CID ප‍්‍රශ්න කරන්න මහින්ද කැදවයි..

June 7, 2018 at 10:00 am | lanka C news
CID ප‍්‍රශ්න කරන්න මහින්ද කැදවයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් රහස් පොලීසිය විසින් ප‍්‍රශ්න කිරීමට සූදානම් වන්නේ යයි අද දිවයින පුවත්පත වාර්තා කරයි.

ආසන්න දිනයකදී මෙම ප‍්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිතව ඇත්තේ පසුගිය රජය සමයේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්‌ පහර දීමේ සිදුවීම සම්බන්දයෙන් යයිද වාර්තාවේ දැක්වෙයි.

මෙම ප‍්‍රශ්න කිරීම සදහා දිනයක් ලබ දෙන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් මහින්ද රාජපක්‍ෂ මහතාට දන්වා ඇතැයිද සදහන්ය.

මෙම සිදුවීම සම්බන්දයෙන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් කලින් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇති වැදගත් තොරතුරු කීපයක්‌ ගැන හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙනු ඇතැයිද දැක්වෙයි.

කීත් නොයාර් පැහැර ගැනීම ගැන තමනට මුලින්ම තොරතුරු ලද බවත් තමන් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කථාකර මේ සම්බන්ධයෙන් දැනුවත් කල බවත් කරු ජයසූරිය මහතකා මීට පෙර සදහන් කර තිබින.

18,876 Viewers

2 Comments to “CID ප‍්‍රශ්න කරන්න මහින්ද කැදවයි..”

  1. සිංහල බන්ඩා says:

    යකුනෙ, ඉස්සෙල්ලම ඔස්ට්‍රේලියා වෙ ඉන්න කීත් නොයාර් ගෙන්නල කට උත්තරයක් ගනිල්ලා. ගම්මාට විරැද්දව පැමිනිලි කල මිනිහව ගෙන්නන්න පුලුවන් නම අැයි කීත් නොයාර් ගෙන්නන්න බැරි. අඩු ගමමනෙ එහෙ ගිහිල්ල වත් කට උත්තරයක් ගනිල්ලා.

  2. vana jeevi kalavadda says:

    හීන් බබා සීයටද මුලින්ම තොරතුරු ලැබුනෙ?

Main News