පොහොට්ටුවේ ජනාධිපති අපේෂකයා ලෙස බැසිල් රාජපක්‍ෂ යෝජනා කෙරේ..

June 24, 2018 at 10:20 pm | lanka C news
පොහොට්ටුවේ ජනාධිපති අපේෂකයා ලෙස බැසිල් රාජපක්‍ෂ යෝජනා කෙරේ..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා නම් කරන්නේ නම් තමන් ඉතාම සතුටු වන බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන පුද්ගලයෙකුට තම සහයෝගය ලබා දීමට සූදානම් බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අම්පාරේදී පැවති එම දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිත හමුවක් අමතමිනි.

අනතුරුව සභාව ඇමතූ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බවයි.

එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කම් කරන ඕනෑම පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණය සදහා කැපවන බවද ඔහු සදහන් කලේය.

මෙම හමුව සදහා බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගී වූයේ පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේද පෙනී සිටීමෙන් අනතුරව වීම විශේෂත්වයකි.

37,298 Viewers

29 Comments to “පොහොට්ටුවේ ජනාධිපති අපේෂකයා ලෙස බැසිල් රාජපක්‍ෂ යෝජනා කෙරේ..”

  1. Rotta says:

    We need a man with strait forward thinker. Definitely not him.

    • Amda says:

      NOT Basil …please

    • අම්පාරේ දිසානායක says:

      ඕව් ඉතින් බැසිල් බර අදින්න විතරක් හොද හරකෙක් කියලා හිතනවා නම් ඉතිං සතුටු වෙයල්ලා.

    • සමරවික්‍රම says:

      මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන බුද්ධිමතුන් ඇතුළු බැසිල්ට මඩ ගැහිමේ ව්‍යයාපාරය ජයටම ක්මෙන්ට්ස් හරහා පටන් අරන් වගේ. අන්තිමේදී ඕවට තැවෙන්න වෙයි.

    • පොදු ජනයා, says:

      කොතරම් බොරලු ගල් තිබුනත් අතරමග ගලනා තැනට ගලනවාමයි ගලන ගග, බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එකම දේශපාලන ශක්තිය, ඒකටයි පක්ෂ විපක්ෂ සියල්ලම බය. ඔබතුමා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත ජනාධිපති පුටුවේ වාඩි කරවන වග සිකුරුයි. ඔබට දීර්ඝයුස . තෙරුවන් සරණයි.

      • රලුවේ මල්ලී says:

        බැසිල් මහත්තයා ගැන හරියට දන්නේ අපියි. 70 ඉදලා මහින්ද මහත්තයා ඔතනට ගේන්න මහන්සි වුන එකම පුද්ගලයා බැසිල් මහත්තයායි. ඉතුරු ටිකත් ඔහු හරියට කරයි.

    • ප්‍රගතිශීලියා says:

      මහින්ද මහත්තයාගේ දේශපාලනය යමපාලකයින්ට අවසන් කරන්න බැරි වුනේ බැසිල් ඇතුළු පොදු විපක්ෂයේ කිහිපදෙනෙකු නිසයි. අද ඒ පලිය ගන්නේ බැසිල්ට එලවා එලව පහර දීමෙනි. මේ ඔක්කෝම කරන්නේ එකම තැනකින් බව අමතක නොකරන්න, කලකට චමල් රාජපක්ෂ අගමැති කරන්න හදනවා තවත් වරක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න හදනවා ඒ ඔක්කෝම කරන්නේ අපේ මහින්ද රාජපක්ෂ නැමති මුදුන් මුල ගලවා දමන්නයි.

    • පොහොට්ටු මල්ලි says:

      බැසිල්ට ජනාධිපති වෙන්න තියෙන එකම නුසුදුසු කම මුන් කාටවත් ඒ මනුෂ්‍යයා රවට්ටන්න බැරි එක. ඒක නිසා ඒ මිනිහා දේශපාලන වශයෙන් විනාශ කරන්න මෛත්‍රී ඇතුළු ගෝල රොත්තක් ඒ වගේ ලොකු උත්සහයක තවම යෙදෙනවා.

