7 වෙනකන් අල්ලන් ඉමු !! ඩ්‍රැකියුලා පරදවමු!!

November 21, 2018 at 6:27 am | lanka C news
7 වෙනකන් අල්ලන් ඉමු !! ඩ්‍රැකියුලා පරදවමු!!

මීට හරියටම දස වසරකට පෙර එනම් 2008 නොවැම්බර් 15 වන දින පළමුවන සහ දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තු ද විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ද ප්‍රමුඛ පළමු කාර්ය සාධක බලකාය පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් දියත් කොට එම ප්‍රදේශය අත්පත් කර ගන්නා ලදි. උතුර මුදා ගැනීමේ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ පුනරින් මුදා ගැනීමයි.

කොටි පරාජය වන බවට කොළඹ පිහිටි බටහිර තානාපති කාර්යාල සිය මව් රටවලට පණිවිඩ යවන්න පටන්ගත්තේ පුනරින් පරාජයන් පසු ය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට බටහිර බලපෑම් තීව්‍ර වූයේ මේ සමගය. එදා මහින්ද ජනාධිපතිතුමා සියලු බටහිර තර්ජන, ගර්ජන, බලපෑම් ජයගෙන මව් බිමේ ඒකීයත්වය, ජාතියේ පැවැත්ම තහවුරු කළේය. අද දස වසරකට පසු ද සිය ජවය, එඩිය, තේජස මදකින් හෝ නොවෙනස් බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ දී සනාථ කළේය.

අරම වුනානම් හොඳයි; මෙහෙම වුනානම් හොඳයි; අරක නොකරනම් හොඳයි; මේක නොකරනම් හොඳයි යනුවෙන් ඇතැම්හු පවසති. දැන් ඇත්තේ එළිපිට සටනකි; ජාතික සහ විජාතික බලවේග අතර මුහුණට මුහුණ සටනකි. මරණ පරීක්ෂණ පැවැත්වීම පසෙකලා සියලු දෙනා එකාවන්ව සටන් කළ යුතු තීරණාත්මක නිමේෂයකි. 2008 නොවැම්බර් 15 අප සමග සිටි අයගෙන් හෙළ උරුමයේ කිහිපදෙනකු හැර සියල්ලෝ අද 2018 යලි එක්ව සිටිති. ඊයේ සවස යම් දෙගිඩියාවක සිටි මහින්ද රාජපක්ෂ මහතා කතානායකවරයා බටහිර තානාපතිවරු පිනවීමට දිගින් දිගටම කරන ලැජ්ජා නැති ක්‍රියාවලියෙන් ලද උත්තේජනයෙන් ප්‍රාණවත්ව ඇත.

දැන් අවශ්‍ය අපේ සහායයි. දෙසැම්බර් 7 දක්වා සටන ඉදිරියට ගෙනයෑමට අපේ ආශීර්වාදය, රැකවරණය නොඅඩුව දිය යුතුය; පාර්ලිමේන්තු මැතිවරණයක අවශ්‍යතාව වෙනුවෙන් අධිෂ්ඨාන පූජා තැබිය යුතුය; අධ්‍යාත්මික ශක්තිය මුසු කළ යුතුය; සියළු සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ පිහිට පැතිය යුතුය. පෝස්ටර් ගැසිය යුතුය; උද්ඝෝෂණ කල යුතුය; මුහුණු පොතේ, සමාජ ජාලාවල අරගල කළ යුතුය; කතානායකවරයාගේ අවිනීත, අසමජ්ජාති ක්‍රියා කලාපයට එරෙහිව හැකි සෑම ලෙසම විරෝධය දැක්විය යුතුය. කෙසේ නමුත් මේ සියල්ල කළ යුත්තේ සතුරාට ගැටුමකට ඇති ඉඩ කඩ අහුරමින්ය. ඩ්‍රැකියුලා ලේ නැතිව වෙලීමම අපේ ජයග්‍රහණයකි.

පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහිව UNP+TNA+JVP ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන මෙන් අපි ඉල්ලා සිටිමු. දෙසැම්බර් 7 එක්කෝ තීරණය ලබා දීම කල් යා හැක. තීරණයක් ලබා දුන්නොත් එය දෙයාකාරය. පාර්ලිමේන්තුව විසිරවීම ව්‍යවස්ථානුකුලයැයි කියැවුනහොත් ප්‍රතිඵලය මහමැතිවරණයකි. පාර්ලිමේන්තුව විසිරවීම ව්‍යවස්ථානුකුල නොවේයැයි යැයි කියැවුනහොත් එතැන් සිට කරන දේ ගැන සැලසුම් කිහිපයක් ඇත.ඒ ගැන දැන්ම කතා කිරීම අවශ්‍ය නැත. අවශ්‍ය දේ 7 වෙනකන් අල්ලාගෙන ඉදීමයි. එයම විජාතික බලවේගවල පරාජයකි.

