EXCLUSIVE : විශාකාව බිලිදි ඩොලර් බිලියනයක් ණය ගැනීම පිටුපස හිටපු මහ බැංකු අධිපති…

January 2, 2017 at 1:20 pm | lanka C news | ලංකා සී නිවුස්
EXCLUSIVE : විශාකාව බිලිදි ඩොලර් බිලියනයක් ණය ගැනීම පිටුපස හිටපු මහ බැංකු අධිපති…

ශ්‍රී ලංකාවට දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලුම සේවා සැපයිම අවශ්‍ය සියලුම කටයුතු සිදු කරනුයේ මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව Public Debt Department of the CB(PDD)SL හරහාය. මුදල් නීති පනතේ 113 වගන්තිය ප්‍රරකාරව දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලු කටයුතු මෙහෙයවනු ලැබිම සහ එහි වගකීම මෙම දෙපාර්තමේන්තුව සතුය. In terms of Section 113 of the Monetary Law Act, the Central Bank of Sri Lanka (CBSL) is responsible for the management of the public debt as the Agent of the Government.

රටේ නිතිය ඒසේ තිබියදී රජයට වහාම ඇ. ඩොලර් බිලියනයක් ණය ලබා ගැනිමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ආර් එච් එස් සමරතුංග විසින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් සම්බන්ධ කොට පුවත් පත් දැන්වීමක් පලකොට රුපියල් කෝටි 15000 ක් එනම් හම්බන්තොට වරාය විකුණා ගන්නා මුදලට සමාන ණයක් ලබා ගැනිමට පසුගිය සතියේ කටයුතු කලේය.

මෙසේ පුවත්පත් දැන්වීම් පලකලේ ඒ සඳහා නෛතික බලය හිමි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ CB(PDD)SL හරහා නොව, අඩුම වශයෙන් ණය අවශ්‍ය මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින්වත් නොව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ Department of External Resources හී සාමාන්‍ය අධ්‍යයක්ෂක වරියක් වන විශාකා අමරසේකර නමින් ය. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානනියා වන අධ්‍යයක්ෂක ජෙනරාල් ප්‍රියන්ත රත්නායක වන අතර අතිරේක අධ්‍යයක්ෂක ජෙනරාල් අජිත් අබේසේකර යි. මුදල් නීති පනතේ 113 වගන්තිය ප්‍රරකාරව එය සම්පූර්ණ නිතී විරෝධී කට යුත්තක් මෙන්ම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව සතු මූල්‍ය පරිපාලන බලය අවභාවිතයේ යෙදවීමකි.

මෙය හරියටම පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් ක්‍රියාත්මක කලයුතුව තිබු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට මසකට රුපියල් 7 බැගින් මාස 60 ක් සඳහා කුලි පදනම මත මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට ගත් උත්සහයට සමානය. එම යෝජනාවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පිලියෙල කොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා වෙත වගකීම පැවරීමට ගත් උත්සහය මෙනි. එම ලේකම් ඉතා අවංකව පලපුරුදු රාජ්‍ය සේවකයකු නිසා, ඔහු විසින් නිර්භීතව එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අත්සන් කිරිම ප්‍රතිකේෂ්ප කලේය. ඒ නිසා එය ක්‍රියාත්මක කිරීම අත් හිටුව්විම තුලින් රජයට සිදු වීමට ගිය විශාල මූල්‍ය හානියක් වලක්වා ගත්හ.

එහෙත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම ඇ. ඩොලර් බිලියනයක ජාවාරම පිටුපස සියලු කටයුතු මේ වනවිට සිදු කොට හාමාර බවත් ජනතාව නොමඟ යෑවිමට 2017 ජනවාරි 20 දින අදාළ පුවත් පත් දැන්වීමට අනුව එම ලංසු තැබිමේ ටෙන්ඩරය විවෘත කිරීමට නියමිත බවයි. මෙම ටෙන්ඩරය ද හිටපු මහා බැංකුවේ අධිපති විසින් තමා අධිපති කාලය තුල කුලුපගව සිටි මූල්‍ය ආයතනයක් හරහා තමා ගේ බෑනාගේ සමාගමට තැරව්කාරු ලෙස මෙම ගනුදෙනුවෙන් කොමිස් ලැබෙන පරිදි ආණ්ඩුවට ඇ.ඩොලර් බිලියනක ණය මුදල ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කොට ඇති බවයි.

