A-9 මාර්ගයේ යාපනයේදී වෑන් ලොරි අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් 6 කට තුවාල…

August 6, 2018 at 5:30 pm | lanka C news
A-9 මාර්ගයේ යාපනයේදී වෑන් ලොරි අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් 6 කට තුවාල…

යාපනය  මහනුවර ඒ නවය ප්‍රධාන මාර්ගයේ පලෙයි , ඉයක්කච්චි ප‍්‍රදේශයේ දී අද (06) වෑන් රථයක් මාර්ගයේ නවතා තිබූ විදුලි කණු පැටවූ ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් හයදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පලෙයි පොලිසිය කියා සිටියේය.

හබරණ සිට යාපනය දක්වා විදුලි කණු රැගෙන ගිය ලොරි රථයක් මාර්ගය පසෙක නවතා තිබියදී එයට පිටුපසින් පැමිණි වෑන් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ලොරියේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි ද පොලිසිය පැවසීය.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ යාපනය පේදුරුතුඩුව පදිංචි ලූවිස් ඇන්ටනී නැමති රියදුරු හා සුදාකරන් ප‍්‍රසාන්තනී (41) හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේය.

මියගිය දෙදෙනා සහ තුවාල ලැබූවන් එකම පවුලේ ඥාතීන් වන අතර අනතුරින් ඉදිරිපස අසුනේ ගමන්ගත් කාන්තාව හා රියදුරු කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

වෑන් රථයේ සිටි සෙසු තුවාලකරුවන් පලෙයි , කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුලත් කර සිටින අතර මියගිය පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය කිලිනොච්චිය හා යාපනය රෝහල්වල සිදුකිරීමට නියමිත බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,614 Viewers

One Comment to “A-9 මාර්ගයේ යාපනයේදී වෑන් ලොරි අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් 6 කට තුවාල…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා ඉක්මන් සුවය පතමු

Main News