ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනී ෆැක්ටරි ගණුදෙනුවේ සුල මුල මෙන්න..

May 3, 2018 at 10:47 pm | lanka C news
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනී ෆැක්ටරි ගණුදෙනුවේ සුල මුල මෙන්න..

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යකඩ ටෙන්ඩර් කර විකිණීම නවත්වා රටට කෝටි 54 ක් පාඩු කල අයි.කේ. මහානාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කලේ මන්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප‍්‍රශ්න කරයි.

එසේ ප‍්‍රශ්න කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යකඩ ටෙන්ඩර් කර විකිණීම නවත්වා රටට කෝටි 54 ක් පාඩු කල අයි. කේ. මහානාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා කළේ ඇයි? ‘

ජනාධිපති කාර්යය මංණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම අද දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ලබා දීම සදහා කෝටි 56 අල්ලස් ලෙස ඉල්ලා ඉන් කෝටි 2 ක් ලබා ගන්ද්දීය.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පිළිබද සත්‍ය අප හෙළි කලේ මීට වසරකට පෙරය. ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ එවකට ලේකම් වරයා වූ අයි.කේ. මහානාම කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබලි ද්‍රව්‍ය විකිණීමට කැදවන ලද ටෙන්ඩරයට අනුව වැඩිම ලන්සුව වූ කෝටි 54 ට එය ලබා දුන්නේ නැත.ඔහු එසේ කළේ අල්ලස් ලබා ගැනීමට බව අප රටට හෙළි කළේය.

භාහිර පිරිසක් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වෙත යැවූ බවට අප පොලීසියට පැමිණිලි කළේය.

පරීක්ෂණයකින් පසු පොලීසිය අප වෙත දැන්වූයේ ඔවුන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වෙත යැවූයේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ එවකට ලේකම් වරයා වූ අයි.කේ. මහානාම බවයි.

ජනතා විමුක්ති පෙරමුණද ඔහු ආරක්ෂා කළේය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

26,061 Viewers

10 Comments to “ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනී ෆැක්ටරි ගණුදෙනුවේ සුල මුල මෙන්න..”

  1. Wasantha Samarasinga says:

    “ජනතා විමුක්ති පෙරමුණද ඔහු ආරක්ෂා කළේය.” Ammata udu!

    • ජනක says:

      අම්මට උඩු වෙන්නේ කොහොමා බාන් ?
      දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ විප්ලව වාදී පක්ෂයක් නෙවෙයි එක ලාභ ලබන කොම්පැනියක්

  2. ප්‍රියන්ත හෙරත් says:

    මහින්ද රටකාපු උන් හැංගුවා රනිල් බැංකුව කාපු එකා මැලෙසියා යැව්වා මෛත්‍රී ක්ෂණිකව ක්‍රියාත්මක උනා මෛත්‍රී ගෙ වෙනස

  3. වෙනස සැපද? says:

    ඊකා ආප්ප්කාලාඅ රටට කෙලිය මදිවට බාගයක් ලියලා දෙන්නයි කුරුමනම.ජාපියේ මල පහන් ඔබයි ආප්පයෝ.

  4. JAYALATH says:

    good

  5. kapila says:

    “ජනතා විමුක්ති පෙරමුණද ඔහු ආරක්ෂා කළේය. this is not වෙනස මෛත්‍රී ක්ෂණිකව ක්‍රියාත්මක උනා.media was complain last 10 month before. not yet consider. now he is arrest during the balance money collection . at that movement he got and used 75%.

  6. G Abaya says:

    මහින්ද රටකාපු උන් හැංගුවා …un den press conference tiyanawa… Nalaka godahewa …kabral…

  7. Boo says:

    රටේ මිනිහෙක් අල්ලස් ගත්තම ඒ රටේ ජනාධිපති ඒ මිනිහව අල්ලලා, හිරකරලා, දැඩි දඬුවම් දෙන්න කියලා මාද්‍ය සංදර්ශන කරන රටවල් අහලා තියෙනවද? ඒක තනිකර පොලෝසියේ වැඩක් මිසක් ජනාධිපතිට ලකුණු දාගන්න වෙන වැඩක් නෙමෙයි. දැන් තේරෙනවද මොකක්ද මේ වෙන්නේ කියලා?

    රෝ එකෙන් නාට්‍යය හොඳට ලියලා නියමෙට රඟ දක්වනවා. නළුවෝවත් දන්නේ නැහැ තමන් ඒ නාට්‍යයේ නළුවෝ බව. රෝ එකෙන් නුල් ගැටගහලා අදිනවා, උන් ගැටේට අහුවෙලා රඟපානවා, පඹයා පැත්තක ඉඳන් මාද්‍ය සංදර්ශන දාල ලකුණු දාගන්නවා.

    අල්ලස් ගන්න “සෙට්” කරලා ලොකු එකෙක් ඇල්ලුවා, ඒ අහුවෙච්චි එකා දන්නේ නැහැ ඌව ඒකට සෙට් කළා කියලා, උගේ මෝඩකමට ඌ අහුවුනා. මේ යන්නේ “කුඹියෝ” ටෙලි නාට්‍යයම තමයි.

    තව ටික දවසකින් දාගත්තු ලකුණු වලින් පඹයා ආපහු චන්ද ටිකක් අරගෙන ජාමේ බේරාගන්නවා, ඔය අල්ලපු හොරා තානාපති කමක් අරන් රට යනවා.

    දැනට අපේ හරක් “ඔන්න මෛත්රිගේ” වෙනස කියල ටික දවසක් චුන් වෙලා ඉන්නවා. රෝ එකයි CIA එකයි තමන්ට ඕන විදිහට පනත් සම්මත කරගෙන තමන්ට ඕන විදිහට රට ගෙනියනවා. කාලෙකින් අපේ හරකගෙ චූන් එක බැස්සම රෝ එකෙන් තව අලුත් නාට්‍යයක් ගේනවා , ඒක බලල අපි ආයෙත් චුන් වෙනවා.

  8. sasi says:

    JVP (Pvt) Limited

Main News