සංහිඳියාව අගයන මුසල්මානුවෙකු විසින් ඇමති චම්පිකට ඇත්ත හෙලිකරන්නැයි ප‍්‍රබල අභියෝගයක් භාරදෙයි..

June 26, 2017 at 11:06 pm | lanka C news
සංහිඳියාව අගයන මුසල්මානුවෙකු විසින් ඇමති චම්පිකට ඇත්ත හෙලිකරන්නැයි ප‍්‍රබල අභියෝගයක් භාරදෙයි..

මෙරටේ ජීවත්වන සංහිඳියාව අගය කරන මුස්ලිම් ජාතිකයකු වන අහමඩ් ෆාරුක් මහතා තම් ෆේස්බුක් හරහා නිකුත් කොට ඇති මෙම නිවේදනය ඔස්සේ සම්මුති ආණ්ඩුවේ බොහෝ පිරිස්වලට කවුද ජාතීවාදින් සහ ආගම්වාදින් බිහිකලේ යන්න සොයා ගැනීමට පහසු වනු ඇත.

යහපාලන ආණ්ඩුව පිහිටුවා ගත්තේ පසුගිය රජය සුළු ජාතින්ට මෙන්ම බෞද්ධයන් නොවන අන්‍යාගමිකයන්ට විරුද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමිනි. වසර 30 ක් මෙරටේ තිබු ලෝකයේ අති භයානකම ත්‍රස්තවාදී සංවිධානයක් වු එල් ටි ටි දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කොට මෙරට සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට බියෙන් සැකෙන් තොරව ජිවත්වීමට පරිසරයක් උදා කර දුන් මහින්ද ජනාධිපතිවරයා ඇතුළු එම ආණ්ඩුවට නොයෙකුත් චෝදනා එල්ල කලහ.

එදා මහින්ද ආණ්ඩුවේ හිටපු ප්‍රබලයන් වු මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, චම්පික රණවක වැන්නන් පමණක් නොව ජාතිවාදී මුස්ලිම් පක්ෂ පිහිටුවා ගෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය දුන් රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දින් මෙන්ම ෆයිසර් මුස්තාෆා මෙන්ම උග්‍ර ලෙස මුස්ලිම් ජාතිවාදීයෙකු වු අසාඩ් සාලි වැන්නන් ද එම චෝදනාව එදා රජයට කරමින් මහින්දට විරුද්ධව මෛත්‍රී ජනාධිපති කරමින් සම්මුති මෙන්ම යහපාලන ආණ්ඩුව පිහිටුවා ගත්තේය.

අද ඒ සම්මුති ආණ්ඩුව තුල සියලුම ජාතින්ට මෙන්ම සියලුම ආගමිකයන්ට බියෙන් ජීවත්වීමට සිදු වී ඇත්තේ ඉතිහාසයේ කිසිම පාලකයෙකුගේ කාලය සිදු නොවු ආකාරයෙනනි.

ආණ්ඩුවේ අමාත්‍යවරුන් මෙන්ම පාලකයෝද එකිනෙකාට චෝදනා කරගන්නා අතර මහින්ද පාලනය වෙනස් කරන්න ඉහත සියලු මහින්ද ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් සමග උපායමාර්ග හැදු චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කලහ,

එයින් කියා සිටියේ තමා සිංහලයන් සහ බෞද්ධයන් වෙනුවෙන් සුළු ජාතිකයන්ගෙන් මෙන්ම අනිකුත් ආගම් වලින් අද රටේ සිදුවන ආගමික හා ජාතික හිංසනයන් සම්බන්ධව සමාව ඉල්ලා සිටින බවයි.

එයින් පැහැදිලි වනුයේ රටේ ජනාධිපතිවරයෙකු සංහිඳියාව රැකීමට පත්කරගෙන සිටියදී, සංහිඳියාව වෙනුවට අවිශ්වාසය ගොඩනැගි ඇති බවත් සම්මුතිය වෙනුවට අසම්මුතියක් ගොඩනැගෙන බව නේද? යන්න සමාන්‍ය ජනතාව ප්‍රශ්න කරනු ඇත.

22,761 Viewers

8 Comments to “සංහිඳියාව අගයන මුසල්මානුවෙකු විසින් ඇමති චම්පිකට ඇත්ත හෙලිකරන්නැයි ප‍්‍රබල අභියෝගයක් භාරදෙයි..”

  1. ExUNPer says:

    Nice way of expressing views…
    No violance…no anger…
    Peace oriented motivation.
    this is an example to everyone.
    Thank you sir !

  2. yyy says:

    Very nice. We all have to live peacefully. Politicians always try to divide us to get votes. They use this to go to parliament.

  3. pp says:

    uppathiyen katholika chandrika balaya gannda agama marukarapo bandaranayakage duwaneda. eya kohomada bawodda yan wenowen samawa illanne. eka karanna one orginal baudda uppathiyak athi kenek.

  4. දිනූෂා පෙරේරා says:

    එක්කෝ චම්පික තමන් ඉදිරිපත් කළ කරැණු ඔප්පු කළ යුතුයි. නැතිනම් පච කීම පිළිබද සමාව ගත යුතුයි. මේක බෞද්ධ අපටත් ලැජ්ජාවක්. මේ හරහා මුස්ලිම් අන්තවාදය ගැන අපි කියන කරැණුත් බොරැ කියලා සිතාවි.

    අර කවුදෝ කියනවා වගේ පච රණවක තමයි

  5. mahinda says:

    very well said.Sir.

  6. gama says:

    ව්‍යක්ත සිංහලෙන් පැහැදිලි කලා. හොදින් තේරුණා. ඔබ හොද ශ්‍රී ලාංකික වියතෙක්. ඔබට මගේ ගෞරවය පුදකරනවා. ඔබට ස්තුතියි සර්.

  7. kate says:

    Well said. Nice speech. Appreciate.

  8. Alapaluwa says:

    Very well speech everyone’s should follows this god! this is the right people we need to unite our all the nation.

Main News