යොමු කරමින් කතා කර තිබියදීත් පසුගිය පෝය දවසේ වගේම ඊයේ පෙරේදාත් රටේ වගකිවයුතු පක්ෂ විපක්ෂ දේශපාලඝ්නයන් පවා මේ මිත්‍යාදෘෂ්ටිකයාගෙ බණ අහන ආකාරය අපි දැක්කා. ඇත්තටම රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ බිරිඳක් තමයි මේ මිත්‍යාදෘෂ්ටිකයාට හයිය දෙන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට මේ වගේ හොරු පහළ වෙනකොට, ඔය වගේ දේශපාලනික බලය, දේශපාලනික හයිය ඉස්සරලාම පවුරක් හැටියට පත් කරගන්නවා.

    වඳුරඹ සිරිවර්ධනටත් මේ දේම අදාලයි. කොහොම වුනත් අපි මේ රටේ පොලීසියවත්, අධිකරණයවත් නෙවෙයි. ඒ නිසා අපිට කරන්න පුළුවන් මාධ්‍යයෙන් කරනවා වගේ ජාතික හෝ ශාසනික පැත්තෙන් සිදුවන මේ වගේ දේවල්, ඒවයේ විපාක හෙළිදරව් කිරීම හා ඒවා වගකිවයුත්ටන්ගේ අවධානයට යිමු කරවීම පමණයි.

    ශාසනික වශයෙන් මේ ගැන පියවරක් ගන්න කෙනෙක් අපට නැහැ. මහානායක හාමුදුරුවරු හිටියත් උන් වහන්සේලා උත්තරිතරයි කියනවා හැරෙන්න මේ වගේ දේකට තියන වැඩ පිළිවෙල මොකක්ද?

    ඇත්තටම අපේ ප්‍රාර්ථනාව වගේම, ඒම් ප්‍රශ්න වලට තියන එකම විසඳුම වෙන්නේ අනාගතයේ සංඝරාජ හාමුදුරු කෙනෙක් පල කරගන, උත්තරීතර සංඝ මණ්ඩලයක් පත් කරගන කටයුතු කරන එක විතරයි’

    • dev says:

      pansale dewala hadagena hindu deviyanta geethika kiyana. kula bedaya tiyana lankawe jaina budu dhama anuwa meka siridamma hamuduruwo mithya dustikayek.

      kathawa aththa

  22. Mitun Senaratne says:

    සබ්බ දුක්‌ඛ නිස්‌සරණ නිබ්බාන සච්කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාඡේථ මං භන්තේ අනුකම්පං උපාදාය” සියලු දුක් නැති කිරිම පිණිසත්,නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහාත් මේ සිවුර මට පොරවන්න කියලා මහණ වෙච්ව බුදුගල ජිනවංශ මුදුරුවෝ කරන්නේ ගිහි වැඩනේ.ඊට වඩා නරකද ගිහියෙක් වෙලා ඕවා කලානම්

  23. mawubima_perata says:

    මූ නේද අර ඌම පිළිමයක් හදාගෙන උටම වන්දනා කර ගෙන උපාසක අම්මලාගෙන් ආතල් ගන්න පොර.මුට ටීවී එකකවත් එක විනාඩියක් දෙන්නෙ නෑ.මොකට මුන්ව ෆෝම් කරනවද දන් නෑ

  24. ඔටුවා says:

    මේකේ කමෙන්ට් දාන තලේබාන් බෞද්ධයින්ගේ හැසිරීම දැක්කාම තමයි තේරෙන්නෙ සම්ප්‍රදායික ඉගැන්වීමි වලින් මොලේ කුරුවල් වෙච්ච අයගේ තරම!

    බෞද්ධයෙක් කියන්නේ බුද්ධිය අවදි වෙච්ච කෙනෙක් මිසක්, සරම කරේ තියාගෙන බුරන කෙනෙක් නෙවෙයි.