යම් හෙයකින් අද හෙට නව අගමැතිවරයෙක් පත්කර 7 වැනිදා තීන්දුවෙන් පාර්ලිමේන්තුව විසිරවීම ව්‍යවස්ථානුකුලයැයි කියැවුනහොත් නව අගමැතිවරයා පත්ව ඇත්තේ විසුරුවා හැරි පාර්ලිමේන්තුවයකය. එවිට මැතිවරණයට යන්නේ මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට යලි අවස්ථාව ලබා දීද නැතිනම් විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ පත් වූ නව අගමැතිවරයා සමගද? මේ තැනට රට ඇද වැටීම නතර කළ හැක්කේ 7 වැනිදා දක්වා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ක්‍රියා කිරීමෙන්ම පමණි.

ඩ්‍රැකියුලා හාමතේ තබමු; 7 වෙනකන් අල්ලන් ඉමු!!

– FB චන්න ජයසුමන

50,328 Viewers

12 Comments to “7 වෙනකන් අල්ලන් ඉමු !! ඩ්‍රැකියුලා පරදවමු!!”

  1. Janaka says:

    විජාතික බලවේග පරදවමු.. ජිනීවාවලත් ලංකාවේත් ඉංග්‍රීසි රජකරවා සිංහල ය නැතිකරමු..

  2. Kamal says:

    ජාතික සටනේ සිංහල කතා කිරීමට හීනමානයක ඇත්තෝ කෙළි කරති..

    • Asaranaya says:

      මෙල්ල කරනු සඳහා සමනල් අලි රැළ,
      අප කවුරුත් එක්වමු පැදිලා මොළ,
      මේ යන ගමන තව ඉදිරියට යන කල,
      අලි දණ ගසනු නියතයි – අපි දිනන පිල

      • Vini says:

        7 වෙනකන් අල්ලන් ඉමු !! ඩ්‍රැකියුලා පරදවමු!!
        7 පසු වූ පසු ඉල්ලන් කමු!! ඩ්‍රැකියුලා දිනවමු!!
        රට බෙදන ව්‍යවස්ථාවත් ඒ සමග දිනවමු..
        ජාතික සංවිධාන ෆෙඩරල් උගුලේ සිරවුණාද?

  3. click says:

    “7 වෙනකන් අල්ලන් ඉමු !! ඩ්‍රැකියුලා පරදවමු!!”

    I do not think that this Prof. will agree to defeat MR.

  4. Gorilla says:

    Use these brains to build our country. Thank you professor

  5. සුමිත් says:

    අනිවාර්යයෙන් මහාචාර්ය ජයසුමනගේ තර්කය හරි. මේ සටහන ඔහුගේ එකේ තිබුනේ දින කිහිපයකට කලින්. එදා තිබුන ව්‍යාකුල තත්වය යටතේ හැමෝම අන්දුන් කුන්දුන් වෙලා ඉන්න වෙලාවේ තමයි ඔහු මෙහෙම ලිව්වේ. ගොඩක් අය යෝජනා කලේ මහින්ද අයින් වෙන්න ඕන කියල. දැන් දවස් කීපයකට පස්සේ පේනවනේ මහින්ද අල්ලන් ඉන්න නිසා රනිල් අමාරුවේ කියලා.

    • Asaranaya says:

      රටම හදන්නට කවදත් හොඳට හුරු
      දක්ශ මිහිඳු මැතිඳා නම් අපේ ගරු
      බැස්ස හැටි හොඳා සටනට මරේමරු
      පක්ශ අතැර යමු ජය බිම දකින තුරු.

      නායකයිනේ ඔබ එක මිටියට ආවා,
      අලි සෙල්ලම් දුරු කල යුතු බව කීවා,
      මේ මග ගොසින් නවතිමු ජය බිමගාවා,
      ඔබ හැම දෙනට අප උපහාරය වේවා

  6. citizen says:

    Eka witharak nowei unp aandu thawa mass 3k hitiyoth minusunta kunu bakki adala kanna wwnne. Mahinda rajqpaksha saha slfp eken beragarhu ekkama loku deyak.

  7. indunil says:

    raja bawathu dammiko………………………

  8. Nuwan says:

    ඇතමුන් තුල සැකය පවතී. 2008 ද එබදු සැක පහල විය. මක් නිසාදයත් මහින්ද තරම් ඔවුහු තෙම්පරාදු වී, අත්දැකීම් ලබා නැති නිසාවෙනි. අල්ලාගෙන සිටීමට දෛර්‍ය නැත්තාට ජයග්‍රහනය නොලැබේ.

  9. Nimantha Hewaralalage says:

    Me mohothe api Mahinda shakthimath karamu.ese nathiunoth mathu upadina daruwan apata sapa karanu atha.unp ya thawa sathiyak hitiyanam handa anuwa ekiiya rajjyak kiyana wachane halapu viyawasthawa sammatha karagannawa.mahinda mahaththaya thamange kirthiya paththakata dala rata gaththe nathnm apita adawenakota ekiya kiyana wachane vuyawasthawe nathi fedral hadanna puluwan ratak ( handa anuwa sammathakaragannawaamai)