Exclusive : රෝහින්‍යා සරණාගත ගැටළුව ගැන සැගවුණු කතාව මෙන්න..

October 3, 2017 at 6:31 am | lanka C news
Exclusive : රෝහින්‍යා සරණාගත ගැටළුව ගැන සැගවුණු කතාව මෙන්න..

සැගවුණු අවශ්‍යතා වෙනුවෙන් රෝහින්‍යා සරණාගතයන් යොදා නොගත යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සැගවුණු අවශ්‍යතා වෙනුවෙන් රෝහින්‍යා සරණාගතයන් යොදා නොගනු…

එක්සත් ජාතික පක්‍ෂ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ හයබී‍්‍රඞ් ආණ්ඩුව පසුගිය වසර 2ක කාලය තුල පෙන්නුම් කර ඇත්තේ වැඩ කිරීමේ හැකියාවට වඩා වැඩ කිරීමේ නොහැකියාවයි. මේ නොහැකියාව වසා ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ට එල්ලවන අප‍්‍රසාදය විවේචන පසුගිය ආණ්ඩුව වෙත යොමු කරමිණි. එහෙත් ඉන් සිදු වන්නේ තමන්ගේ නොහැකියාව හා අදක්‍ෂකම තව තවත් ප‍්‍රදර්ශනය වීමක් බව ආණ්ඩුවට තවමත් තේරුම් ගොස් නැත. මෙලෙස පසුගිය ආණ්ඩුවේ ගිණුමට බැර කිරීමට ගොස් ආණ්ඩුව අනාගත් අලූත්ම සිද්ධිය රෝහින්‍යා සරණාගත ප‍්‍රශ්ණයයි.

මියන්මාරයේ රෝහින්‍යා සරණාගතයින් පිරිසක් කොළඹ ගල්කිස්ස ප‍්‍රදේශයේ රැදී සිටින බවට වාර්තාවීමත් සමග ඇතිවූ අවාසනාවන්ත සිද්ධියද නියමානුකූලව කළමනාකරණය කර ගන්නට ආණ්ඩුවට නොහැකි විය. උත්ගතවූ තත්වය විසදා ගැනීමට ඇති ප‍්‍රශස්ථම කි‍්‍රයා මාර්ගය වෙනුවට ආණ්ඩුව කලේ මේ සරණාගතයින් ප‍්‍රථමයෙන් ශී‍්‍ර ලංකාවට පැමිණියේ පසුගිය පාලන සමයේදී බව හුවා දක්වමින් කොලේ වසා කටයුතු කිරීමය.

මෙම සරණාගතයින් මුලින්ම මෙරටට පැමිණියේ අපගේ ආණ්ඩු සමයේදී බව සත්‍යයකි. ඒ අවස්ථාවන් වලදී අප කටයුතු කර ඇත්තේ ජාත්‍යන්තරව ඇතිකරගෙන තිබෙන සම්මුතීන් හා එකගතාවයන්ට අනුවය. එනම් ඔවුන් භාරගෙන සරණාගතයන් පිලිබද මහ කොමසාරිස් කාර්යාලයට භාර දීමය. එම ආයතනය මගින් ඔවුන් කණ්ඩායම් වශයෙන් වෙනත් රටවල් වලට යැවීම සිදු කරන ලදී. එහිදී කිසිවෙකු මේ සරණාගතයින්ට විරෝධය පල නොකර බව ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශකයෙකු සදහන් කර තිබිණි. එසේ වූයේ අන් කිසිවක් නිසා නොව එවකට පැවති රාජපක්‍ෂ ආණ්ඩුව අනුගමනය කල සෘජු ප‍්‍රතිපත්තිය නිසාය. රාජ්‍යයක් ලෙස වෙනත් රාජ්‍යයක කටයුත්තකදී රාජ්‍ය තාන්ති‍්‍රකභාවය සුරකිමින් අන්තවාදීන්ගේ ඕනෑ එපාකම්වලට හසු නොවී කටයුතු කිරීමේ සෘජු ප‍්‍රතිපත්තියක් අපි අනුගමනය කලෙමු.
ගල්කිස්සේ දී රෝහින්‍යා සරණාගයින් පිරිසක් සම්බන්ධයෙන් ඇතිවූ තත්වය අපි අනුමත නොකරමු. එවැනි අවාසනාවන්ත තත්වයන්ට මග පෑදෙන්නේ ආණ්ඩුවේ වරදිනි. මේ පිරිස ගල්කිස්සේ රදවාගෙන සිටියේ කාටත් හොර රහසේය. අවම වශයෙන් ප‍්‍රදේශයේ පොලීසිය හෝ ඔවුන් පිලිබද දැනුවත්ව නොතිබිනි. එවැනි තත්වයක් තුල ජනතාව අතර මෙවැනි සැකයක් ඇතිවීම සාධාරණය.