    ඔය කීබෝඩ් විරයින්ගෙන් එකෙක්ටවත් බුද්ධිමය සංවාදයක යෙදෙන්න දැනුම වත්, සංයමය වත් නැහැ.

    අඩුම ගානේ, පිටිදුවේ හිමියන් නියම බුද්ධ වචනය ඉදිරිපත් කරලා, මුළු සමාජයම ධර්ම සංවාදයකට යොමු වෙන විදියට අවදි වීමක් කළා. මම ඒක දකින්නේ ගරු සෝම හිමියන් සිදු කල ජාතිය අවදි කිරීමේ මහා සද්කාර්යය වැනිම දෙයක් හැටියට.

    මේ වගේ අවස්ථාවකින් ප්‍රයෝජන ගෙන අපේ විමුක්තිය සලසා ගන්නේ නැතිව උඩු බුර බුරා ඉන්න අය ගැන අනුකම්පාව හැර වෙන හැඟීමක් මට නැහැ.

    @සියදෝරිස්: මේ තලේබාන්ලත් එක්ක වාද කරන්න යන්න එපා. මමත් කාලයක් ඔහොම කළා. පස්සේ තේරුම් ගත්තා හරකුන්ට Java උගන්වන එක ඊට වඩා ප්‍රථිපලදායක බව.

    ප්‍රඥාවන්තයින්ට සත්‍යාවබෝධ වේවා! තෙරුවන් සරණයි!!

    • තීක්ෂණ says:

      අනේ පලයන් ඔටුවෝ යන්න උඹ සංවාද කරන එකා තමුන්ට උත්තර නැති යමක් ලිවම දැක්කේ නෑ වගේ ලිස්සල යන උඹල උඹලගේ අරිහත් වගේම තමයි .
      බලපන් මම උඹේ කොමෙන්ට් එකට ලිව්වා එකට උඹ උත්තර දුන්නේ නෑ නේ දැන්වත් දීපන්කො සරල උත්තරයක්නේ මම අහන්නේ ?

      ඔටුවා says
      මේ වගේ පොස්ට් වලට පොර කමෙන්ට්ස් දෙන කීබෝඩ් වීරයින් ත්‍රිපිටකය තේරුම් ගෙන නැති බව නම් මට කිව හැක. කියවා තිබිය හැක. එහෙත් තේරුම් ගෙන නැත. ඔවුන්ගේ ඇති ඉහවහා ගිය ප්‍රඥාවත් සමග දැන් මම තර්ක නොකරමි. පෙර නම්, මමද නිදි වරාගෙන ඔවුන්ට සත්‍යය කියා දීමට උත්සාහ කලෙමි. හරකෙක්ට Java ඉගැන්වීම ඊට වඩා ප්‍රථිපල සහගත බව මම දැන් දනිමි!
      **ඔටුවා**

      සිංහල යකා හෙවත් ඔටුවා මහතා වෙත
      කියපන් බලන්න ඔටුවෝ උඹ ත්‍රිපිටකය කියවල තියෙනවද කියල ?අනුන්ට නොන්ඩි කරන්න ඉස්සරවෙලා
      අනේ පලයන් බන් යන්න නිකන් බොරු පොර ටෝක් දන්නේ නැතිව
      උඹ හිතුවද ත්‍රිපිටකය කියන්නේ පෙන්ගුයින් නවකතා පොත් තුනක් සයිස් පොත් තුනක් කියල .
      මම උඹේ බාසාවෙන් කි බෝඩ් වීරයෙක් තමයි එත් මම නම් කියවලාවත් නෑ
      හැබැයි උඹේ පිටිදුවේ කරන්නේ බොරුව බව තේරුම් ගන්න මට ත්‍රිපිටකය කියවන්න ඕන උනේ නෑ ඉස්කෝලේ ගියකාලේ ඉගෙනගත්තු බුද්දාගම දැනුම හොඳටම උපකාරී උනා එකට එච්චරයි .
      ලොකු ලොකු පොත් වල නම් කියලා මිනිසුන්ව බය කරලා තර්ක කරන එක සමහරු කරන මුලාවක් හැබැයි ඉතින් උඹ මුහුණට මුහුණ හම්බුඋනොත් උඹව තර්ක වලින් පට්ට ගහනවා .
      බොරු කියල තමුන්ගේ තර්ක ඔප්පු කරන්න හදන එවුන් තමා කිබෝඩ් වීරයෝ
      කියපන් උඹ ත්‍රිපිටකය කියවල තියෙනවද ?
      **තීක්ෂණ