    • ආරච්චි says:

      මිනිස්සු කැමති ගෝඨාභයට. මොකද මිනිහා දේශපාලුවෙක් නොවේ, නියම වැඩකාරයෙක්. රටේ නායක කමට නියම සුදුස්සෙක්.
      දේශපාලුවෝ එකෙක් වත් ගෝඨාභයට කැමති නෑ. උන් කැමති උන් වගේම ජරාජීර්ණ දේශපාලුවෙක්ට මිසක් වැඩ කාරයෙක්ට නොවේ. ඔන්න ඕකයි ඔතන තියන ප්‍රශ්නය.

  2. Mano says:

    දිනුවොත් ජනපති…
    පැරදුනොත් පිටරට…

    අපි ආයෙත් ගොනාට අන්දන්නද කොහෙද.

    • yakaa says:

      Exactly!

    • Dr. Jayawikrama says:

      ඔව් ඉතිං වැඩ කරන්නයි හිරේ යන්නයි බය නැති එකම මිනිහා බැසිල් විතරයි. මේ රටේ එකෙකුටවත් ණය නැති එක්කේකුගෙන්වත් සතයක් ගන්තේ නැති, අසාධාරණයට හිස නොනවපු, රවට්ටන්න බැරි නිසා බැසිල් හොද නැහ.

    • ත්‍රීවීලර් පක්ෂ නායක says:

      ඔව් දිනුවොත් අපි පැරදුනොත් බැසිල්…………..ජයවේවා අහිගුන්ඩකයින්ට සහ උන්ගේ ගෝලයින්ට

  3. Ceylon says:

    No no no no way. Only gota….

  4. ketawala says:

    ammo epa ..ape awasanya gotabaya ho mahinda ..kauda chande denne basilta

    • B.Liyanage says:

      බැසිල් මහතාට වඩා ගෝඨාබය මහතාට ජනතාවගේ ප්‍රසාදය වැඩියි. ඵ් බව අවධානයට ගන්න.

      • නීතිඥ වරුණ says:

        ඒක ඇත්තමයි. මිනිස්සු කැමතී ප්‍රජාතන්ත්‍රවාදී නොමැති ඒකාධිපතියන්ට. මොකද ඡන්දය දීලා තමන්ටම කේලෝ ගන්න පුලුවන් නේ?

  5. Luxman says:

    It not the individual but the policies and the character that matters. People are beginning to feel anyone is better than present corrupt, incompetent, lumpen and disjointed leaders

  6. Rohitha says:

    Kiyanna kese keewath ahanna sihibuddiyen aesiya yuthui nitharama mage aachchi amma kiyapu kathawak. undaeta witharawath avabodhayak may samaharunta nae nay!

  7. chris says:

    Mahinda Hitler Rajapaksha
    Basil Hitler Rajapaksha
    Gota Hitler Rajapaksha.
    Namal Hitler Rajapaksha.
    I like anyone of them.

  8. Devaka Jayasuriya says:

    බයියෝ මරා ගන්නවා හාමුලා වෙනුවෙන්. 😀 😀

  9. rathne says:

    If Gotabaya can’t run the presidency election because of his dual residency with USA, so how can Basil run the election?

  10. Xman says:

    BASIL is full of shit, If he contests even Ranil can win in UNP side.

  11. Gayantha says:

    Meya hariyanne nai. Gota hari chamal hari thamai sudusu. Ehema naittan wimal hari shiranthi nona hari danna ona.

  12. රටෙ එකා says:

    මහින්ද ඉල්ලුවොත් පරදිනවා. බැසිල් ඉල්ලුවොත් උඩින් පරදිනවා. ගෝටා ඉල්ලුවොත් චාන්ස් එකක් තියෙනවා.

  13. Hari says:

    POHOTTUWA UDA EDA GATHAMAN KOHOMADA

  14. sanda says:

    Everybody like Mr. Gotabaya Rajapakse. Some are scared for him due to remours published by Mongala. But this is time that Mr. Gota can clearly express his views to the nation. How he is going to rule the government. Law should be apply to everyone even to your family members equally. Underworld should be destroyed asap.

Main News