මෙවැනි සැකයන් වඩාත් තිව‍්‍රර වන්නේ ගෙවී ගිය වසර 2ක කාලය තුල ආණ්ඩුවේ කියුම් කෙරුම් නිසාය. සු`ඵතරයේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන ආණ්ඩුවට මේ වන විට බහුතරයේ විශ්වාසය අහිමි වී තිබේ. පසුගියදා ඉදිරිපත් කෙරුණු පළාත් සභා මැතිවරණ සංශෝධනය ඊට ආසන්නම උදාහරණයයි. එහිදී හැටට හතලිහක්ව තිබූ මන්තී‍්‍ර අනුපාතය අවසන් මොහොතේ පනහට පනහක් ලෙස වෙනස් වූයේ ආණ්ඩුව අන්තවාදී කණ්ඩායම්වලට කප්පම් දුන් නිසාය. මෙම පනත පාර්ලිමේන්තුවේ සාකච්ඡ කිරීමට හරියාකාර අවස්ථාවක් ලබා නොදී ඉදිරිපත්ව තිබූ සංශෝධන අසූඑකම ප‍්‍රතික්ෂේප කර දමා මෙම පහත් කි‍්‍රයාව සිදු කෙරිණ.

ශී‍්‍ර ලාංකීය සිංහල බෞද්ධ ජනතාවට සහජීවන පන්ති පවත්වා ඉගැන්විය යුතු නැත. අතීතයේ සිටම ඔවුන් දෙමළ මුස්ලිම් ජනතාව සමග අනෙේ‍යා්න්‍යව එකිනෙකාට උදව් උපකාර කර ගනිමින් සහජීවනය යනු කුමක්දැයි ප‍්‍රායෝගිකව පෙන්නුම් කර ඇත. එක්සත් ජාතික පක්‍ෂය විසින් මෙහෙයවනු ලැබූ මැරයන් 1983 දී අහිංසක දෙමළ ජනතාව මරා දමමින් ඔවුන්ව මංකොල්ල කන විට ඒ අයගේ පිහිටට සිටියේ රටේ බහුතර සිංහල ජනතාව බව අතීතය මතක ඇති හැම දෙනෙකුම දන්නා කරුණකි. එසේම 1983 සිට 2009 වසර දක්වාම ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර වශයෙන් පීඩාකාරී ලෙස බැටකෑවේ 1983 දී සිදු කෙරුණු එම අන්තවාදී කි‍්‍රයාවලිය නිසාය. ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේද එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවයි. එසේ වුවද ඉන්පසු ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් කොතරම් දරුණු වුවද දකුණේදී සාමාන්‍ය දෙමළ ජනතාවට කිසිදු ලෙසකින් හින්සා කිරීමට සාමාන්‍ය සිංහල ජනතාව පොලඹවා ගැනීමට කිසිවකුට හැකිවූයේ නැත. ඒ ඇතැම් දේශපාලනඥයින් ජාතිවාදී වුවද බහුතර සිංහල ජනතාව එසේ නොවන නිසාය.

ඒ නිසා රෝහින්‍යා සරණාගතයින් ප‍්‍රශ්ණයද පසුගිය පාලන තන්ත‍්‍රය පිට දමමින් තම නොහැකියාව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක නියැලී සිටින ආණ්ඩුවට අප අවධාරණය කරන්නේ දැන් එවැනි කපටි ආරක්‍ෂක රංගනවලින් ජනතාව රැවටිය නොහැකි බවය. ඒ නිසා වහාම රෝහින්‍යා සරණාගත ප‍්‍රශ්ණය ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව විසදන ලෙසත් එම කි‍්‍රයා මාර්ගයන් විවෘතව ජනතාවට සන්නිවේිදනය කරන ලෙසත් ආණ්ඩුවට දැනුම් දෙන්නෙමු. එසේ නොකර ආණ්ඩුව හා ඔවුන්ගේ හාම් පුතුන්ගේ අවශ්‍යතාවයක් වන මෙරට සිංහල බෞද්ධ පදනම බිද දමන ව්‍යපාර සාර්ථක කර ගැනීම සදහා අසරණ රෝහින්‍යා සරණාගතයින්ගේ ප‍්‍රශ්ණය භාවිත නොකරන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිමු.

කෙහෙළිය රඹුක්වැල්ල – පා.ම.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් ප‍්‍රකාශක

13,240 Viewers

One Comment to “Exclusive : රෝහින්‍යා සරණාගත ගැටළුව ගැන සැගවුණු කතාව මෙන්න..”

  1. desta says:

    palayaw saudi arabiyata. apita hambayo arahan mehe unge gewal erapalla saudiyata allage walla hollanna

Main News