  25. බොරැකාරයෙ වෙවිලනවා

  26. badu sama says:

    siyadoris thota satha 10 dala puke arinawa betta mala wage watenna ..samanthaya ponnayo gahuwe 8di kariyo

  27. Ajith says:

    සිරිසදහම් ආශ්‍රමවාසි පුජ්‍ය ධම්ම ජාත ස්වාමින්වහන්සේ අර්හත් සමන්ත්‍ර භද්‍රගේ FAN කෙනෙක් වගේ පේන්නේ.

  28. Sampath says:

    ඇයි මේ මෝඩයා ප්රචාරයක් ලබා දෙන්නේ

  29. raymond says:

    අපි බොඩුනුවො නොවේ අපි බුදුන්වහසේගෙ දර්මය තුල ඈති යතාර්තය අවබෝද කරගන්න උතසහ කරනවා එත් ඔබලා ත්‍රිපිටකය ගල් බවට හරවගෙන දෙපීලට බෙදි ගහගන්නවා හිතන්න ඔය උතුම් බුදු දහම විනශ කරන්නෙ ඔයලමයි

    • ඔටුවා says:

      සන්තෝසයි ඔබගෙ ප්‍රතිචාරයට.

      ඔබතුමා
      1. මේ හැමෝම කියන දේ විවෘත මනසකින් අහන්න. කාගෙවත් පැත්තක් ගන්න එපා.
      2. නිදහස්ව හිතන්න (බොර වූ වතුර නිසල වෙන්නට ඉඩ දෙන්නාක් මෙන්)
      3. ඔබේ හිතට යමක් දැනේවි. එයින් හිත නිවේවි.
      4. නිදහසේ ඉන්න. හිතේ ඇති සියලු රාමු, සීමා කෘතීම බව දැන ගන්න
      5. අවබෝධය වැඩි කරගන්න අරමුණින් පමණක් විවෘතව සාකච්චා කරන්න. (කවුද හරි නොව කුමක්ද හරි කියා සොයන්න)
      6. අදහන ආගමට අගෞරව නොකරන්න. කෝවිලට/පල්ලියට යන්න. ඒ පිළිවෙත් නොඅඩුව ඉටු කරන්න.
      7. ඔබ ආර්ය මාර්ගයේ ගමන් කරන විට (හෙවත් සිත දියුණු වනවිට) ඔබට කල නොකළ යුතු දේ වැටහේවි. ඒ අනුව කටයුතු කරන්න.

  30. බික්ෂු says:

    මේ සිවුර දරාගෙන කෝලම් කරන් රහතැන් ඇති නැති හැමෝම මහ පාරේ ගුටි ඇන ගමින් එකිනෙකාට බැන ගමින් යන දවස වැඩි ඈතක නැහැ. ආර්‍ය සන්ගයාවහන්සේ නමක් මේ දෙපාර්ශවයම හදුනන්නේ නැහ. ප්‍ර්ච්නා වන්ත ඇත්තෙකුට පමනක් ගෝචර වන ආර්‍ය තත්වය වෙන්දේසි දාන්න බැහ. බුද්ධ ප්‍රච්නප්තිය කියල එකක් තිබෙ.

