A9 මාර්ගයේදී ලංගම බස් රථයකට ගල් ගහයි.. හමුදා සෙබලෙකුට තුවාලයි..

November 28, 2017 at 6:48 pm | lanka C news
A9 මාර්ගයේදී ලංගම බස් රථයකට ගල් ගහයි.. හමුදා සෙබලෙකුට තුවාලයි..

වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ ගමන් ගත් බස් රථයකට ඊයේ රාත්‍රියේ එල්ල කෙරුණු ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ ගමන්ගත් නාවික හමුදා සෙබලෙකු සුලු තුවලා ලබා ඇති බවට කනගරයාන්කුලම් පොලීසිය කියා සිටියේය.

කනගරයාන්කුලම් කොල්ලයාර් පුලියන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ 9.30 ට පමණ ඒ-9 මාර්ගයේ වව්නියාව සිට යාපනයට ගමන්ගත් ලංගම බස් රථයකට  කිසියම් පිරිසක් විසින් අදාල ගල් ප්‍රහාර එල්ල කොට ඇති අතර එම ගල් ප්‍රහාරය වැදී තිබුනේ බස් රථයේ ගමන්ගත් නාවික හමුදා සෙබලෙකුට වූ අතර ගල් ප්‍රහාරයෙන් සුලු තුවාල ලැබූ නාවික සෙබලා රෝහල්ගත කොට ඇත.

අදාල ගල් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව ප්‍රහාරය එල්ලකල පිරිස් පලා ගොස් ඇති අතර බස් රථයේ රියදුරු විසින් ඒ පිළිබඳව කනගරායන්කුලම් පොලීසිය පැමිණිලි කිරීමෙන් පසුව බස් රථය නැවත යාපනය බලා පිටත්ව ඇත.

කනගරායන්කුලම් පොලීසිය විසින් ඊයේ රාත්‍රිෙය්ම ගල් ප්‍රහාරය එල්ල කෙරුනු ස්ථානය සොදිසි කලද කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ පිළිබඳව වැඩි දුර පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,313 Viewers

6 Comments to “A9 මාර්ගයේදී ලංගම බස් රථයකට ගල් ගහයි.. හමුදා සෙබලෙකුට තුවාලයි..”

  1. Wijebahu says:

    KOTI PULLI!

  2. ෂංඉඳියා says:

    අයියෝ ඕව ගැන හොයල කාලෙ නාස්ති කරංඩ එපා!
    ෂංඉඳියා ගල් පාරක් නෙ!
    තුවාල උනෙත් සෙබලෙකුටනෙ!

  3. sinha le says:

    ජේ වී පී මේ කොටින්ට විරුද්දව කිසිම කතාවක් නැහැ මුන්ට චන්දය දී මෙන් වලකින්න

    • Dubba says:

      දෙන් පලන්ට. ඔයාලා යපිට ජන්දේ දෙන්නේ නැතුව කාටද දෙනවා. යපිනේ යේක මහා බෙන්කු හොරු යෙල්ලුවේ. ඩිව් මාත්තියා මොනවද කළා.

  4. Gadol says:

    සිරිසේන රනිල් යමපාලනය පන්නමු චන්දය දීමෙන් වලකින්න

    • CAT says:

      පබයෙක් රටක් පාලනය කරන විට උතුරේ ත්‍රස්තවාදීන් ජය පැන් බොන විට බසයකට ගල් ගැසීම පුදුමයක්ද ?
      කනගාටුව අපේ රටේ ජනතාව තාමත් නිහඩව සිටීමයි

Main News