මූලාශ‍්‍ර 01 02

28,413 Viewers

6 Comments to “EXCLUSIVE : විශාකාව බිලිදි ඩොලර් බිලියනයක් ණය ගැනීම පිටුපස හිටපු මහ බැංකු අධිපති…”

  1. පොදු මිනිසා says:

    මුන් රටේ කිසිම වැඩක් කරන්නේ නැහ තරගෙට වැඩි පොලියට ණය ගන්න එක විතරයි කරන්නේ.

  2. kamasiri Kuruwita says:

    හැත්ත බුරුත්තම කඹුරනවා නියතයි. රෝහල් ඇඳන් උඩ මර ලතෝනි දි දී දුක්විඳින හැටි මැවිලා පෙනෙනවා වගේ. ඒ වෙලාවට ඔය සල්ලි වලින් කරන්න පුළුවන් දෙයක් නැති බව තේරෙයි . ලෝකෙම දොස්තරලා ගෙනාවත් ඒ වින්දවිල්ල නම් නවත්තන්න බැරිවෙනවා සත්තයි

  3. Ranjith Amarasekara says:

    It is true,
    Sri Lanka has called proposals from banks to borrow one billion US dollar for up to three years, which lenders can provide a floating or a fixed rate, the Ministry of National Policies and Economic Affairs said.
    Interested international and domestic banks should make offers by January 20, 2017, with rates quoted being valid for the next two months.
    Banks investment houses should submit proposals in multiples of 50 million US dollars up to a maximum of 1000 million dollars.

  4. Adutor says:

    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා අනුම 2016 වසරේ මුල් මාස 8ක කාලය තුළදී පමණක් රජයේ සංස්ථා වාණිජ බැංකුවලින් කෝටි 8150ක ණය මුදලක් ලබාගෙන තිබේ.

  5. ජේ වී පී අහිංසක මලයා says:

    මුදල් වර්ෂයක් අවසානය ඕනම ආයතනයක් සියලු ගිනුම් කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගත්තත් රටේ මහා බැංකුව නත්තලට පස්සේ එනම් දෙසැම්බර් 27 හා 28 පිලිවෙලින් භාණ්ඩාගාර බැදුම්කර රුපියල් මිලියන 57000 ක් සහ භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 11500 ක් එකතුව රුපියල් බිලියන 68.5 ක් වෙන්දේසියේ අලෙවි කලේය.
    මෙහි වැදගත් කරුණ වනුයේ රටේ මෙන්ම පාර්ලිමේන්තුවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් හිටපු මහා බැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන් ගේ බෑනාගේ සමාගම පර්පෙචුවෙල් සමාගම ද මහා බැංකුවේ ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවේ නිරුපද්‍රිතව පෙනි සිටීමින් ආණ්ඩුවට නැවත වැඩි පොලියට මුදල් සැපයිමයි. .
    මේ අනුව පැහැදිලිව පෙනෙනුයේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය අති විශාල ලෙස දේශීයව වැඩි පොලියට ණය ලබා ගන්නා බවයි. ආර්ථික විශ්ලේශකයින් කැට තබා කියන්නේ අනිවාර්යයෙන්ම ලබන වසරේදී ශ්‍රී ලංකාව දැඩි මුල්‍යමය අර්බුදයකට ගමන් කරමින් සිටින බවයි

  6. gamage says:

    අනිවාර්යයෙන්ම අනාගත ආණ්ඩුවක් යටතේ හිරේ යන නෝනා කෙනෙක්.

Main News