    • Bikku says:

      The WISE JUDGE the MORALITY of a person not by birth, cast, creed or words or the looks but BY THE DEEDS. This is what our LORD BUDDHA said in WASALA SUTTA.

      and even When NASA asked the Alien time traveller from the future of the human race.the question.
      Interviewer: Are you an extraterrestrial?
      Alien : No. we are human, We are descendants of you from future
      Interviewer:: questions go so on … then asks : do you believe in god or creator?
      Alien: We have gone past such myths.
      Interviewer: How do you judge MORALITY in your society?
      Alien: BY DEEDS.

  31. Gona says:

    Eka deyak pahadili. Utum Budu dahamata saha sanga samajaya kisi niyamak nathi nisa hama pissama bada pinum gahanawa.

    The Buddhism – A doctrine to wise and a way of life for annihilation of suffering – is terribly misinterpirted by bogus monks and laymen alike. The Samantha brandra is one of so called mental retards to call himself Arahath.

  32. ඔටුවා says:

    සන්තෝසයි ඔබගෙ ප්‍රතිචාරයට.

    ඔබතුමා
    1. මේ හැමෝම කියන දේ විවෘත මනසකින් අහන්න. කාගෙවත් පැත්තක් ගන්න එපා.
    2. නිදහස්ව හිතන්න (බොර වූ වතුර නිසල වෙන්නට ඉඩ දෙන්නාක් මෙන්)
    3. ඔබේ හිතට යමක් දැනේවි. එයින් හිත නිවේවි.
    4. නිදහසේ ඉන්න. හිතේ ඇති සියලු රාමු, සීමා කෘතීම බව දැන ගන්න
    5. අවබෝධය වැඩි කරගන්න අරමුණින් පමණක් විවෘතව සාකච්චා කරන්න. (කවුද හරි නොව කුමක්ද හරි කියා සොයන්න)
    6. අදහන ආගමට අගෞරව නොකරන්න. කෝවිලට/පල්ලියට යන්න. ඒ පිළිවෙත් නොඅඩුව ඉටු කරන්න.
    7. ඔබ ආර්ය මාර්ගයේ ගමන් කරන විට (හෙවත් සිත දියුණු වනවිට) ඔබට කල නොකළ යුතු දේ වැටහේවි. ඒ අනුව කටයුතු කරන්න.

  33. raymond says:

    ඔටුවා
    ඔබටත් ස්තුතියි
    ඔබ කියන දෙ ඉතා පෑහෑදිලියි
    ඒත් මෙ පවිත්‍ර බුදුදහම විනාශයට අපකීර්තියට පත් වෙනවට බොදුනු නොවන අපි කෑමති නෑ මොකද ආගම කුමක් වුනත් අපලග තියන සාරදර්ම ගොඩක් ඔබෙන් ලබපු දෙවල්

    • ඔටුවා says:

      නියම බුද්ධ වචනය රැක ගන්න තමයි මේ වෑයම. ගල් ගහන අය ගහපුවාවේ. බුදුන්ට ගල් පෙරලපු එකේ, ජෙසුන්ව කුරුසියේ ඇණ ගහපු එකේ, අවශේෂ අප ගැන කුමන කතාද?

  34. love nature says:

    11 වන සිහිනය

    කොසොල් රජු –

    “ඉතා වටිනා අනර්ඝ සදුන් අරටුවක් නරක් වූ මෝරු සැළියකට අලෙවි කරනවා දුටුවා”

    බුදුන් වහන්සේ –

    අනාගතයේ පුද පූජා සත්කාර වලට ගිජු වූ භික්ෂූන් නිසා ශ්‍රමණ ප්‍රති රූපකයක් බහුල වී ශාසනය පිරිහෙයි. අනාගතයේ මගේ බුද්ධ සාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා. පස්කම් සැප ලබාගැනීම සදහා සිවුරු දරනවා. ශාසනයේ වටිනා කොටස් නොවටිනා අයුරින් අලෙවි වෙනවා.

  35. Kokalika says:

    Meke mathrukawe thiyenawa mehema kathawak : බුදුගල ජිනවංශ හිමිගේ නිරුවත kiyala. Mama camerawak aran enawa edata niruwatha foto gahala You Tube ekata danna.

Main News