EPF මුදල් තවත් ඉක්මනින්…

October 3, 2018 at 2:06 am | lanka C news
EPF මුදල් තවත් ඉක්මනින්…

හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යයාලයේ සිව් මහල් ගොඩනැගිලි සංකිර්ණය  ඉදි කිරිම් කටයුතු ආරම්භ කරනු ලැබින.

කම්කරු හා වෘත්තිය සමිති සම්බන්ධතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම සහ අධ්‍යාපන රාජ්‍යය අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැගිලි සංකිර්ණයේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කරනු ලැබුවේය.

කම්කරු අමාත්‍යංශයේ රුපියල් මිලියන 177 ක ප්‍රතිපාදන යටතේ ඉදි කෙරෙන මෙම සිව් මහල් ගොඩනැගිලි සංකිර්ණය දැනට එම කාර්යයාලයේ පිහිටි හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයට පිවිසෙන මාර්ගය අසල කාර්යයාල පිහිටි ඉඩමේම ඉදි කිරිම් සිදු කෙරේ.

හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යයාල බල ප්‍රදේශය තුල තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරු ජනතාවට ඔහුන්ගේ රාජකාරි ගැටළු සහ සේවක අර්ථ සාධක මුදල් ලබාදිම පහසු කිරිම සදහා මෙම පරිපාලන ගොඩනැගිලි සංකිර්ණය ඉදි කිරිමට එම අමාත්‍යංශය කටයුතු කර ඇත.

කොළඹ පිහිටි කම්කරු කොමසාරිස් ජෙනරාල් කාර්යයාලයේ පරිගණක දත්ත පද්ධති ජාලය හැටන් දිස්‍රත්‍රික් කම්කරු කාර්යයාලය සමග සම්බන්ධ කර ඇති නිසා වතු කම්කරුවෙකු විශ්‍රාම ලැබු  විට ඔහුට හිමි සේවක අර්ථ සාධක මුදල් ලබා ගැනිම පහසුකම් සලසා ඇත.

නව පරිපාලන ගොඩනැගිලි සංකිර්ණය ඉදි කිරිමෙන් පසු  සේවක අර්ථ සාධක මුදල් ප්‍රතිලාභින්ට මිටත් වඩා කඩිනමින් සේවක අර්ථ සාධක මුදල්  ලබාදිමට කටයුතු  කරන බව අමාත්‍යය රවින්දු සමරවිර මහතා කියා සිටියේය.

– රංජිත් රාජපක්ෂ

1,330 Viewers
Main News