අර්ජුන රණතුංගට හා අරවින්දද සිල්වාට තරග පාවාදීමේ චෝදනා..

July 29, 2018 at 10:40 pm | lanka C news
අර්ජුන රණතුංගට හා අරවින්දද සිල්වාට තරග පාවාදීමේ චෝදනා..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේදී මුලින්ම මුදලට තරග පාවා දිමේ චෝදනා එල්ල වූයේ අර්ජුන රණතුග හා අරවින්ද ද සිල්වාට බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

තරග පාවාදීම මසහා ඔවුන් ඩොලර් 15,000ක් ගත් බව ලිඛිතව වාර්තා ඇති බවත් එවෙල් පරීක්‍ෂා කල දඬුවම් නොකලේ යයි ලංකාවේම් ක‍්‍රිකට් ප‍්‍රජාව තමනට බනින බවද ඔහු කියා සිටී.

එම ඩොලර් 15,000ක මුදල ගුප්තා නම් අයෙකුගෙන් ගත් බවත් බුකිකාරයෙකු සමගින් වැඩ කල බවත් ලෝකෙම ප‍්‍රසිද්ද බවත් ඔහු කියා සිටී.

අනුරාධපුරයේදී පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

16,062 Viewers

2 Comments to “අර්ජුන රණතුංගට හා අරවින්දද සිල්වාට තරග පාවාදීමේ චෝදනා..”

  1. Love nature says:

    ජාතිය පාවා දෙන්නෝ

    වටු කුරුල්ලෝ කෑම සොයන් කෑවේ රංචුව එකට , පියාසර කලේ එක රංචුවට , කීචි – බීචි හඬ මැද්දේ ඔවුන් සෙල්ලම් කලේ එක රංචුවට . අනතුරක සේයාවක් දැනුන විට එක විධානයට එකවරම අහසට නැගී පියාඹා ගියේද රංචුව එකටය. මස් වැද්දා ඉතා සීරුවට දැලක් එලුවද එය ඔසවාගෙන ඉහලට පියාඹා රුක්ෂ ගසක් මුදුනේ එය රඳවා කුරුල්ලන් නිදහස්ව ගියේ මස් වැද්දාට දැලද අහිමි කරමින්ය

    කලක් ගතවෙත්ම වටු කුරුළු රංචුවේ ප්රශ්ණ ඇතිවිය. එකෙක් අනිකා පරදුවට තබමින් වහසි බස් දොඩන්නට විය. අනෙකාට දොස් පැවරීමට විය. ඔවුන් අතර තිබු සමගිය ක්රමයෙන් අතුරුදහන් විය. මස් වැද්දා යලිත් පැමිණෙනවිට ඔවුන් සිටියේ ලොකු රණ්ඩුවක පැටලිලාය . වෙනදා එක හඬින් එක මොහොතෙන් දැලත් ඔසොවාගෙන පියාඹා පලා යෑමට සමත් වූ ඔවුන්ට අද සතුරෙකු ඔවුන් අබියස සිටින බව අමතකව ගොස්ය. මස් වැද්දා වෙනදා මෙන්ම ඉතා සීරුවෙන් දැල එළුවද කුරුල්ලන් හිටියේ වෙනම ලෝකයකය. ඔවුන් තමන්ට අත්වෙන ඉරණම කවරක් වුවද අනෙකාට සිදුවන හානිය හා විනාශය දැක සතුටුවීමට බලා සිටිyeය. මස් වැද්දා යුහුසුළුව කුරල්ලන් ටික කුදලාගත්තේය. තමාගේ විනාශය හමුවේ එයින් බේරීමට කටයුතු කරනවා වෙනුවට දුක සැප බෙදාගෙන එකට ජිවත් වූ තමන්ගේ පිරිස සමග උරණ වෙමින් සිටි කුරුල්ලන් එකිනෙකාට කල මෝඩකම් තේරුම් ගියේ තමාගේම බෙල්ල වැද්දාගේ ග්රහණයට හසුවෙන විටය. -වටු කුරුල්ලන් සදහටම වනාන්තරයෙන් වදවී ගියේය.

  2. BARCARDI says:

    Arjuna should follow University education using his privileges.

Main News